මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කිරීමේ පැතුම සපුරා ගැනීමට සියලු මන්ත්‍රීන්ගේ හා පක්ෂවල සහාය දෙන්නැයි ද, අප ජීවිත කාලයේ දී රටට කළ හැකි හොඳම සේවය එය යැයි ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
‘ජාතික ආණ්ඩුව සාර්ථක නම් රටත් සාර්ථකයි. අසාර්ථක වුණොත් මහජනයා අප ගැන කලකිරෙයි. අප කළ යුත්තේ නොබියව, නොපැකිළිව ඉදිරියට යෑමයි. එය අමාරු කාර්යයක් නොවෙයි. අවශ්‍ය වන්නේ රටට මහජනයාට සේවය කිරීමේ කැමැත්ත පමණයි.
අප සියලු දෙනාම එකට එක් වී ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බව ජනාධිපතිතුමාත් කියනවා. එක්සත් ජාතික පක්ෂයත් ඊට එකඟයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඊට එකඟ වුණා. රටක ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාවගේ දියුණුව අභ්‍යන්තර හා අන්තර්ජාතික සහයෝගය ලබා ගත හැකි වනුයේ එවැනි පිළිවෙතක් අනුගමනය කරවීමෙන් පමණයි.
මැති ඇමැතිකම්වලට අමතරව පාර්ලිමේන්තු කාරක සභා, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිපදවිවලින් ද, අලුතින් පිහිටුවීමට යන විධායක සභා මගින් ද, රටට සේවය කිරීමේ අවස්ථාව අපට උදා වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ගැටලු වලට ජාතික සම්මුතියක් අවැසිය (නි)
ඔබ තුමාගේ පැතුම ඉටුවේවා.පහුගිය සැරේ වගේ 02 කෙන් ගෙදර නොයා. (අ)
ඔව් යන් යන් (අ)
හොඳයි. අපිත් කැමතියි (නි)
ඔබගේ දැනුම සහ පරිණතබව රටට සුබ ඵල ගෙන ඒවි.ජය වේවා (නි)
එකට එකතු වී බෙදා හදා ගමු. (අ)
හොඳ කතාවක් (නි)
ජයවේවා ..ජයවේවා ..ජයවේවා ..!! (අ)
එතකොට අවුරුදු පහක් කොහොම හරි ඉන්න පුළුවන් (අ)
එක් නූනොත් ඔබට අගමැති වෙන්න බැහැනේ. අද සන්ධාන මන්ත්‍රීවරු වහලුන් කරගෙන කතාකරන්නවත් ඔබලා ඉඩ දෙනවද හැමදේම දැන් හොදට තේරෙනවා, ජාති ආගම් අනුව රට වෙන් උවහොත් අන්න එදාට එකට එක් ව් එදිරියට එන බව කයන්න කැමැති (අ)