ඌව පළාත් සභාවේ පුරප්පාඩුවූ මන්ත්‍රී ධූර දෙක සඳහා මනාප ලැයිස්තුවේ 9 වැන්නා පත් නොකර වෙනත් දෙදෙනෙක් පත් කිරීම වළක්වමින් සැප්තැම්බර් 9 වැනිදා තෙක් තහනම් නියෝගයක් නිකුත් කිරීමට කොළඹ දිසා විනිසුරු අජිත් අනවරත්න මහතා අද (26) නියෝග කළේය.
ඌව පළාත් සභාවේ මන්ත්‍රීන් දෙදෙනකු පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන් පුරප්පාඩුවූ මන්ත්‍රී ධූර සඳහා පළාත් සභා මැතිවරණයේදී මනාප ලබාගත් අනුපිළිවෙළ අනුව 9 වැන්නා වන තමා නොසළකා හැර 10 වැන්නා හා 11 වැන්නා පත් කරන ලදැයි කියමින් එජාප මහ ලේකම් කබීර් හෂීම් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු වගඋත්තරකරුවන් කරමින් මනාප ලැයිස්තුවේ 9 වැන්නා වන ප්‍රදීප් විජයවර්ධන පෙත්සමක් ගොනු කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය පුතෙ යහපාලනය (අ)