
(අංජුල මහික වීරරත්න)
එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් ලංකා රජය පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවේ චීනයේ බීජිං නුවරදී පැවසීය.
චීන-ලංකා ජනාධිපතිවරුන් දෙදෙනා අතර නිල හමුවෙන් අනතුරුව අදහස් දක්වමින් ජනාධිපති අනුර දිසානායක මහතා මෙසේද කීය.
මහජන චීන සමූහ ආණ්ඩුවේ ආර්ථික, තාක්ෂණ,කාර්මික,යටිතල පහසුකම් මෙන්ම මානව සංවර්ධනය අතින් අත්කර ගෙන තිබෙන දැවැන්ත ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව බෙහෙවින් සතුටට පත් වෙනවා.ද්වි පාර්ශවික සහ බහු පාර්ශ්වික සංසද ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හිදී එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් අපේ රජය පෙනී සිටිනවා.
චීන සමූහාණ්ඩුව දශක කීපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර මෙම සංචාරය අපගේ රටවල් වල ජනතාවගේ අන්‍යෝන්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් බහු පාර්ශවික සහයෝගීතාවය ශක්තිමත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ගියේ අපිට මොනව හරි ඉල්ලගෙන එන්න. දැන් වෙන්නේ අපේ චන්දේත් චීන්නුන්ට දීලා එන්න. ඔයා සහ ලංකාව පාවිච්චි වෙනවා කියලා හිතෙන්නෙම නැද්ද අනුර? දායක සභාව සාදු කියන්න.."
සාකච්ඡාවලදි කොන්ද කෙළින් නම් අදහස පළකරන්න පහසු වේවි.....
"ඩබල් පොකට්, ඩබල් ගේම්. එක ප්‍රතිපත්තියක් නැහැ. අඳින්නේ ඩබල් පොකට්ද, ටයි කෝට්ද? හරි හැටියට කියපන්. කොහොමද හිටපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට මඩ ගහපු හැටි. මුන් කටින්ද පු... ද කතා කරන්නේ
තායිවාන වැසියන් කිසිවිටෙකත් කැමති නෑ කොමියුනිස්ට් චීනය සමග එක්වෙන්න.ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන තායිවානය කොමියුනිස්ට් චීනයට වඩා සිය දහස් ගුණයකින් සෑම අංශයකින්ම දියුණු පොහොසත් රටක්.ඔවුන් ඉලෙක්ට්‍රොනික තාක්ෂණික දැනුම චීන කොමියුනිස්ට් වාදීන්ට කිට්ටු වෙන්නවත් බෑ.ඒ දැනුම කොල්ලකන්න ඊට පසු ඒ දැනුමත් උපයෝගී කරගෙන ලෝකයම කොල්ලකන්න කොමියුනිස්ට් චීනා ගේ සැලැස්ම .ලංකාව කියන්නේ කොමියුනිස්ට් චීනාගේ සාක්කුවේ තියෙන රටක්.
ඕවා කියලා තායිවානය තරහා කරගන්න එපා
කයිය විතරමයි ඩබල් පොකට් මොලේ හිල්
පහුගිය සමයේ හොර කල්ලියක ග්‍රහනයේ සිටි සමහරක්ට ඔවුන්, තෙල් ටික, ගෑස් ටික නැතිව පෝලිම් වල සිටි යුගයත් ගෙදරට ගෙනාපු ගෑස් ටැංකිය පුපුරා ගිය බවටත් කිසිම මතකයක් නැතිව වගෙයි... මෙවැනි තත්වයක් උදා වුයේ එවකට සිටි පාලකයින් මේ රටට ලැබුණු ඩොලර් හොරාකා රුපියල් කොළ අච්චු ගසා බෙදා හැරීමෙන් බව මෙතන තප්පුලන අයට අවබෝධයක් නැතිව ඇති... හොරුන්ව ආරක්ෂා කිරීමට හොරු විසින් පත්කළ ජනාධිපති රට විකුණා, දුප්පතාට හැකි තරම් බදු ගසා මේ රටේ හිඟන්නන් සංඛ්‍යාව වැඩි කල බව දැන් අමතකයි වගෙයි... මේ රටේ ජීවත් වෙන්න බැරිව, පිටරටකට පැන ගන්න පාස්පෝර්ට් පෝලිම් වල දින ගණන් ලැග්ග හැටි දැන් අමතක වෙලා...රජාලට ආවඩමින් හතරගාතෙන් වැටී වැඳ වැටෙමින් කුරිරු පාලකයින්ට ආවඩන ජාන තියන එවුන්ට දැන් මාස දෙකක් ඉවසගෙන ඉන්න බැහැ නේද..?
මෙහි "එක් චීනයක්" වෙනුවෙන් කිසිම දෙයක් කියලා නෑ.
එක චීනයක් වෙනුවෙන් කයිවාරු ගැසීමට පෙනී සිටිනවා.