මෙවර උසස් පෙළ විභාගයෙන් දිවයිනේ හොඳම ප්‍රතිඵල පෙන්වූ විශිෂ්ටතම පාසල බවට පත්වීමට කුරුණෑගල මලියදේව පිරිමි විදුහල සමත් වී සිටියි.
ඒ උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් දිවයිනේම පළමුවැනියා සමග හයවැනියාද ඊට අමතරව ගණිත අංශයෙන් දිවයිනේම දෙවැනියා සහ පස්වැනියා ද ඒ පාසලේ නිසාය.
වාණිජ අංශයේ දිවයිනේම පළමුවැනියා ලෙස අකීල් මොහොමඩ් සිසුවාද, ගණිත අංශයෙන් දිවයිනේම දෙවැනියා ලෙස නදීෂාන් ධනංජය කුමාර දිසානායක සහ පස්වැනියා ලෙස මෙවන් විජේවර්ධන ද වාණිජ අංශයෙන් දිවයිනෙන් හය වැනියා ලෙස ගයන්ත ජයසූරිය ද මලියදේව විදුහලට මෙම ඵෛතිහාසික කීර්තියක් උදාකැර දුන්හ.
කොළඹ අභිබවා පෙරට ඒමට කුරුණෑගල දිස්ත්‍රික්කය සමත්විය.
එසේම මෙවැනි කුසලතා සහිතව මෙතෙක් දිවයිනේ පාසලක් වාර්තා කළ ඉහළම විභාග ප්‍රතිඵලයද මෙයවන අතර මලියදේව විදුහල් ඉතිහාසයේ වාර්තා කැරුණු හොඳම විභාග ප්‍රතිඵලයද මෙයවේ.
වයි.ජී.තිලකරත්න මහතා මේ පාසලේ විදුහල්පතිවරයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි මලියදේවයන් (බ)
අප සියලු දෙනාගේ සුබ පැතුම්! මම මේ විදුහලේ ආදි සිසුවෙක්. (නි)
මාගේ විදුහල් මෑණියන් ගැන ගොඩාක් සතුටුයි ..රටට වටිනා පුතුන් රාශියක් බිහිකිරීමට උර දුන්නා. ඔබ සියලු දෙනාටම අනාගතයට සුබ පැතුම්. (බ)
මහින්ද මහත්තය දකුණේ ඉන්නකොට දකුණේ හොඳ ප්‍රතිළුල කුරුණෑගලට ආවහම එහෙත් හොඳ ප්‍රතිළුල (ම)
උණුසුම් සුබ පැතුම්! (නි)
කෝ මේ දකුණට මොකද වුණේ? (නි)
හරිම සතුටුයි (නි)
ආඩම්බරයි ! උණුසුම් සුබ පැතුම් ! (ම)
සුබ පැතුම්!! (නි)
හරිම සතුටුයි අපිට (නි)
උණුසුම් සුබ පැතුම් ! (නි)
ඇතුගල්පුරයට කීර්තියක් ගෙනදුන් දරුවනේ, ඔබට උණුසුම් සුබපැතුම්! (නි)
මම මලියදේව මවට සුබ පතනවා! ඔබ මේ රටට බිහිකළ වටිනා දරුවන් අතිවිශාල ප්‍රමාණයක් සිටිනවා. ගමේ පාසලක් මේ වගේ තැනක ඉන්න එක මට හරිම ආඩම්බරයක්. (නි)
මට ගොඩක් ආඩම්බරයි ! පායන සඳ අඹරේ...... සුදිලේ සැමකල්........ පාසල් මාතා අපේ........ (නි)
අපෙන් උණුසුම් සුබ පැතුම්! (නි)
වාසනාවන්ත දරුවන්ට මගෙන් සුබ පැතුම්! (නි)
දන්තනාරායන මහත්මයෝ දකුණ දැන් ප්‍රසිද්ද මිනීමැරුම් වලටනේ. (ස)
දන්තනාරායන, ඉවසල ඉන්න, අපි අලුත් පක්ෂයක් හදාගෙන හරි එනතුරු ඉවසන්න. එදාට වැඩ පෙන්වන්නම් (නි)
කොළඹ ආනන්ද මහා විදුහල සහ නාලන්දයට මොකද දැන් වෙලා තියෙන්නේ? පසුබෑමට ලක්වෙලා නේද? ක්‍රිකට් විතරක් නොවේ අධ්‍යාපනයත් හොඳට තියෙන්න ඕනෑ (නි)
මගේ පාසල ගැන මට ආඩම්බරයි (නි)
දැන්වත් දිස්ත්‍රික් පදනම සහ දුෂ්කර පදනම අහෝසිකර දක්‍ෂ දුප්පත් සිසුවාට විතරක් යම් සහනයක් දෙන ක්‍රමයක් ඇතිකළ යුතුයි (නි)
ආඩම්බරයි.(හේ)
අපෙන් ශුභ පැතුම් මලියදේව මාතාවට . නාලන්දියෙක් ගෙන් (බ)
හදපිරි උණුසුම් සුභ පැතුම් (බ)