රුපියල් එක්කෝටි දාහතර ලක්ෂ අනූ අට දාස් දෙසිය විසි දෙකක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන් මල්ලේ සඟවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි විදුලි උපකරණ ව්‍යාපාරිකයෙකි.
ඔහු ලඟ තිබී අත් අඩංගුවට ගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් අසූපන්දහසකි.
සැකකරු සිංගප්පුරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා යාමට පැමිණ සිටියදී අද අළුයම 1.20 ට පමණ අත් අඩංගුවට ගෙන තිබේ.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ අධී්කෂණය යටතේ රේගු අධිකාරී ගාමිණී කරුණාතිලක, සහකාර රේගු අධිකාරීවරුන් වන නිලාන් ලංකා, චතුර අබේසිරිවර්ධන, තිලංක සමරවීර සහ දිමුතු ධනංජනී යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට විදේශ ශ්‍රමිකයන් අරන් එන විදේශ විනිමය බැංකු හරහා නීත්‍යානුකූලව මාරු කරහම ලැබෙන්නේ අඩු රේට් එකක්. පුද්ගලික විදේශ මුදල් හුවමාරු ස්ථාන වලින් වැඩි රේට් එකක් ගෙවනවා. ලංකාවට එන විදේශ මුදල් වලින් විශාල කොටසක් මේ විදිහට රටින් පිට වෙනවා. විදේශ මුදල් ගෙන එන ශ්‍රමිකයන් නිතියානුකුල විදහට මුදල් මාරු කර ගැනීමට ආකර්ෂණය වන පරිදි ලකුණු දීමේ ක්‍රමයක් සකස් කර ඔවුන්ට තීරුබදු රහිත මිලට වාහන, මෝටර් බයිසිකල්, ත්‍රිරෝධ රථ ගන්න සහ රාජ්‍ය බැංකු වලින් නිවාස, ව්‍යාපාර නය ගැනීමේදී එම ලකුණුවලට ප්‍රමුකත්වය දීමේ ක්‍රමයක් සකස් කලොත් ජනතාව අඩු මිලක් ලැබුනත් මෙම මුදල් බැංකු වලින් මාරු කිරීමට පෙලඹෙනු ඇත. එවිට මෙම පිටරටවලට ඇදී යන කළු සල්ලි රටේ සංවර්ධනයට යොදා ගත හැක. මේ ප්‍රශ්නය පිලිබඳව මම ලංකාවේ බලධාරීන්ට අවරුදු 5 පමණ සිට විටින් , විට ලිපි ලිවුවද කවුරුත් මේ පිලිබඳව සැලකිලිමත් වෙන බවක් පෙනී යන්නේ නැත. මෙමගින් අපේ රටට වසරකට ඩොලර් බිලියන ගණනාවක් අහිමි වේ (නදී)
බිරි අලින්ට විණා ගැහැව්වට වැඩක් නැහැ සිල්වා මහත්තයා.(ම)