ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක අද (21) දේව කන්නලව්වක් කිරීමට සීනිගම දෙවොල් දේවාලයට පැමිණියේය.
ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරයකු තමාට නගා ඇති චෝදනාවක් සම්බන්ධයෙන් දෙවියන්ට කන්නලව් කිරීමට එහි පැමිණි බව කී මහ ඇමැතිවරයා එම මන්ත්‍රීවරයා වැරදිනම් ඔහුට දඬුවම් දෙන ලෙසත් තමා වැරදි නම් තමාට දඬුවම් දෙන ලෙසත් දෙවියන්ගෙන් ඉල්ලා සිටින බව පැවසීය.
පළාත් සභාවේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා ඔහුට චෝදනා නගා ඇතැයි කියති.
(ජායාරූප - දිපාල් ද සිල්වා)
![IMG_7410[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_74101.jpg)
![IMG_7413[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_74131.jpg)
![IMG_7416[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_74161.jpg)
![IMG_7422[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_74221.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල් වලවත් නැති පුදුම මිරිස් ඇඹරිල්ලක්නේ දේවාලයේ තියෙන්නේ. (නි)
දැන් නඩු අහන්නේ එතකොට දෙවියෝද? එහෙනම් ඉතින් උසාවි පොලිසි වලින් වැඩක් නැහැනේ. අනේ, මෙහෙමත් අඥානයින් දේශපාලනය කරන රටකනේ අපි ඉන්නේ. ජනාධිපතිතුමනි, මේ වගේ අය ඇයි වැදගත් තනතුරු වලට පත්කරන්නේ? (නි)
බදුල්ලේ උසාවියක් තියෙද්දී සීනිගම යන්නේ ඇයි. (ර)
මේ වගේ අයට රට පාලනය කරන්න දීල රටක් කොහොමද දියුණුවෙන්න. මේතුමන්ලට දීර්ගකාලින සැලසුම් නැහැ. හණමිටි අදහස් වලින් මොලය පිරිලා බව හැමෝටම පේනවා. (ර)
කොහොම කෙනෙක්ද කියලා හිතාගන්න පුළුවන්. මුහුණේ අහිංසකකම පිරිලා. අනේ පින්සිද්ධ වෙයි ලෝකය හිනස්සවන්න නම් එපා (නි)
තමන් නිවැරදි නම් නීතිඥයෙක් මාර්ගයෙන් එන්තරවාසියක් යවලා වෙච්ච හානියට වන්දි ලබාගෙන ප්‍රසිද්ධියේ සමාව ලබා ගන්න කියන්න ඕනෑ. (ම)
උසාවියට ගියාම දවසම ඉවරයි. පෙරකදෝරුවන්ට සල්ලි ගෙවන්නත් ඕනෑ. මේ වැඩේ ලේසියි. මහත්තයෝ, හරිගියොත් වැඩේ හරි (නි)
අපේ දේශපාලඥයෝ රටේ පෙනෙන නීතියට වඩා නොපෙනෙන දෙවියන් කෙරේ විශ්වාසයක් තබන්නේ මොකද? (නි)
මේ පොල් ගෙඩිය කාගෙවත් වත්තකින් කඩාගත් එකක් නෙමෙයි නේද? (නි)
රටේ විනිශ්චයක් නැති කළ දේව විනිශ්චයට (අ)
අනේ අම්මේ මෙයාල බෝ පැළ (අ)
අපි තව තව දේවාල විවෘත කරමින් පොල්ද වවමු. (නි)
නීතිය ඉදිරියට එන්න බය මහත්හොරු දැන් දෙවියන් ඉදිරියට යන්න පුරුදුවෙලා. නීතියෙන් බේරුනත් දෙවියන්ගෙන් ( කර්ම පලයෙන්) බේරෙන්න බැරි බව මේ අය දන්නේ නැහැ , එකයි. (අ)
වෙච්ච දේ අනුව නම් මෙතුමාටම දඩුවම් ලැබෙයි වගේ. බැංකුවේ නිලදාරීන් නෙමේ වැරදි. (ර)
මේවා මහා විහිළු වැඩ මහ ඇමැතිවරයෙක් මේයට වැඩිය ධනාත්මකව වැඩකරන්න ඕනේ පොල් ගැහුවා කියල මොකක්ද වෙන සෙතේ. (අ)
මෙවැනි අදහස් ඇති අයනේ ඉතින් ලංකාව පාලනේ කරන්නේ (නි)
අනේ මේවාගේ ගස් ගල් මැටි පිළිම වඳින ඒවාට කන්නලව් කරන අයත් ඉන්නවානේ (ම)
මේ දේශපාලකයන්ට පුදුම විදියටනේ දෙය්යෝ සලකන්නේ..........(ම)