ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට මුලතිව් හමුදා කඳවුරක සිටියදී අත් අඩංගුවට ගත් මාණ්ඩලික සැරයන්වරයෙක් අද (18) හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට මුලතිව් හමුදා කඳවුරක සිටියදී අත් අඩංගුවට ගත් මාණ්ඩලික සැරයන්වරයෙක් අද (18) හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාලි, ඔබ ලිවුයෙන් මම නොලියමි (නි)
කවුරු කළත් වරද වරදමයි (නි)
මෙහෙම ගියොත් හිර ගෙදර ඇතුලේ පන්සලුයි ආමි කෑම්ප් එහෙමයි දාන්න වේවි.(හේ)
ඉදිරියට තව මොන මොන දේවල් සිදුවේවිද? (නි)
හමුදාව රසායනික අවි භාවිත කළා කියල ජිනීවා වලදී කියපු එක්නැලිගොඩ මැතිනියව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නේ නැත්තේ ඇයි. (අ)
බුද්ධි අංශයේ කියලා, තව කෙනෙකුගේ උවමනාවට මිනීමරලා ලිහිලක් දෙන්න නීතියෙන් ඉඩක් නැත. නීතියෙන් නියම දඩුවම් දියයුතුයි, ඉදිරියේදී මෙවැනි දේ නොකරන්න (නි)
සාලි, තමන්ගේ නොදන්නාකම ප්‍රදර්සනය කරන්න එපා. හමුදා සාමාජිකයෙකු වීම යනු නීතියට ඉහළින් ඉන්න දෙන ලයිසන් එකක් නොවේ. (නි)
මේ අත් අඩංගුවට ගන්න එක් යුද හමුදා සාමාජිකයෙකු වත් ඔය කියන ඊනියා මාධ්‍යවේදියා සමග පෞද්ගලික අමනාපකම් තිබුනු අය නෙවෙයි. ඔවුන් කරල තියෙන්නෙ රාජකාරිය. ඒ නිසා එහිදී යම් වරදක් සිදුවෙලා තියෙනව නම් ඊට වගකිව යුත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. (බ)
නිල්හාන් ඔය හොඳ සී අයි ඩි එකට... ඔයා හරියටම දන්නවනේ බුද්ධි අංශ වල ඉන්නේ කව්ද කියලා. තාම ඔය කිසි දෙයක් ඔප්පු වෙලා නැහැ, මාධ්‍ය සංදර්ශන තමා. මේ නිසා වෙන්නේ එක දෙයක් ජාතික ආරක්ෂාවට සිද්ද වූ ගොඩක් දේවල් එලියට එන එක. රටක් විදියට ඒක හොද දෙයක් නෙමේ. (ර)
නාමල් ගේ කතාව හරියටම හරි. (බ)
මෙන්න යහපාලන අනුග්‍රහය යටතේ නැවතත්.... (නි)
මේ රටේ ඕනිම පුරවැසියකු මොන තරාතිරමේ වුනත් නීතියට විරුද්ධව යමක් කළොත් දඬුවමට යටත් විය යුතුම වෙනවා. (බ)
මේක පුදුම දෙයක්නේ. මෙහෙම ගියොත් මුළු හමුදාවම හිර කරවී. (බ)
නිම්මි, ඒක හරි. 2002දි වුණ දේවල් වල හැටියට දැන් මේ කීප දෙනෙක් මොකද්ද? තවම පටන් ගත්තා විතරයි (නි)
සැකපිට ඇත අඩංගුවට ගන්නේ. නිර්දෝෂී නම් නිදහස් වෙයි (ම)
කොළඹ බෝම්බ පුපරන විට හා කටුනායකට එල්ටීටීය පහරදෙන විට ඊට මුහුණ දුන් හමුදා සාමාජිකයන්ට සළකන ආකාරය හා ඒවා කිරීමට මුදල් ගෙන කොටින්ට උදව් කළ අයට සළකන ආකාරය හරි පුදුමයි.(ම)
අනේ ඕව ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මීට කලින් බුද්ධි අංශ නිලධාරීන්ටත් මෙහෙම වුණා 2002. (බ)