අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහට අමතරව එම ධුරය සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා පත්කර තිබේ.
ඔහු අද (6) උදෑසන එම ධූරය බාරගත්තේය.
මෙම නව පත්වීම පිළිබඳව හෝ තමාට ධුරයෙන් ඉවත් කළ බවට හෝ ඉල්ලා අස්වන ලෙස හෝ අමාත්‍යාංශයෙන් කිසි`දු දැනුම්දීමක් නොකළ බවත් තවත් අයෙකු පත් කරන බව හෝ දැනුම් නොදුන් බවත් වෛද්‍ය නිලංග සමරසිංහ මහතා කියයි.
තමා ධුරයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් ඇත්නම් එවැනි අවශ්‍යතාවයක් තිබිය යුත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පමණක් බව ද ඔහු පවසයි.
මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව, රේගුව ආදී සියලූ අංශ සම්බන්ධ කරගත් විශේෂ සැලැස්මක් තමා මේ වන විට සකස් කර එය අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන බව කී ඒ මහතා එය ක‍්‍රියාත්මක වනවාට බියේ තමා ඉවත් කරන්නට ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ සමාජයක් සඳහා දඟලපු අය කොහේ ගිහිල්ලද කතා නැත්තේ? (නි)
අයියෝ! මේ මොනවද වෙන්නේ? (නි)
යහපාලනයනේ මහත්තයෝ දැන් තියෙන්නෙ. එනිසා ඕවා ගණන්ගන්න එපා. (නි)
යහපාලනයෙන් ජනතාව ඉවත්වන වැඩකරන්න එපා. (ම)
සිරිසේන හේරත් මහතා අවංක නිලධාරියෙක්. අපිට ප්‍රශ්නය ඔහු නෙමෙයි, ඔහු පත්කළ ආකාරයයි (නි)
දැන් යහපාලනයට ජයවේවා කියපු අය මොකද කියන්නේ? (නි)
ජය වේවා (ම)
සමරසිංහ මැතිතුමනි ඔබ තුමා ඔය පදවියට කොතරම් ගැලපුනත්, අපේ දේශපාලකයන්ට ගැලපෙන්නේ නැති පාටයි.(ම)
යමපාලන ආණ්ඩුවත් ගෙදර යවන්න පෙළ ගැසෙමු (බ)
අබුද්දස්ස කාලයක්ද මන්ද? (බ)
ඔය තියෙන්නේ යහ පාලනය! (ම)
කලින් අය කරපු දේම කරනවා. යහපලානේ අවසානේ.(ම)
ඔබ තුමාට තේරෙනවා නේද යු න් පී කාරයන්ගේ හැටි . ඕක තමයි වේදිකාවට ගොඩ වෙන්න එපා කියල කිව්වේ (ම)
සිරිසේන ඉස්සර කාලේ කුඩු ජාවාරම්කාරයෝ, එතනෝල් කාරයෝ කියපු අයට දැන් දීල තියන තනතුරු වලින්ම පේනවා ඒවා ඔක්කොම බොරු සන්දර්ශන බවත්, එවැනි ජාවාරම් වලට රාජ්‍ය අනුග්‍රහය දැන් වෙනදාටත් වඩා තියන බවත්. (බ)
අන්තරායකර ඖෂධ පාලනයට පොලිස් නිලධාරියෙක් පත්කරන විට නීතිය හා සාමය සුරෑකීමට වෛද්‍ය වරයෙක් පත්කරමු. (බ)
එක කිරුළක් පළඳින්නට බෑ, එකම සිහසුනේ ඉන්නට බෑ. සුලෝචනා, අපි දෙදෙනාටම එක රජ දහනක රජ වෙන්නට බෑ. (සමාවෙන්න අමරා රණතුංග මහත්මියනි). මේවා දැක්කාම සින්දු කියවෙනවා නෙවෙයි සින්දු කටෙන් පිටවෙනවා.(ම)
ආණ්ඩු මාරු වුණාට කුඩුකාරයෝ කස්සිපුකාරයෝ සුදුකාරයෝ ටික තාම රජකරන බවට හොදම සාක්ෂියක් (ම)
රජයට ඕන විදියට වැඩ කරන යටහත් පහත් නිලධාරියෙක් පත්කරගන්න ඕනවෙලා වගේ (බ)
ඕක මොකක්ද ..අපේ ගමේ ගෙදරක අය්යටත් මල්ලිටත් එක භාර්යාවක් ඉන්නේ ..හරියට එක පුටුවට චෙයාමන්ලා දෙන්නෙක් වගේ ..(බ)
හැබැටම මේ රටට මේ මොනවද වෙන්නේ. දෙවියෝ කෝප වෙලා වාගේ.(ම)
දැන් දැන් සිරිසේනලා පැටවූ ගහනවා වගේ...අනේ මන්ද..(බ)
මහත්මයාණෙනි, ඔබතුමා නිවැරදි බව මොලය කලඳක් හරි තියෙන ඕනෑම මනුෂ්‍යයෙකුට වැටහෙනවා....ඔබගේ ජිවිතයට සුළුවෙන් හරි තර්ජනයක් ඇතැයි සිතන යම්කිසි සිදුවීමක් වුනොත් දෙවියන්ගේ නාමයෙන් ..මේ අවිචිය හැරදාලා යන්න. මොකද ඔබ වැනි වටිනා මිනිසුන් මේ ලෝකයේ යහපත් රටවලට අවශ්‍යය නිසා.ඔබ තුමා මැවූ ඒ සුන්දර සිහිනය කවමදාවත් අපේ රටේ සැබෑ වන්නක් නොවෙයි..ඔබතුමාත් අසරණයි ...ඊටත් වැඩිය අපිත් අසරණයි ..(බ)
සඳරුවන්ගේ කතාව හරි , අනේ අර අපේ හාමුදුරුවන්ට මොනවා හිතෙනවද දන්නේ නැහැ (ම)
1980 ගණන් වල බලපු ජයලත් මනෝරත්න මහත්තයා , හදපු "ද්විත්ව " කියන නාට්‍ය මතක් වුනා . එකේ කියන්නේ රටේ සැබෑ බලය තියෙන්නේ අපි ඡන්දෙන් පත් කරන දේශපාලකයෝ අත නෙමෙයි , උන් වෙනුවෙන් වියදම් කරන , හොර තක්කඩි සල්ලිකාරයෝ අත කියන එක . මේක ඒකට හොදම උදාහරණයක් , රටේ වෙනසක් ඇති කරන්න ඕනේ කියලා ජනතාව පත් කරන දේශපාලකයෝ , බලේ ගත්තට පස්සේ හැසිරෙන්නේ , අර තක්කඩි කියන විදියට උන්ට කරදරයක් වෙන , උන්ගේ සාක්කුවට නොවැටෙන ඕනෑම රාජ්‍ය නිලධාරියකුට වෙන්නේ මේ ආනිසංසෙ තමයි අවසානයේ සැමදාම රැවටුනේ අහිංසක මිනිස්සු (බ)