බණ්ඩාරවෙල නගරයට ආසන්න මහඋල්පත සහ දකුණු කැබිල්ලවෙල ග්‍රාමසේවා වසම්වලට අයතත් මහඋල්පාවත්ත නායබැද්දවත්ත අතර ඉඩමක ඌව පළාතේ සරල ගුවන්තොටුපළක් ඉදිකිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (25) බදුල්ලේ දී පැවසීය.
මීට පෙර ගුවන්තොටුපළක් ඉදිකිරීම සඳහා හපුතලේ තොටලාගලවත්ත ප්‍රදේශය නිරීක්ෂණය කළද එහි නායයාමේ අවදානම හා අධිබලැති 33000 විදුලි කණු ඉවත් කිරීමේ අපහසුතාවය සැලකිල්ලට ගෙන එම අදහස වෙනස් කළ බවද ඇමැතිවරයා කීය.
ඉදිකිරීමට යෝජිත ගුවන්තොටුපළ සඳහා ධාවන පථය මීටර් 1300ක් පමණ දිග බවත් එය බණ්ඩාරවෙල - කොස්ලන්ද මාර්ගයේ සිට කිලෝමීටර් 3.5ක දුරක පිහිටි ඉඩමක ඉදිකිරීමට යන බවත් මෙහි මගීන් 48කට යෑමට හැකි ගුවන් යානා ගොඩ බැස්සවීම හා පිටත්වීම සිදුකළ හැකි බවත් එම ගුවන්තොටේ සිට විනාඩි 30ක් ඇතුළත ලංකාවේ ඕනෑම ස්ථානයකට ගමන් කළ හැකි බවත් ඇමැතිවරයා කීවේය.
අදාළ වාර්තා හා ඇස්තමේන්තු ලබාගෙන මේ වසරේදී ගුවන්තොටුපළ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වොක්ස්වැගන් කොම්පැනිය දාන තැන ඉඩමත් මේ වැඩේට නම් පංකාදු පහයි. (නි)
රටේ අනෙකුත් දැවෙන ප්‍රශ්න විසඳලා මේවා කළාට කමක් නැහැ. රජයේ සේවකයන්ට පඩි ගෙවාගන්න බැහැ. ගිනි පොළියට 14.30% බැංකු බැඳුම්කර වෙන්දේසි කරනවා. බදු මිල අහස උසට. බදු ගහනවා ගහන්න තියන හැමදේටම. හෙට අනිද්දා වෙනකොට වැසිකිළි බද්ද කියලා එකකුත් දායි. (නි)
වැඩේ හොඳයි,එ්ත්ව කවදා වෙයිද කියල අපිට හිතාගන්න බැහැ (බ)
දැන් ඉතින් ගොඩින් යන්න එන්න අමාරුයිනේ. ඒ නිසා ගුවනින්වත් යන්න සරල ගුවන්තොටුපොළක් හෝ ඕනෑමයි. (බ)
මහනුවර කුණ්ඩසාලේ ඉදිකිරීමට යෝජිතව තිබුණු ගුවන් තොටුපළ බණ්ඩාරවෙලට මාරු වුනේ උතුරු පළාත් සභාවෙන් අලුතෙන් වතුකර ජනතාව සඳහා ඉල්ලා ඇති ස්වාධීන පළාත් සභාවට උදව්වක් ලෙසද? (බ)
සෙනරත් - අපි අලුත් රාජ්‍ය වලට සියලු පහසුකම් ලබාදෙන්න ඕන. එක තමයි වෙනස, අපි ඒ වෙනසට ගරු කරන්න ඕන. (බ)
ඇසළ ඔබ හරියටම හරි (බ)
මම නම් රට සංවර්ධනය වෙනවට ගොඩාක්ම කැමති කෙනෙක් මොන ප්‍රශ්න තිබුණත්. හැබැයි ඉතින් මේවා වචනයට පමණක්ම සිමා නොවිය යුතුයි. (නි)
හරිම සතුටුදායක ආරංචියක් (නි)
අල බෝංචි වගාකරන ගොවියන්ටයි, තේ දළු නෙලන කම්කරුවන්ටයි මීටපස්සේ කොළඹ යන එන එකත් ඔන්න පහසුවුණා එහෙනම්. මොනවා වුණත් මත්තලට වඩා ප්‍රයෝජනයක් වේවි. (නි)
කවුරුත් සැළෙන්න එපා. ඔය හැම කතාවක්ම අනාගත කාලයේ අසම්භාව්‍ය ක්‍රියා ගණයට තමයි වැටෙන්නේ. අපි නොදන්නා දේශපාලනය...! (නි)
අනේ! දෙවියෝ බලලා එ්කටවත් ගුවන් යානා අාවොත්? (නි)
එච්චරයි අඩු . ඔය හරියේ ඉඳන් අම්පාරට එහෙමත් නැතිනම් මත්තලට ලොකු දුරක් නැහැනේ. (හේ)
හොඳ අදහසක්. අපේ රට අපි හදමු. (ර)
මේක හැදිය යුතුම දෙයක්, බණ්ඩාරවෙලට. තැන හරියට තීරණය කරන්න. කුරුළු පක්ෂීන්ට කරදරයක් නැති තැනක් විය යුතුමයි. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට ජය! තැන හරියට තීරණය කරලා, කඩිනම් ව්‍යාපෘතියක් ලෙස පටන් ගන්න. (නි)
නිමල් සිරිපාල ද සිල්වා ගුවන් තොටුපල, නම තියන්න වැඩක් කරන්න ඕන නේ.(අ)
මේ ආණ්ඩුවට පහළ වූ හොඳම අදහස. මේකවත් යථාර්ථයක් වේවා. (නි)
ඔව්. මුලින්ම ඕක හදලා පස්සේ බැරියෑ බස් හෝල්ට් ටික, කාණු ටික, පාරවල් ටික හදන්න. (නි)