දිවුලපිටිය වල්පිට ,උල්ලලපොළ ,මා බෝදල හා විතානමුල්ලේ කුඹුරු අක්කර එකසිය අටක් වසර දහයක් තිස්සේ වගා කිරිමට නොහැකි වු හේතුවට සතියකින් පිළියම් යෙදිමට ගම්පහ දිසාපති ජේ ජේ රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හංචාපොළදී පැවති රැස්වීමකදී තිරණය විය.
තනි පුද්ගලයකු සතු ඌරු කොටුවකින් ගලා යන අපද්‍රව්‍ය වලින් ගම් කිහිපයක් පිඩාවට පත්ව ඇතැයිද ඌරු කොටුව සෞඛ්‍ය ආරක්ෂක නීති රැක නැතැයිද සාකච්ඡාවට සහභාගීවු වැඩි දෙනාගේ මතය විය.
තම ඌරු කොටුව සතියකින් ඉවත් කැර ගන්නා බවට හිමිකරු සුජිත් නිරෝෂණ පෙරේරා මහතා පවසද්දී රැස්ව සිටි පිරිස අත්පොළසන්දී සතුට පළ කළහ. ඌරන් විකුණා කඩින් කඩ ඌරු කොටුව ඉවත් කිරීමට ඔහුට අවසර ලැබිණි.
මේ විසඳුම සමඟ උද්ඝෝෂණයද අවසන් විය.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙවල්ඩ් පෝක් කාපු අය ඉන්නව නම් නම් ඌරු කොටුව වහන්න කියන්නෙ නෑ.(නදී)
අනේ ෙම් වෙනුවෙන් ගිනි තියාගන්න කවුරුත් නැද්දෝ? (අ)
සෑම නිවසකම ඌරො හදන්න ඕනේ. මරන්නම නෙමේ. මිනිස්සු බල්ලෝ හදන්නේ. බල්ලට වැඩිය ඌරාමිනිසාට හරිම ආදරෙයි. ඌරෙක් හදල බලන්නකෝ. පොඩි ළමයින්ට හරිම ආදරෙයි. (අ)
එතකොට ඌරෝ මරණ එක පාපයක් නෙවෙයිද? හරක් මැරුවොත් විතරද අපායට යන්නේ? (ස)
ප්‍රාදේශීය පරිපාලනය නිධිද ග්‍රාමනිලධාරී ප්‍රාදේශීය සභා මොනවද කොරන්නේ දියුණුව වගේම රටක තත්ත්වය එකක් තියෙන්න ඕන එතකොට ප්‍රශ්න අඩුය . (අ)
ඇත්තටම මේ උරු කොටුව හොද තැනකට ගෙනගොස් මීට වැඩ ඉඩකඩ ඇති ස්ථානයක පවත්වාගෙන යාමට ඉඩ දීම සුදුසයි. සම්පුර්ණයෙන්ම වහන්න එපා අපට උරු මස් නැතිවෙයි.
ඔය ප්‍රඥාවන්ත විශ්වකර්මය දිසාපති වෙලා දැන් කොච්චර කලක්ද? සතියෙන් විසදන්න තිබුණු දේකට මෙච්චර කල් මොකට පුටු තැවරී තැවරී හිටියද? (අ)
ඒ කියන්නේ ඌරනගේ ආයුකාලය අවසන් කියන එකනේ ? (දී)
අපේ සරත් මල්ලිටත් පුදුමම අගේ ඇති අදහස්නි තියෙන්නේ ...? මටත් හිතෙනවා හිර කාරයෝ ටික ඌරු කොටුවට දමල ඌ රෝ ටික හිරගෙදරට යවන එක හොදයි ..? (අ)
ඌරු කොටුව සතියකින් ඉවත් කැර ගන්නා බවට හිමිකරු සුජිත් නිරෝෂණ පෙරේරා මහතා පැවසීය.බන්දුල පෙරේරා ,දම්මික පෙරේරා කියන්නේ උෟරු කොටුවේ පාලකයෝද? (අ)
සත්ව මැරීම නවතමු (දී)
සත්ව ගොවිපොළ, කම්හල් ආදිය වසා දැමුවාම අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රමවේද ගැන හිතන්නවත් ඕනෑ නැහැ. හරි පහසුයි. (දී)
කොහොමටත් ආදරේට ඌරො ඇතිකරනවයැ.. මරන්ඩ මිසක්.. පව් ඉතින් අහින්සක සත්තු දවසකින් හරි මරණය ඉක්මන් වෙනවා.. (දී)
අපරාදේ හොද ව්‍යාපාරයක් වහන්නේ,උරු මස් පිටරටින් ගෙනෙයි දැන් (අ)
මේක නම් ඌරු වැඩක් නොවේ...... (ස)
අපරාධනේ , ඔය වැඩේට කවුරුත්ම ලොක්කෙක් හවුල් නැතිව ඇති. නැත්නම් රතුපස්වල වගේ ඔය වැඩේ දිගටම කරගෙන යන්න තිබුණා. මොනවා වෙතත් මේ මිනිසුන් ඊට වඩා වාසනාවන්තයි. නිතියට ගරු කරන පාලනයක් සහ මිනිස්කම තේරුම්ගත් සත්ව ගොවිපොළ හිමිකරුවෙක් සිටීම . (අ)
මේකවත් ඉක්මනට විසඳුනොත් හොඳයි . එත් උරු කොටුව වහනකම් ශුවර් නැහැ. (ස)
ඌරන් ටික එල්ලුම් ගහට නියම කරා නම් තව කලක් උන්ට ජීවත්වෙන්න වරම් ලැබෙනවනෙ....(ස)
නාලක, රොෂාන්, ඔබ පමණයි මේ ප්‍රශ්නය තුලනාත්මකව දකින්නේ. රජය කලයුත්තේ මෙවැනි ව්‍යාපාර සුදුසු ප්‍රදේශවල, නිසි විධික්‍රම සහිතව නැවත ස්ථාන ගත කිරීමයි. වැලිවේරිය ප්‍රශ්නයට ජනාධිපතිතුමා දුන් විසඳුමත් ඒක නේද? දැන් මෙතන ගොවීන්ගේ ප්‍රශ්නය විසඳුනා. නමුත් මේ විශාල ගොවිපලේ සේවකයින්ගේ රැකියා? ඔවුන්ගේ දරු පවුල්? කෝ ඒ ප්‍රශ්නවලට පිළිතුරු? අටුව කඩල පුටුව හදල තිබෙන බව නම් පැහැදිලියි. (නදී)
හරක් මඩුවට පස්සේ දැන් උරු පට්ටි හොයන්න ගත්තද ? මේක කොහෙන් ගිහින් ඉවරවෙන්නද යන්නේ ? (ස)
අපි දඩමස් කමු රම්‍යා .ඌරු මස් ඕන නැහැ. (ස)
සුදුසු තැනක පවත්වාගෙන යාහැකි,අනිත් යට හිරිහැර වෙන විදිහට වැඩ කිරීම හොඳ නැහැ. (ස)
අපි රට රකිමු කීවත් මෙවැනි ගිවිපොලවල් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනවා.මෙමෙ සතුන්ගෙන් බැහැර කරන්නේ රසායනික අපද්‍රව්‍ය නොව ස්වාභාවික පොහොරය.මෙමෙ ගොවිපොළවල් විප්ලවකාරී ලෙස එකතු උන පිරිසකගේ කීමට වාසනාවට වැඩ අවශ්‍ය පාරිසරික පිළියම් යෙදීමි රජයෙන් කලයුත්තේ.මෙහෙම කලොත් පිටරටවල් වලට විදේශ විනිමය දී අපි උරුමසුත් කමු.(අ)
නැගෙනහිර පැත්තේ ඌරු කොටු ඇති කලානම් හොදට ඉඩ පාඩු තියෙනවානේ.(නදී)
ඕකත් කාගෙහරි ලොක්කෙක්ගෙ වෙන්න ඇති.... (ස)