වන සත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත අනුව විකිණිම හා ප‍්‍රදර්ශනය තහනම් වල් ඌරු මස් විකිණු ශ්‍රී පලාබද්දල මහවත්තේ ජී.ජී. සෝමසිරිට රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා රුපියල් තිස්පන් දහසක ගෙවීමට නියම කළේය.
සැකකරු අත් අඩංගුවට ගනිද්දී රත්නපුර ප‍්‍රාදේශීය සභා එක්සත් ජනතා සන්ධාන මන්ත‍්‍රී රණවක කළුආරච්චි මහතා වනජීවි නිලධාරීන්ගෙන් සැකකරු මුදා ගැනිමට තැත් කළැයි සමනල ස්වභාව රක්‍ෂිතයේ ස්ථාන භාර නිලධාරී උසාවියට දැන්වීය.
ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රී අත්අඩංගුවට ගැනිමට වරෙන්තු කරන ලෙස මහේස්ත‍්‍රාත් පොලිසියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන නියෝජිතයින් හැම දේ සමගම සම්බන්ධයි. (ර)
වල් අලියාගේ නම වන අලියා කියලා වෙනස් කරලා තියනවා නම්, ඔය සතාගේ නමත් වන ඌරා කියලා රෙපයාර් කරන්න නරකද? (ම)
අනේ මෙහෙමත්, ජනතාවට සේවය කරන්න එන අය නේද මේ. (ර)
අන්තිමට කියයිද දන්නේ නැහැ වල් ඌරා ගෙදර ඇතිකළ එකෙක් කියලා. (නි)
ඌරාගේ මාළු ඌරාගේම ඇඟේ තියලා කපන්න හදලා වගෙයි (නි)
ආ! මේ අපේ මහජන නියෝජිතයොනේ (නි)
අනේ අනේ මෙයාලා කරන වැඩ? (නි)
නියමයි. මෙහෙම ලොකු දඩ තමයි ගහන්න ඕනෑ (නි)