අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ දී උසස් පෙළ ලියූ සිසුවකු ශාලාවෙන් එළියට එද්දී මහ පාරේදී පිහියෙන් ඇන පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සිසුවාගේ හදවත ළඟින්ම පිහිපාර වැදී ඇතැයි රෝහල් ආරංචි කියයි.
අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ දී උසස් පෙළ ලියූ සිසුවකු ශාලාවෙන් එළියට එද්දී මහ පාරේදී පිහියෙන් ඇන පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සිසුවාගේ හදවත ළඟින්ම පිහිපාර වැදී ඇතැයි රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරිට මෝඩ කතා කිව්වට මොකද අවසානයේ මේක එකත් එකටම රේන්ද කතාවක් වෙන්න ඕනේ. (නදී)
විභාගේ පටන් ගත්ත විතරයි, අනාගතේ වතුරේ දැම්මනේ කොහෙවත් හිටපු පාපතරයෙක් (දී)
අපේ රටේ දිනෙන් දින ඉහළ යන අපරාධ වලට වගකියන්නේ කවුද? (නි)
ඉක්මන් සුවය ලැබේවා! වුණ දේ හරියට නොදැන කිසි කෙනෙකුට වැරදි කියන්න බැහැනේ. (නි)
පිහියකින් අනින්න තරම් මොකක්ද තිබුණ ප්‍රශ්නය? (නි)
මටත් සෙනෙවි කියූ දෙයමයි හිතෙන්නේ. මගේ හොඳම මිතුරාට ඉගෙනගන්න තිබුන දක්ෂකම නිසා එයාගේ මව්පියන් දෙන්නගෙම සහෝදරියන්ගෙන් හරිම ගැහැට විඳින්න වුණා. අන්තිමට විභාග කාලයේ අපේ ගෙදර නැවතිලා පාඩම් කළේ. දැන් ඉංජිනේරුවෙක්. (නි)
දකුණට වැඩිපුර පොලිස් ස්ථාන දමන්න වෙයිද මන්දා? (නි)
ඒ ළමයයි පිහියෙන් ඇනපු මනුස්සයයි අතර මොකක්හරි ප්‍රශ්නයක් නිසා ඒක වුණාද දන්නෙ නැහැ. (නි)
ලංකාවේ පාසල් ඇරුනහම බස් එකේ නගින්න ඉන්න කොල්ලෝ කුරුට්ටෝ කතා කරන්නේ මොනවද පොඩ්ඩක් අහල බලන්න. අපේ අනාගතය සංස්කෘතිය ඒ අයගේ මව්පියන් සියල්ල දැනගත් හැකියි .ලව් කුණුහරුප වඩිමලුන් ඉදිරියේ,කිසිම හිරිකිතක් නැතිව , (අ)
මොන ප්‍රශ්නයක් තිබුණත් කතා කරලා විසඳගන්න තිබුුණා. (අ)
ආදර සම්බන්දයක ප්‍රතිපල වත්ද? (දී)
අම්මගෙන් ආශීර්වාද ලබාගෙන විභාගෙට ආපු දරුවෙකුට අත් වුනු ඉරණම? අපේ රටේ දකුණු පළාත දැන් සාහසිකයින්ගෙන් පිරුණු පුරවරයක්. (නදී)
මේක පෙම් පළහිලව්වුක් වෙන්න බැරිද? (නි)
මොකක්ද කුමාරි කියූ මෝඩ කතාව? එහෙම දෙයක් වෙන්න බැරිද? (නි)
මොන ප්‍රශ්න තිබුනත් මේ වැඩ නම් අන්තිම නින්දිතයි. දරුවට ඉක්මන් සුවය පතනවා (නි)
මොකද මන්දා! මටත් හිතෙන්නේම ඊර්ෂ්‍යාවක් පදනම් කරගෙන සිදු වුණ අපරාධයක් කියලාමයි. (නි)
ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි. (නදී)
මොන අපරාධයක්ද මේ? මේක දුටු අනෙකුත් දරුවන්ට ඇති වුණ කම්පනයම ඇති ඊළඟ දවසේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන මානසික මට්ටම වෙනස් කරන්න. (නි)
ෂුවර් එකටම නෑදෑයෙක් ඉරිසියාවට කරපු එකක් වෙන්න ඇති (අ)
මිනිස්සු මෙච්චර අකාරුණිකද? (නදී)
කුමාරි , මෝඩ කතා ලියන්න එපා. (නදී)
ඇයි දෙයියනේ මේ තරම් මිනිස්සු කුරිරු? පුතා ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.(අ)
මෙහෙම අය නිසා තමයි රට අඳුරේ තියෙන්නේ (නි)
භෞතික දේවල් වලින් අපි ආශ්චර්ය කරා යන්න උත්සහ කරනවා. එ්ත් ආධ්‍යාත්මයෙන් අපි දවසෙන් දවස ගමන් කරන්නේ අනෙක් පසට නේද. දවසේ වැඩි පැය ගණනක් බණ අහන අපි ඇයි බුදු දහමට පිටුපා භෞතික දේවල් ගැන විතරක් හිතන්නේ. (අ)
මෙතන උනේ මොකද්ද කියලාවත් හරියට සදහන් වෙලා නෑ. ඒ ළමයගෙයි පිහියෙන් ඇනපු මනුස්සයයි අතර මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඒක උනාද කියලා දන්නෙත් නෑ. එතනත් ආගමික නායකයන්ගේ වැරැද්ද. ආගමික නායකයෝ කරන්නේ උගන්වන එකයි, මිනිස්සුන්ට ආගම අනූව ජීවත් වෙන්න කියලා දෙන්න විතරයි පුලුවන්. ඒ අනූව ජීවත් වෙන එක තියෙන්නේ අපේ අතේ. මිනිස්සු කරන වැරදි වලට ආගමික නායකයෝ කොහොමද වැරදි වෙන්නේ. මට හිතා ගන්න බෑ මේ වගේ තැනකවත් කතා කරද්දි ඇයි මේ මිනිස්සු පොඩ්ඩක් හිතලා බලලා කතා කරන්නේ නැත්තේ කියලා. (නදී)
මේ වෙන දේවල් වලට ආගමික නායකයින් සහ දේශපාලකයින් වගකිවයුතු බවට මගේ අදහසේ ප්‍රකාශ (දී)
පුතේ නුබට ඉක්මන් සුවය ලැබේවා ! (නදී)
පුතණුවනි නුබට ඉක්මනින් සුව වේවා''ඒ වගේම විභාග ප්‍රතිපලත් සතුටු දායක වේවා''යි මා ප්‍රාර්ථනා කරමි, (දී)