මහියංගණ නගරයේ තිබූ රජයේ ඉඩම් නිසි අවසරයකින් තොරව ලබාගෙන අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදිකර විකුණන ලදැයි කියන සිද්ධියක බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසම හමුවේ හෙට (22) සිට සාක්කි විභාග කිරීමට නියමිතය.
ඌව පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකුගේ මෙහෙයවීම මත ඉඩම් වංචාවක් සිදුවූ බවට වංචා දූෂණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් පසු මේ පිළිබඳ සාක්කි විමසීමට කොමිසම තීරණය කෙරිණි. මේ සඳහා වගකිවයුතු පුද්ගලයින් ලෙස ඌව පළාත් සභාවේ හිටපු ඇමැති අනුර විදානගමගේ, මහිංයංගණ ප්‍රාදේශීය සභාවේ ඉඩම් නිලධාරීනී මල්කි තුෂාරිකා රත්නායක, එහි ප්‍රධාන කළමනාකරණ සහකාර කලණි දිසානායක, හිටපු කාර්මික නිලධාරී සෙනෙවිරත්න බණ්ඩා, ඌව පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රී ගයාන් සුසන්ත. බණ්ඩාර ජයසුන්දර යන අය ඇතුළු කඩ හිමියන් පිරිසක් නම් කර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තිය රජවන ශ්‍රී ලංකාවක් සඳහා ,අපි අවධියෙන් බලා සිටිමු. (ම)
මේ යහපාලනය තවමත් රටට දැනෙන්න කරපු දෙයක් නැහැ. මීටවැඩිය දේවල් මිනිස්සු බලාපොරොත්තු වුණා මේ රජයෙන්.නමුත් සද්දය විතර වගේ. (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)