
(අංජුල මහික වීරරත්න)
ඌව පළාතේ ඉඩම් බලපත්‍ර 10,731ක ප්‍රදානය අවසන් කර තිබේ.
ඌව පළාතේ දීර්ඝ කාලයක සිට ඉඩම් බලපත්‍ර නොමැතිව ඉඩම් භුක්ති විඳිමින් සිටි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමේ අරමුණින් මෙම බලපත්‍ර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව බදුල්ල දිස්ත්‍රික්කය පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
ඒ යටතේ, වැලිමඩ ප්‍රාදේශීය සභා කොට්ඨාසයේ 671 දෙනෙකුට ද, ඌවපරණගම කොට්ඨාසයේ 218 දෙනෙකුට ද සහ හාලිඇල ප්‍රාදේශීය සභා කොට්ඨාසයේ 134 දෙනෙකුට ද ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීම වැලිමඩ පොළ භූමියේදී සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd