IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උසස් පෙළින් මලියදේවය තිලකරත්නයක් වේ

මෙවර උසස් පෙළ විභාගයෙන් දිවයිනේ හොඳම ප්‍රතිඵල පෙන්වූ විශිෂ්ටතම පාසල බවට පත්වීමට කුරුණෑගල මලියදේව පිරිමි විදුහල සමත් වී සිටියි.

ඒ උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් දිවයිනේම පළමුවැනියා සමග හයවැනියාද ඊට අමතරව ගණිත අංශයෙන් දිවයිනේම දෙවැනියා සහ පස්වැනියා ද ඒ පාසලේ නිසාය.

වාණිජ අංශයේ දිවයිනේම පළමුවැනියා ලෙස අකීල් මොහොමඩ් සිසුවාද, ගණිත අංශයෙන් දිවයිනේම දෙවැනියා ලෙස නදීෂාන් ධනංජය කුමාර දිසානායක සහ පස්වැනියා ලෙස මෙවන් විජේවර්ධන ද වාණිජ අංශයෙන් දිවයිනෙන් හය වැනියා ලෙස ගයන්ත ජයසූරිය ද මලියදේව විදුහලට මෙම ඵෛතිහාසික කීර්තියක් උදාකැර දුන්හ.

කොළඹ අභිබවා පෙරට ඒමට කුරුණෑගල දිස්ත්‍රික්කය සමත්විය.

එසේම මෙවැනි කුසලතා සහිතව මෙතෙක් දිවයිනේ පාසලක් වාර්තා කළ ඉහළම විභාග ප්‍රතිඵලයද මෙයවන අතර මලියදේව විදුහල් ඉතිහාසයේ වාර්තා කැරුණු හොඳම විභාග ප්‍රතිඵලයද මෙයවේ.

වයි.ජී.තිලකරත්න මහතා මේ පාසලේ විදුහල්පතිවරයාය.



අදහස් (0)

උසස් පෙළින් මලියදේවය තිලකරත්නයක් වේ

ගයන්ත සේනානායක Tuesday, 05 January 2016 08:17 AM

නියමයි මලියදේවයන් (බ)

:       0       0

රන්ජිත් Tuesday, 05 January 2016 08:21 AM

අප සියලු දෙනාගේ සුබ පැතුම්! මම මේ විදුහලේ ආදි සිසුවෙක්. (නි)

:       0       0

මදුරංග Wednesday, 06 January 2016 11:10 AM

මාගේ විදුහල් මෑණියන් ගැන ගොඩාක් සතුටුයි ..රටට වටිනා පුතුන් රාශියක් බිහිකිරීමට උර දුන්නා. ඔබ සියලු දෙනාටම අනාගතයට සුබ පැතුම්. (බ)

:       0       0

ජස්ටින් Tuesday, 05 January 2016 09:20 AM

මහින්ද මහත්තය දකුණේ ඉන්නකොට දකුණේ හොඳ ප්‍රතිළුල කුරුණෑගලට ආවහම එහෙත් හොඳ ප්‍රතිළුල (ම)

:       0       0

රුවන් Tuesday, 05 January 2016 05:57 AM

උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

දන්තනාරායන Tuesday, 05 January 2016 05:53 AM

කෝ මේ දකුණට මොකද වුණේ? (නි)

:       0       0

විකුම් Tuesday, 05 January 2016 05:55 AM

හරිම සතුටුයි (නි)

:       0       0

සුමේධ Tuesday, 05 January 2016 10:14 AM

ආඩම්බරයි ! උණුසුම් සුබ පැතුම් ! (ම)

:       0       0

ශේන්-මෙල්බන් Tuesday, 05 January 2016 06:10 AM

සුබ පැතුම්!! (නි)

:       0       0

නිවන්තක Tuesday, 05 January 2016 06:17 AM

හරිම සතුටුයි අපිට (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 05 January 2016 06:17 AM

උණුසුම් සුබ පැතුම් ! (නි)

:       0       0

දීන් Tuesday, 05 January 2016 06:17 AM

ඇතුගල්පුරයට කීර්තියක් ගෙනදුන් දරුවනේ, ඔබට උණුසුම් සුබපැතුම්! (නි)

:       0       0

ගයාන් Tuesday, 05 January 2016 06:29 AM

මම මලියදේව මවට සුබ පතනවා! ඔබ මේ රටට බිහිකළ වටිනා දරුවන් අතිවිශාල ප්‍රමාණයක් සිටිනවා. ගමේ පාසලක් මේ වගේ තැනක ඉන්න එක මට හරිම ආඩම්බරයක්. (නි)

:       0       0

තිලක් Tuesday, 05 January 2016 11:43 AM

මට ගොඩක් ආඩම්බරයි ! පායන සඳ අඹරේ...... සුදිලේ සැමකල්........ පාසල් මාතා අපේ........ (නි)

:       0       0

චාන්දනී Tuesday, 05 January 2016 11:55 AM

අපෙන් උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

නඩරාජා Tuesday, 05 January 2016 06:36 AM

වාසනාවන්ත දරුවන්ට ‍මගෙන් සුබ පැතුම්! (නි)

:       0       0

උපාලි Tuesday, 05 January 2016 06:37 AM

දන්තනාරායන මහත්මයෝ දකුණ දැන් ප්‍රසිද්ද මිනීමැරුම් වලටනේ. (ස)

:       0       0

අබය Tuesday, 05 January 2016 06:42 AM

දන්තනාරායන, ඉවසල ඉන්න, අපි අලුත් පක්ෂයක් හදාගෙන හරි එනතුරු ඉවසන්න. එදාට වැඩ පෙන්වන්නම් (නි)

:       0       0

අනුර Tuesday, 05 January 2016 07:12 AM

කොළඹ ආනන්ද මහා විදුහල සහ නාලන්දයට මොකද දැන් වෙලා තියෙන්නේ? පසුබෑමට ලක්වෙලා නේද? ක්‍රිකට් විතරක් නොවේ අධ්‍යාපනයත් හොඳට තියෙන්න ඕනෑ (නි)

:       0       0

තිලකසිරි Tuesday, 05 January 2016 07:16 AM

මගේ පාසල ගැන මට ආඩම්බරයි (නි)

:       0       0

ගාමිණි Tuesday, 05 January 2016 07:22 AM

දැන්වත් දිස්ත්‍රික් පදනම සහ දුෂ්කර පදනම අහෝසිකර දක්‍ෂ දුප්පත් සිසුවාට විතරක් යම් සහනයක් දෙන ක්‍රමයක් ඇතිකළ යුතුයි (නි)

:       0       0

දුමින්ද Tuesday, 05 January 2016 03:24 PM

ආඩම්බරයි.(හේ)

:       0       0

කමල් විමලවීර Tuesday, 05 January 2016 07:38 AM

අපෙන් ශුභ පැතුම් මලියදේව මාතාවට . නාලන්දියෙක් ගෙන් (බ)

:       0       0

අජන්ත Tuesday, 05 January 2016 07:53 AM

හදපිරි උණුසුම් සුභ පැතුම් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site