IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘එකට එක්වී ඉදිරියට යමු‘

 මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කිරීමේ පැතුම සපුරා ගැනීමට සියලු මන්ත්‍රීන්ගේ හා පක්ෂවල සහාය දෙන්නැයි ද, අප ජීවිත කාලයේ දී රටට කළ හැකි හොඳම සේවය එය යැයි ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

‘ජාතික ආණ්ඩුව සාර්ථක නම් රටත් සාර්ථකයි. අසාර්ථක වුණොත් මහජනයා අප ගැන කලකිරෙයි. අප කළ යුත්තේ නොබියව, නොපැකිළිව ඉදිරියට යෑමයි. එය අමාරු කාර්යයක් නොවෙයි. අවශ්‍ය වන්නේ රටට මහජනයාට සේවය කිරීමේ කැමැත්ත පමණයි.

අප සියලු දෙනාම එකට එක් වී ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බව ජනාධිපතිතුමාත් කියනවා. එක්සත් ජාතික පක්ෂයත් ඊට එකඟයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඊට එකඟ වුණා. රටක ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාවගේ දියුණුව අභ්‍යන්තර හා අන්තර්ජාතික සහයෝගය ලබා ගත හැකි වනුයේ එවැනි පිළිවෙතක් අනුගමනය කරවීමෙන් පමණයි.

මැති ඇමැතිකම්වලට අමතරව පාර්ලිමේන්තු කාරක සභා, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිපදවිවලින් ද, අලුතින් පිහිටුවීමට යන විධායක සභා මගින් ද, රටට සේවය කිරීමේ අවස්ථාව  අපට උදා වෙනවා.

 



අදහස් (0)

‘එකට එක්වී ඉදිරියට යමු‘

දුමින්ද Saturday, 05 September 2015 03:20 AM

ජාතික ගැටලු වලට ජාතික සම්මුතියක් අවැසිය (නි)

:       0       0

ප්‍රසන්න Friday, 04 September 2015 02:50 PM

ඔබ තුමාගේ පැතුම ඉටුවේවා.පහුගිය සැරේ වගේ 02 කෙන් ගෙදර නොයා. (අ)

:       0       0

සමන් Friday, 04 September 2015 03:25 PM

ඔව් යන් යන් (අ)

:       0       0

නිම්මි Friday, 04 September 2015 04:33 PM

හොඳයි. අපිත් කැමතියි (නි)

:       0       0

නිශාන්ත Friday, 04 September 2015 06:10 PM

ඔබගේ දැනුම සහ පරිණතබව රටට සුබ ඵල ගෙන ඒවි.ජය වේවා (නි)

:       0       0

අනිල් Friday, 04 September 2015 08:32 AM

එකට එකතු වී බෙදා හදා ගමු. (අ)

:       0       0

යාපා Friday, 04 September 2015 10:25 PM

හොඳ කතාවක් (නි)

:       0       0

රොහාන් දයාදර Friday, 04 September 2015 08:43 AM

ජයවේවා ..ජයවේවා ..ජයවේවා ..!! (අ)

:       0       0

වයිකෝ Friday, 04 September 2015 08:54 AM

එතකොට අවුරුදු පහක් කොහොම හරි ඉන්න පුළුවන් (අ)

:       0       0

රෝහාන් Friday, 04 September 2015 09:38 AM

එක් නූනොත් ඔබට අගමැති වෙන්න බැහැනේ. අද සන්ධාන මන්ත්‍රීවරු වහලුන් කරගෙන කතාකරන්නවත් ඔබලා ඉඩ දෙනවද හැමදේම දැන් හොදට තේරෙනවා, ජාති ආගම් අනුව රට වෙන් උවහොත් අන්න එදාට එකට එක් ව් එදිරියට එන බව කයන්න කැමැති (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site