‘ලංගමයට තිබෙන්නේ ධාවනය කළ හැකි බස් රථ 6000යි. සේවකයින් 36000ක් ඉන්නවා. එක් බසයකින් 6 දෙනකුට පඩි ගෙවන්න ඕනෑ. රුපියල් 2,24,000ක් පමණ පඩි ගෙවන්න දිනකට මුදල් හොයන්න ඕනෑ‘ යැයි ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද නාරාහේන්පිට ශාලිකා ශාලාවේ දී බස් සේවකයන්ට පාරිතෝෂික ලබාදීමේ උත්සවයකට එක්වෙමින් පැවසීය.
‘ලංගමයෙන් ලාබ ලැබීම කෙසේ වෙතත් වියදම පියවාගන්නවත් මුදල් හොයාගන්න ඕනෑ‘ යැයි ද ඇමැතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලංගමය නම් නැතිකරන්න එපා. (නි)
වරින් වර පත්වෙන ඇමති වරුන්ට ලංගමය ගැන නිසි අවබෝධයක් ලබා ගන්න උවමනාවක් නැහැ.උදා : බලන්න සෑම ඩිපෝවකම බස් පාවිච්චි කරන විදිය නඩත්තුවෙන් තොරයි. ඉතින් ඉක්මනට විනාශ වෙනව.හැබැයි සමහර රියදුරු කොන්දොස්තර වරුන් තමන්ගේ අතිනුත් වියදම් කරගෙන තම රථය මනාව රැක ගන්නව ඵ්ක ඩිපෝ කලමණාකරුට කරන්න හැකි දෙයක් නෙවි.නමුත් ඵහෙම සේවකයන්ට දිරිමත් වෙන්න පරිපාලනය වශයෙන් ඩිපෝ මට්ටමින් වැඩ පිළිවෙලක් සකසන්න ඕන. ඵ් මෙලෙසයි ඵක් බස් රථයකින් දිනකට ලැබිය යුතු ආදායම හැමදාම ඩිපෝවට ගේන,නොකඩවා මාසිකව තම රථය ධාවනය කරවන ( මෙවැනි සේවකයින්ගේ රථ නිසි අමතර කොටස් යොදා අථත් වැඩියා කරදිම ඩිපෝ අධිකාරිගේ යුතුකමකි ) සේවකයින්ගේ මාසික අර්ථ සාධක මුදල් නිසි පරිදි අරමුදල වෙත කපා යවා මෙලෙස සේවය කරන නිලධාරින් දිරිමත් වෙන්නට දැන්විම් පුවරුවේ ප්‍රදර්ශනය කල යුතුය. තවද මෙරටට ගැලපෙන යෝග්‍ය තාක්ෂණයෙන් යුතු මෙරට බොඩි සකසන ලද බස් නැවත පුනරුක්ථාපනය කළ යුතුයි.ඵවිට ඉදිරි පරම්පරාවට ප්වා දැක ගත හැකියි.අප පොඩි කාලයේ දුටුව ලංගම බස් මතක් වනවිටත් අපට ආසා සිතෙයි. ඵවැනි බස් රථයක් අථ්ත්වැඩියා කර ධාවනය කල හැකිව තිබුනත් ශ්‍රී.ලං.ග.ම ගාල්ල ඩිපෝව විසින් මෑතකද ි වෙන්දේසි කොට තිබේ.මේවා ජාතික අපරාධ යැයි සිතේ.(හේ)
අනේ මන්ද ?(හේ)
රාජ්‍ය ආයතන අනවශ්‍ය සේවකයන්ගෙන් පුරවන්නෙත් ඔහෙලාම තමයි (ම)
මේ රටේ ඉන්න මිනිසුනුත් එක්ක ජනසතු ව්‍යාපාර පවත්වාගන යන්න බැහැ. වතු ජනසතු කලාම වතු ටික කැවා පමණක් නොවෙයි, ඒවා ප්‍රමාණයෙන් පුංචි වුනා. එයාර් ලංකා, විදුලිබල, ටෙලිකොම් ගැන කතා කරලා වැඩක් නැහැ. (ර)
ශ්රී ලංගම කියන්නේ ජාතික වස්තුවක්. ලබා ලබන ආයතනයක් නොවේ . පාසැල් සේවා, රාත්‍රී සේවා, දුෂ්කර ග්‍රාමීය සේවා පවත්වමින් ශ්‍රී ලංගම කරන්නේ අමිල සේවයක්. මෙය මුදලින් මැනිය හැක්කක් නොවේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට මහා භාණ්ඩාගාරය ලබා දෙන මුදල් ටික ශ්‍රී ලංගමට ලබා දෙන්නේ නම් සහ ශ්‍රී ලංගම කලමනකරිත්ය විදිමතව පවත්වාගෙන යන්නේනම් ඓය බස් රථ වලින් ගමන් අවශ්‍යතා සපුරා ගන්නා බහුතර ජනයට විශාල සේවයකි . (ර)
අනේ මන්දා! බස් 6000කින් දිනකට රුපියල් 2,24,000ක් හොයන්න බැහැ කියන එක පිළිගන්න පුලුවන්ද? එක බස් එකකින් දිනකට රුපියල් 37ක් හොයන්න බැරිනම් ඒක පරිපාලනයේ දුර්වලකමක් මිස වෙන මොකක්ද. (නි)
මොවුන් කරන රැකියාවේ හැටියට මේ වැටුපත් මදි (නි)
හැටේ දශකයේදි නම් තිස්පහක් හිටියා කියලා මතකයි (නි)
මේ අය තමා නියම ජනතා සේවකයන් ,කියන්න කණගාටුදායකයි ,දැන්නම් ලංගම ,සේවක යන්ගේ විනය අන්තිමයි ,අනික ලංගම ලබා ලැබිය හැකි ආයතනයක් බව කටත් තේරෙනවා නමුත් මේතුල සිදුවන හොරකම් වංචා ,ගසාකෑම්,කොමිස්ගැහිලි,වාහා නතර කළ හැකිනම්,හා , අනික අතිරික්ත සේවකයන් ඉවත් කලයුතු බවත් ය එසේ නැතිව ලංගම වල පල්ලට යාම නතර කල නොහැක ,(හේ)
දේශපාලන පත්වීම් දීලා තියෙන්නෙත් ජනතාවටමනේ. දුන්නේ නැත්නම් ඒ ජනතාවම තමයි දෙන කෙනාව පත් කර ගන්නේ. මිනිස්සු තමන්ට වැරදි විදිහට හරි සලකන දේශපාලනඥයාට ඡන්දේ දීලා යවනවා. දේශපාලන පත්වීම් ගැන කෑ ගහන්නේ තමන්ට හම්බවෙනකන් විතරයි. (බ)
ලංගමය ලාබ ලබන්න බැහැ කියන්නේ බොරුවක්. බලන්න පෞද්ගලික බස් හිමියන් ළග තියෙන බස් ප්‍රමාණය. තනි බසයෙන් පටන්ගෙන අද වෙනේ කොට බස් 5 හෝ 6 තියෙන බස් හිමියන් වැඩි ගණනක් ඉන්නවා. පරිපාලනයේ තියෙන දැනීම් නැති එක ලොකු ප්‍රශ්නයක්.සුදුස්සන් පත් කරන්න. යටි මගඩි වැඩ නවත්වන්න (බ)
ලංගමත් දුම්රිය දෙපාර්තමේන්තුවත් ඔය අවාසනාවන්ත තත්වයට පත්කරන ලද්දේ සේවකයන් විසින් නොව පහුගිය කාලයේ ඕවා තමන්ගේ පුද්ගලික දේපොළ ලෙස සිතාගෙන කටයුතු කළ දේශපාලඥයින් විසිනි. (නි)