(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන දිනෙත් මිලාන් හෙවත් ‘ඌරු ජුවා’ සහ මොහොමඩ් හජීම් මොහොමඩ් ඉම්රාන් නමැත්තන්ගේ සිර කුටිවලින් දුරකතනයක සහ සිම්පතක් අද (25) බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ගේ බාරයට ගෙන ඇත.
ඌරු ජුවා නමැත්තාගේ සිරකුටියේ සිවිලිමකින් ජංගම දුරකතනය ද, කංජිපානි ඉම්රාන් නමැත්තාගේ සිරකුටියේ ඇඳුම්වල සඟවා තිබී සිම්පත ද සොයා ගැනීමට බුද්ධි අංශ නිලධාරීන් සමත් වී තිබේ.
බුද්ධි අංශ නිලධාරීන් 27 දෙනෙකු මෙම මෙහෙයුමට සම්බන්ධ වී ඇතැයි ද පැවසේ.
විශේෂ ගණයේ රැඳවියන් 22 දෙනෙකු රඳවා සිටින සිර මැදිරි 22ක් මෙහිදී දැඩි පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඊට පැය ගණනාවක් ගතවී ඇතැයිද දැනගන්නට තිබේ.
කංජිපානි ඉම්රාන් නමැත්තා රඳවා සිටි සිරමැදිරියේ සඟවා තිබී මීට පෙර අවස්ථා දෙකකදී ම ජංගම දුරකතන 2ක් බන්ධනාගාර නිලධාරීන් බාරයට ගෙන ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුරකතන තියන එක ප්රශ්නයක් නොවේ. චාර්ජ් කරගන්නේ කොහොමද දන්නේ නෑ.
දෙයියෝ ගෙන්නලා දීලා වෙන්න ඇති. පොලිස් විශේෂ කාර්ය බලකාය බූස්සට යොදවනවා කිව්ව ගමන් දුරකතන එළියට. මිට වඩා හොඳයි හොරුන්ගේ අම්මලාගෙන්ම පේන ඇහුවා නම්.
සමාජයට අහිතකර අය රකින්න මේ නාස්ති වෙන්නේ ජනතා මුදන් නේද? සැඟවූ තුවක්කු පෙන්වන්න අරන් ගියොත් හොදයි නේද ? තවත් පාතාලයෝ මිස වෙන කිසිවෙකු විරුද්ධ වෙන එකක් නැහැ.
පාතාලයන් සතුව සිරගෙවල් තුලදී යම් යම් දෑ අධිෂ්ඨාන බලයෙන් මැවීමේ හැකියාවක් තිබෙන බව තවම ලෝකයා පිලිගන්නට මැළි වෙනවා.