ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබ සිටින යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදාවේ සිව්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් රැඳවුම් නියෝග ලබාදී නොමැති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඉකුත් 24 වැනිදා අත් අඩංගුවට ගත් මෙම සිව් දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන සිටින බවත් අද (27) පස්වරුව වන තුරු එම රඳවා ගැනීමේ නියෝගයට අත්සන් තබා නොමැති බවද දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුහු දැනට අත් අඩංගුවේ පසුවෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට රැක දුන්න අපේ රණ විරුවන්ට මෙහෙම කරන එක හෙන ගහන අපරාදයක්, යුද්දෙදි කොටියට කරගන්න බැරි වුන සමහර දේවල් දැන් ලස්සනට කරගන්නවා,යකුනේ මේක තේරුම් ගනිල්ලා, (බ)
දඩුවම් දෙන්නේ නැතුව තවත් ලිපි ගොනු එකතු කරන අය ඉන්නවා වගේ. ඒවා අතේ තියාගෙන ඉන්න අයටත් දඩුවම් දෙන්න ඕනේ ක්‍රමයක් ඉක්මනටම ඕනේ (නදී)
ජාතික ආණ්ඩුවේ පෙරමග සලකුණු (අ)
පළපුරුද්දත් හැකියාවත් වැඩි අයිතියත් අනුව ආරක්ෂක ලේකම් තනතුරට වඩාත් ගැලපෙන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැති තුමා. (බ)
ජාතික ආණ්ඩුවට මුවාවී පසුගිය රජය විසින් ජනතාවට එරෙහිව කරනලද ජඩ වැඩ යටපත් කරන්න ඉඩ නොදෙමු. (අ)
දැන්වත් ෆිඑල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාව පත් කරන්න.ලස්සනට නිතිය ක්‍රියාත්මක කරාවි.(ම)
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා තුමා තමයි සටන් බිම ඉඳලා සටන දිනෙව් වේ. ඔය කවුරු කවුරුත් යුද්දේ කාලේ විදෙස් ගත වෙලා පස්සේ කල් යල් බලලා පැරෂුට් වලින් බැහැපු අය. (අ)
මොකද කියලා හැමෝම දන්නවා (බ)
රඳවා ගැනීමේ නියෝගයට අත්සන් නොතබන්නේ කව්ද යන්න දැන් ජනතාව දන්නවා. (බ)
ඕකට බාධා කරන්නේ ආරක්ශක ලේකම් නේද? (බ)
පහුගිය ආණ්ඩුවේ අවතාර තවම රාජ්‍ය සේවය ඇතුලේ ඉන්නවා...(බ)
මේකේ අදහස් දක්වපු අයට නම් ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැන අපහු කියල දෙන්න වෙයි වගේ.. ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් අමාත්‍යංශයක ලේකම් ගේ වැඩේ කළොත් ඉතින් ෆීල්ඩ් මාර්ෂල් පට්ටමත් බල්ලට තමා (බ)
දැන් ජන්දය ඉවරයි නේද ? (ම)
කරුණාකරලා දැන්වත් ආරක්ෂක ලේකම් තනතුරට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැති තුමාව පත් කරන්න.දැනටත් ප්‍රමාද නැහැ. (බ)
මාෂල් සම්බන්ධද ? (බ)
ජනතාව සියල්ල පිලිබඳව දැනුවත්. නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම තමයි නුවනට හුරු. (නදී)
මේකද 17දායින් පස්සේ අපට ලැබෙනවා කිව්ව යුක්තිය. (බ)
යහපාලනය කරන්නේ මේ වගේ ලේකම්ලා එක්කද ? (අ)
මම කලිනුත් කිව්වා. මෙයාලි අහිසංකයි.ඉහළින් අාපු නියෝගයට ක්‍රියා කළා විතරයි. එකාව අල්ලන්න කියන්න (ම)
යට ගහමු, ආයේ ඡන්දයක් එන්න කාලයක් යනවානේ (අ)
මේ ලේකම් අයින් කරලා ෆිඊල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා පත් කරන්න වහාම. එතකොට අවශ්‍ය නියෝගය එතුමා අත්සන් කරයි (අ)
එක්නැලිගොඩ ගැන කතා කිරීමට පෙර ඔහුට තිබු චෝදනා මොනවද කියා සොයා බැලුවොත් වටී (බ)
තමාගේ අත්වල ලේ තැවරිණු අය බය නිසා මේ පරීක්ෂණ යට ගහන්න හදනව . ජනාධිපති තුමනි අවදියෙන් ඉන්න. (අ)
ෆීල්ඩ් මාෂල් තුමනි. මේ ඔබේ වාරයයි. මෙයට මැදිහත් වෙන්න. (අ)
ලොකු ලොක්කන් බලකරුවන් දෙපිල බෙදි සටන් කර ජනතාව පරද්දනවා. (අ)
අපි බලාපොරොත්තු වුනේ යහපාලනයක්. (ම)
යුක්තියේ නාමයෙන් අපි පෙලගැසෙමු. අවනීතියට සහයෝගය දෙන අය පන්නා දමමු. (නදී)
එක්නැලිගොඩ වෙබ් අඩවියකට ලිපි සපයන්නෙක් නේද ? (නදී)
ලසන්ත වික්‍රමතුංග ඝාතනයත් මේ විධියටම යට ගහන්න උත්සාහ කරයිද? (බ)
මේ විකාර වලටද යහපාලනය කියන්නේ. (අ)
මේ දෙපැත් නයා ඉක්මනින් මාරුකළොත් හොඳයි ෆීල්ඩ් මාර්ෂල් තුමනි වහාම මෙයට මැදිහත් වෙන්න (අ)
උපරිම දඬුවම් දෙන්න ගට ගහන්න හදනවානම් එයාලත් මේ මිනී මරුම්වලට සම්බන්ධ ඇති (අ)
යන විදියට යුක්තිය ඉටුවෙනයි කියා සිතන්න අමාරුයි. වන්දි මුදලක්වත් දෙනවා නම් හොඳයි (නදී)
ආරක්ෂක ලේකම් මිනීමරුවන් රකිනවද? අපිරිසිදු මිනිස්සුන්ගෙන් පිරුණු රටක පාලකයන්ගෙන් යහපාලනයක් බලාපොරොත්තුවෙන්න බෑ. (අ)
එක්නැළිගොඩ හමුදා බුද්ධි අංශ විසින් අල්ලන්නේ ඇයි?එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් රට පන්නන්න ගිහින් නේද?මම දකින්නේ කවුරු කලත් එය කාලීන අවශ්‍යතාවයක් බවයි.ඕපාදූප පලකරන වෙබ් අඩවියකට දේශපාලන ඕපාදූප ලිව්ව කෙනෙක්ට ජාතික ආරක්ෂාවට තර්ජනයක් කරපු පුද්ගලයෙක් මහා ජනමාධ්‍ය වේදියෙක් ලෙස සලකා කටයුතු කළ යුතුද? (බ)