IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඌව මහ ඇමැති සාධාරණය ඉල්ලා සීනිගම යයි

ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක අද (21) දේව කන්නලව්වක් කිරීමට සීනිගම දෙවොල් දේවාලයට පැමිණියේය.

ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරයකු තමාට නගා ඇති චෝදනාවක් සම්බන්ධයෙන් දෙවියන්ට කන්නලව් කිරීමට එහි පැමිණි බව කී මහ ඇමැතිවරයා එම මන්ත්‍රීවරයා වැරදිනම් ඔහුට දඬුවම් දෙන ලෙසත් තමා වැරදි නම් තමාට දඬුවම් දෙන ලෙසත් දෙවියන්ගෙන් ඉල්ලා සිටින බව පැවසීය.

පළාත් සභාවේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා ඔහුට චෝදනා නගා ඇතැයි කියති.

IMG_7410[1] IMG_7413[1] IMG_7416[1] IMG_7422[1]

(ජායාරූප - දිපාල් ද සිල්වා)



අදහස් (0)

ඌව මහ ඇමැති සාධාරණය ඉල්ලා සීනිගම යයි

සමන්ති Monday, 21 March 2016 02:06 PM

ගෙවල් වලවත් නැති පුදුම මිරිස් ඇඹරිල්ලක්නේ දේවාලයේ තියෙන්නේ. (නි)

:       0       0

රොකී Monday, 21 March 2016 02:08 PM

දැන් නඩු අහන්නේ එතකොට දෙවියෝද? එහෙනම් ඉතින් උසාවි පොලිසි වලින් වැඩක් නැහැනේ. අනේ, මෙහෙමත් අඥානයින් දේශපාලනය කරන රටකනේ අපි ඉන්නේ. ජනාධිපතිතුමනි, මේ වගේ අය ඇයි වැදගත් තනතුරු වලට පත්කරන්නේ? (නි)

:       0       0

ජයා Monday, 21 March 2016 05:57 PM

බදුල්ලේ උසාවියක් තියෙද්දී සීනිගම යන්නේ ඇයි. (ර)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 22 March 2016 07:50 AM

මේ වගේ අයට රට පාලනය කරන්න දීල රටක් කොහොමද දියුණුවෙන්න. මේතුමන්ලට දීර්ගකාලින සැලසුම් නැහැ. හණමිටි අදහස් වලින් මොලය පිරිලා බව හැමෝටම පේනවා. (ර)

:       0       0

ශාන්ත Monday, 21 March 2016 06:57 PM

කොහොම කෙනෙක්ද කියලා හිතාගන්න පුළුවන්. මුහුණේ අහිංසකකම පිරිලා. අනේ පින්සිද්ධ වෙයි ලෝකය හිනස්සවන්න නම් එපා (නි)

:       0       0

සෑම් Monday, 21 March 2016 10:03 AM

තමන් නිවැරදි නම් නීතිඥයෙක් මාර්ගයෙන් එන්තරවාසියක් යවලා වෙච්ච හානියට වන්දි ලබාගෙන ප්‍රසිද්ධියේ සමාව ලබා ගන්න කියන්න ඕනෑ. (ම)

:       0       0

චතුරි Monday, 21 March 2016 07:10 PM

උසාවියට ගියාම දවසම ඉවරයි. පෙරකදෝරුවන්ට සල්ලි ගෙවන්නත් ඕනෑ. මේ වැඩේ ලේසියි. මහත්තයෝ, හරිගියොත් වැඩේ හරි (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 21 March 2016 08:16 PM

අපේ දේශපාලඥයෝ රටේ පෙනෙන නීතියට වඩා නොපෙනෙන දෙවියන් කෙරේ විශ්වාසයක් තබන්නේ මොකද? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 21 March 2016 08:19 PM

මේ පොල් ගෙඩිය කාගෙවත් වත්තකින් කඩාගත් එකක් නෙමෙයි නේද? (නි)

:       0       0

දුමින්ද Monday, 21 March 2016 10:16 AM

රටේ විනිශ්චයක් නැති කළ දේව විනිශ්චයට (අ)

:       0       0

සුමති Monday, 21 March 2016 10:18 AM

අනේ අම්මේ මෙයාල බෝ පැළ (අ)

:       0       0

අතුල Monday, 21 March 2016 09:05 PM

අපි තව තව දේවාල විවෘත කරමින් පොල්ද වවමු. (නි)

:       0       0

ප්‍රසා Monday, 21 March 2016 10:45 AM

නීතිය ඉදිරියට එන්න බය මහත්හොරු දැන් දෙවියන් ඉදිරියට යන්න පුරුදුවෙලා. නීතියෙන් බේරුනත් දෙවියන්ගෙන් ( කර්ම පලයෙන්) බේරෙන්න බැරි බව මේ අය දන්නේ නැහැ , එකයි. (අ)

:       0       0

මුණසිංහ Tuesday, 22 March 2016 09:22 AM

වෙච්ච දේ අනුව නම් මෙතුමාටම දඩුවම් ලැබෙයි වගේ. බැංකුවේ නිලදාරීන් නෙමේ වැරදි. (ර)

:       0       0

රොහාන් Monday, 21 March 2016 11:08 AM

මේවා මහා විහිළු වැඩ මහ ඇමැතිවරයෙක් මේයට වැඩිය ධනාත්මකව වැඩකරන්න ඕනේ පොල් ගැහුවා කියල මොකක්ද වෙන සෙතේ. (අ)

:       0       0

එරන්ද Tuesday, 22 March 2016 02:12 AM

මෙවැනි අදහස් ඇති අයනේ ඉතින් ලංකාව පාලනේ කරන්නේ (නි)

:       0       0

කුමාර් Monday, 21 March 2016 12:05 PM

අනේ මේවාගේ ගස් ගල් මැටි පිළිම වඳින ඒවාට කන්නලව් කරන අයත් ඉන්නවානේ (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 21 March 2016 12:07 PM

මේ දේශපාලකයන්ට පුදුම විදියටනේ දෙය්යෝ සලකන්නේ..........(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site