ඌරගහ රන්තොටුවිල තරුණයන් දෙදෙනකු අද (3) උදේ වෙඩිතබා මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
ඝාතකයන් යතුරු පැදිවලින් පැමිණ ඇත.
මින් පැය බාගයකට පමණ පෙර මෙම ඝාතනය සිදුවී ඇතැයි කියති.
මැරුම් කෑ එක් අයකු ගරාජයක හිමිකරුවකු වන රංග විජෙසුරේන්ද්‍ර (23) බවත් අනෙක් තැනැත්තා ගරාජයේ සේවකයකු වන ඉෂාන් සංදික (24) බවත් පොලිසියට තොරතුරු ලැබී ඇත. දෙදෙනාම අවිවාහකයන් බවත් පසුගිය අප්‍රේල් මාසයේ ආරවුලකට මැදිවී ඇති බවත් කියති. මි.මී 9 උණ්ඩ කිහිපයක්
ඔවුන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරද්දී මෙම ප්‍රහාරයට ලක්වී ඇත. එක් අයකු යතුරුපැදියේම මැරී සිටි බවත් අසල කඩුවක් වැනි තියුණු ආයුධයක් හා යකඩ පොල්ලක්ද තිබූ බවත් පොලිසිය කියයි.
(ඡායාරූප බී ඒ අමරසිංහ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි තැබීම්, මංකොල්ලකෑම් එන්න එන්නම වැඩිවේගෙනයි එන්නේ. (නි)
මොනවා උනත් කමක් නෑ මහින්දව පැරැද්දුවනේ .. දැන් ඉතින් සතුටු වෙයල්ලා ..මෙන්න මේක තමා ඕන උන වෙනස. (ස)
මේ පාතාලය මැඩලීමට කාලය හරි වගේ. (ර)
කොහොම මෙහෙම කරනවද දන්නේ නෑ. (ර)
මොනාද මේ වෙන්නේ.? (ර)
දැන්වත් යහ බීජ වපුරමු. (ර)
දැන් පාතාලෙ මිනී මැරුම් වැඩිවෙලා. (ර)
දැන් යහපාලනය හැම තැනම අනේ වාසනාවන්. (ස)
හිරාන්, නිකන් මෝඩ කතා කියන්න එපා. මෙය රටේ මිනිසුන්ගේ පාපතරභාවය මිස යහපාලනයේ වැරැක්දක් නොවේ. (නි)
මෙන්න යහපාලනය (බ)
රටකට ගිය කලක්,. සෑම තැනම අපරාධ... වෙඩි තැබීම ? සිවිල ජනතාව අතර තුවක්කු .. මේ විනාශ වෙන්නේ ශ්‍රී ලාංකීය මිනිස් ජීවිතේ,, බලධාරින්ගේ අවධානය වහා යොමුවිය යුතු කාලය එළඹ ඇත,. (බ)