හිටපු ඇමැතිවරයකුගේ පුතකු වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ පළාත් සභා මන්ත්‍රීවරයකුගේ පුතකු අතර කොළඹ සුපිරි හෝටලයකදී ගුටිබැට හුවමාරුවක් සිදුවී ඇතැයි කොල්ලුපිටිය පොලිස් ආරංචි කියයි.
කාන්තාවක් උදෙසා මේ ගැටුම ඇති වූ බව කියති.
ගුටි හුවමාරුවෙන් පසු දෙදෙනාම කොල්ලුපිටිය පොලිසියට ගොස් ඇති අතර එහිදී දෙදෙනාටම වෙන ලැජ්ජාව නිසා පැමිණිලි සටහන් නොකරම සමාදාන වීමට දෙදෙනාම කැමැත්ත පළ කර තිබේ.
ගුටි බැට හුවමාරුව අතරතුර හෝටලයේ දේපොළවලට රුපියල් දස දහසක පමණ අලාභයක් සිදුවී ඇති අතර එම මුදල ගෙවන ලෙස හෝටලය ඔවුනට දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනයක් හික්මීමක් නැති මෙවැනි නිශාචරයන් නායකයන් ලෙස පත්කරගැනීමට තරම් මෝඩයෝ ඉන්න රටක් ලංකාව.(හේ)
ලැජ්ජාවේ බෑ.(හේ)
අනේ මෙහෙමත් මිනිස්සු. පව් රටේ ජනතාව. (ර)
මහජන ඡන්දෙන් පත්වෙචච මේ අයගේ පුතුන්ට කොහින්ද මෙතරමට හයිය.? (ර)
මැති ඇමති වරුන්ගේ සහ ප්‍රාදේශීය සැභා මන්ත්‍රී වරුන්ගේ පුතුන් බහුතරයක් එකල මෙවැනි කටයුතු තරු 5 හොටෙල් වල ජනතාව ගැවසෙන තැන්වල කළා , රජය වෙනස් උන නිසා අපි සිතුවේ ඒවා හමාරය කියා , නමුත් ඒවා අදත් ඇති වෙනවා , මන් සිතන්නේ හේතුව කලින් වෙරදී කල ඇමති පුතුන් හට නිසි දඬුවම් නොදීමෙන් , අනික් අයටත් බිය සැක නැති බවය. (ර)
මේ බඹරුන්ගේ වියදම් පියවන්න ඡන්ද දායකයෝ ඉන්න නිසා ප්‍රශ්නයක් නැහැ.. (ර)
ජනතා මුදල් වලින් මේ විකාර මේ රටේ පමණයි. ඔස්ට්‍රේලියාව අපේ තරම් ජනතාවක්, නමුත් අපට වඩා 16 ගුණයකින් සල්ලි වලින් පෝසත්. ඉහල දේශපාලකයෙක්ට වයින් බෝතලයක් තෑගී ලැබුණු නිසා ගෙදර යන්න උනා. මේකෙන් කියන්නේ සිවිල් සමාජය අපිට වඩා 160 ගුණයකින් ආකල්ප වලින් පෝසත්. ඒකයි දේශපාලකයන්ට නටන්න බැරි. (ර)
ඇමති තාත්තලත් රොන් ගන්න යන එකේ පුත්තු ගියාම මොකද වෙන්නේ.... වෙනසකට තියෙන්නේ තාත්තලාගේ කෙරුවාව එලි නොවන එකයි. (ර)
සිද්ධිය සමතයකට පත් කර ගත්ත එක නම් හොඳයි.(හේ)
මැති ඇමති පුතුන් වුනාම පුවත නිර්නාමිකයි.(හේ)
කෙසේ වෙතත් ඔවුන් අත්අඩංගුවට ගත්තා නම් පොලිසියට මාරුවක් නියතයි (අ)
මේ අයගේ නම් හෙලිකලයුතුය. (ර)