IMG-LOGO

එක් දින සේවාව කප්පාදු කළැයි විරෝධය

ජාතික හැඳුනුම්පත සිංහල හා දෙමළ යන භාෂා වලින් අලූතින් නිකුත් කිරීම පසුගියදා සිට ආරම්භ විය.

අද උදෑසන සිට කොළඹ ජාවත්තේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට අති විශාල පිරිසක් රැස්ව සිටියේ එක් දින සේවාවෙන් තම හැඳුනුම්පත ලබාගැනීමේ අරමුණින්ය.

නමුත් උදෑසන 7.30ට පමණ වන විට අද දවසට නියමිත එක්දින සේවාව අවසන් යැයි පැවැසීමත් සමග ස්ථානය නොසන්සුන් වූයේ ඉතා දුර බැහැර සිට පැමිණි අසරණ සේවාදායකයින් රස්තියාදු කරවීම නිසාය.

ඔවුන් ගේට්ටුව ඉදිරිපිට කෑ කෝ ගසමින් කියා සිටියේ වෙනදාට එක් දින සේවාව දහවල් කාලය තුරුම ලබා දෙන බවත් අද දින පමණක් මෙසේ පෙරවරු 7.30ට එය නවතා දැමීම නිසා තමන් දැඩි අපහසුතාවයකට පත් වූ බවය.

පොලිස් නිලධාරීන් ද යොදා තත්ත්වය සන්සුන් කිරීමට උත්සාහ කළද දිගින් දිගටම ඔවුන් කියා සිටියේ තමන්ට සාධාරණයක් කරන ලෙසය.

 

 



අදහස් (0)

එක් දින සේවාව කප්පාදු කළැයි විරෝධය

නුවන් Tuesday, 11 March 2014 10:18 PM

රියදුරු බලපත්‍රයටත් සිංහල භාෂාව ඇතුළත් වෙනවනම් හොඳයි. (ස)

:       0       0

කමල් Tuesday, 11 March 2014 10:18 PM

මොනවා උනත් අසරණ ජනතාව පලි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1465 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 534 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site