ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර නොවැම්බර් මස 11 වැනිදා ඩුබායිහිදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ කඩුලූ රකින්නා ලෙස යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා එක්දින පිලේ නිත්‍ය කඩුලූ රකින්නා ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර පිතිකරුවකු ලෙස ක‍්‍රීඩා කිරීමට නියමිතය. චන්දිමාල් මීට පෙර එක්දින තරගවලට සහභාගි වුවද සංගක්කාර කඩුලූ රකින්නා ලෙස කටයුතු කළේය.
චන්දිමාල් මේ වන විට එක්දින තරග 12 කදී ශතක දෙකක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 348 ක් රැස්කර තිබේ.
එක්දින තරගාවලියට උපුල් තරංග, ශාමින්ද එරංග, සීකුගේ ප‍්‍රසන්න සහ ජීවන් මෙන්ඩිස් යන ක‍්‍රීඩකයන් සිවුදෙනාගෙන් තිදෙනකු ඩුබායි බලා සිටත්ව යෑමට නියමිතය. ටෙස්ට් තරගාවලියෙන් පසුව තරංග පරණවිතාන, ළහිරු තිරිමාන්න සහ චානක වෙළගෙදර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
545
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එක්දින කඩුල්ල පිටුපසට චන්දිමාල් එයි ?