උසස් පෙළ සමතුන්ට රජයේ රැකියා අවස්ථා හෝ දීමනාවක් ලබාදීම, නව රාජ්‍ය විශ්ව විද්‍යාල ඇරැඹීම ඇතුළු ඉලීම් 11ක් මුල් කර ගනිමින් ‘තරුණ්‍යයේ හඬ‘ සංවිධානය කොළඹ කොටුවේ දී උද්ඝෝෂණයක් පැවැත්වීය.
2014 අයවැය මගින් තරුණ පරපුරට ලැබිය යුතු සාධාරණ ඉල්ලීම් රජය ලබා නොදුන් බව පවසමින් ඔවුන් මෙසේ විරෝධය දැක්වූ අතර මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට කොළඹ කොටුවේ මුදල් අමාත්‍යංශය දක්වා පාගමනක් ඇරැඹූහ.
නමුත් සම්බුද්ධාලෝක විහාරය අසලදී පොලිසිය මාර්ග බාධක යොදා විරෝධතා පා ගමන නතර කළේය. ඉල්ලීම් ඇතුළත් සංදේශයක් බාර දීමට නියෝජිතයන් කිහිප දෙනකුට පමණක් මුදල් අමාත්‍යංශයට යෑමට අවසර ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියා කියන ඒවා එහෙම බලෙන් ගන්න පුළුවන්ද? (නි)
බටහිරවිරෝදයක්... ඉනියා ජතිකවාදයත් පැත්තකින් තියල... ලෝකේ රටවල් දියුණු වෙච්ච විදිහ බලත්ව... බටහිරට ඔය තරඟ අකමැතිනම් කොරියාව,ජපානේ,සින්ගපුරුව දිහා බලත්ව... දියුවෙච්ච මෙරටවල් දනවාදේ,වෙළඳපොල ආර්ථිකේ තම පාවිච්චි කලේ.චිනෙත් ආර්ථිකේ දනවාදී.පලනක්රමේ පමණක් සමාජවාදී. ආයෝජකයෝ ගෙනල්ල මේ කොල්ලන්ට රස්සාවල් දෙන විදිහක් හිතේ පහල වේවා....(අ)
ඉන්දියාවේ,තායිලන්තේ වගේ රටවල ලෝකප්‍රකට සමාගම් පදුරුගානේ ඉන්නවා. මේ යන විදිය වෙනස් වෙනපටක් නැද්ද.බලන්න හොණ්ඩා, ජගුවර්, ලෑන්ඩ් රෝවර්, ට්‍රයම්ෆ් බයික්ස්, අඩිදස්, හැර්ලිදේවිද්සන්, දුකාටි, බ්‍රිටිෂ් පෙට්‍රෝලියම්, රෙකිට් ආණ්ඩ කොල්මන්ස්,ප්රාඩා,ගුචි වගේ සමාගම් බංගලිදේශයේ ඉන්නවා. පාලකයන්ට මෙයින් එකෙක් ගෙන්වාගෙන රස්සාවක් මේ කොල්ලන්ට අරන් දෙන්ට තියන බැරිකම මොකද්ද. අපට එන්නෙම අර අයිඕසී, අමානාතකාෆුල් වගේ වැලේ වැල් නැති කොම්පැනි විතරද...(අ)
බන්දුල පෙරේරලා වගේ ගොට්ට කාරයෝ මේ කොල්ලන්ට බැන්නට, මේ කොල්ලන්ට රස්සා හම්බවෙන්නේ නෑ. රජයවල් රස්සාවල් දීපු කාලේ දැන් ඉවරයි.රජයක යුතුකම තමා ආයෝජකයෝ ගෙන්වල මේ කොල්ලන්ට රැකියාවල් දීමට පහසුකන් සලසාදීම.ඉනියා බටහිරවිරෝදෙන් ඔලුව ඔද්දල් උනහම ඒ වැඩේ කරන්ට බෑ. අපි ලොකුම ඇමතිමණ්ඩලේ නඩත්තු කරමින් පඩි නදී ගෙවන්නේ අපේ ප්‍රශ්න විසදනට නොවේ නම් වෙන මොන එකකටද...(අ)
මේ උද්ගොශනේ කරන්නේ රැකියාවක් ඉල්ලලා නම් කමක් නෑ.එත් රජයේ රැකියාවක් ඉල්ලලා නම් මේ උද්ඝෝශනේ කරන්නේ... ගගහ පන්නන්ට. මොකෝ ඒ හදන්නේ අයිස්ගහන්ට, පගාව ගිලින්ට, රාජකාරියේ මැච් බලන්ට,පමණක් නොවේ ලංකාව තවත් ලෝකෙට නය කාරය කරන්ට පර හදන එක.
මේ දරුවෝ ආණ්ඩුවේ රකියාවක්ම ඉල්ලලා පොරකන එකට ලංකාවේ සංස්කෘතියත් වග කියන්න ඕන.හේතුව ලංකාවේ මිනිස්සුන්ගේ හිතේ තියන පන්තිභේදෙයි නිලදාරිවාදෙයි සංස්කෘතියේම කොටසක්.ඒ නිසාම පුද්ගලික අන්ස සේවකයාව ගණන්ගන්නේ නැහැ.එගොටට කම්මැලිකම,පගගහිල්ල,හොර හිත වගේ දේත් එකතු උනහම තම මේ තරඟ ආණ්ඩුවේ රස්සාවලට කාදර හිතෙන්නේ.(අ)
අර අහවල් කට්ටියට ගිහින් කියන්න, රැකියාවක් ලැබෙයි (නි)
මෙතන කට්ටිය විදේශ යෝජනා ගැන කිවූූ නිසා මං යමක් කියන්නම්. ලෝකේ ලොකුම කිරි සමාගම ෆොන්ටෙරා ලංකාවේ ඉන්නවා. හැම දෙයකටම බටහිර විරෝධී බෝර්ඩ් ලෑලි උස්සගන්න පුරුදු වෙලා ඉන්න නිසා පහුගිය දවස් වල ෆොන්ටෙරා එකට විරුද්ධව නටපු නාඩගම දැක්කනේ.අන්තිමට මොකද වුණේ? ආයෝජකයෝ නොඑන්නේ මෙන්න මේ දේවල් නිසා... (නි)
ඉන්ටර්කොන්ටිනෙන්ටල්, ෂෙල්, දර්ලි බට්ලර්, ප්‍රොක්ටර් ඇන්ඩ් ගම්බල්,සිලෝන් ටුබැකෝ,රෙකිට් ඇන්ඩ් කොල්මන්ස්,නෙස්ලේ, වගේ කොම්පැනි එලවගත්ත.අන්තිමට එලවගත්තේ එමිරේට්ස්.එතකොට කට්ටිය හුරේ දැම්ම.ගිය අවුරුද්දේ විතරක් ගුවන් සේවේ පාඩුව කොටි දාහ කිට්ටු කරලා. ඉතිරිවෙලා ඉන්නේ ෆොන්ටෙර, හිල්ටන්, නොරිටකේ, යුනිලීවර්,බවර්,වගේ කොම්පැනි ටිකක් විතරයි. ඉනියබටහිර විරෝදී හිවල්ලු මේවට වග කියන්න ඕන කියලයි මන් නම් කියන්නේ. (අ)
උගත්කම අපේ රටේ රැකියා ලබන්න නොසුදුසු කමක් , හේතුව අද ඉන්න අමෙතිලා වැඩි හරියක් සාමාන්‍ය පෙළවත් අසමත් එමනිසා ඒගොල්ල යටතේ වැඩකරන්න 8 පන්තිය සමත් අය හිටියම ඇති කියලි ඒගොල්ල කල්පනා කරන්නේ . ඔබ සැමට අසුභ අනගතයක් (අ)
රටේ ආර්ථික බංකොලොත් භාවයට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් දූෂණය අනික රාජ්‍ය සේවය. මම හිතන්නේ ඔවුන් වෙනස් විදියට හිතන්න පුරුදු වෙන්න ඕනෑ.ඕනෑම රජයේ ආයතනයකට ගියවිට නිකරුනේ කාලය ගතකරන සේවකයන් එමටයි. (නි)
සුබසිංහ, නියම කතාව. ඔයා හරියට හරි. (නි)
උසස් පෙළ සමත් නම් විශ්ව විද්‍යාලයට යන්න හරි වෙන, උසස් අධ්‍යාපන කටයුත්තක් කරන්න පුළුවන්නේ ...මෙය උසස් පෙළ පාස් නැතිව රස්තියාදු ගහන කොලු රැලකගෙ ගොන් වැඩක්......දෙන්න තියෙන්න අඩු කැඩෙන්න. (ස)
කියමනක් තිබෙනවානේ "කෝකියෝ වැඩි වුණහම හොද්ද නරක් වෙනවා" කියා.ඔක්කොම ඇමතිවරු වුනශම ආර්ථිකය කඩා වැටෙනවා.කිසිවෙකුටත් හොද කළමනාකාරිත්වයක් නැහැ.හැම තැනම නොහැකියාව.මේ දේශපාලකයන් විදේශ රටවල හොද හිත ,විශ්වාශය දිනා ගන්න අපොහොසත් වෙලා.ජී.එස්.පී.බදු සහන රටට අහිමිවෙලා.ඇගලුම් කම්හල් කඩා වැටිලා.අපනයන අඩු වෙලා.රටේ ඉන්ධන සහ විදුලි ගාස්තු වැඩි වෙලා.ස්වයං රැකියාවක්වත් කරන්න වාතාවරණයක් නැහැ.මාධ්‍ය ඉදිරියේ පුරසාරම් දෙඩුවට රටේ යථා ස්වරූපය මෙයයි.අසීමිත ණය ගෙන අවිචාරවත් ව්‍යපෘති ආරම්භ කළත් ඒවායින් රැකියා අවස්ථා හෝ ප්‍රතිලාභ ගලාඒමක් නැත.ණය බර දිනෙන් දින වැඩිවෙනවා.ජනතවගේ රැකියා ප්‍රශ්න ද එතැනමයි.විසදුමක් පෙනෙනතෙක් මානයකවත් නැත. (නි)
රස්සාවල් ඇති කරන්නේ පුද්ගලික සමාගම්. ඉතින් සමහරු ඒ ආයතන වලට විරුද්ධනේ. (නි)
අපි ඔබලාට ඉගැන්නුවා. රැකියා ඔබලා සොයාගන්න. රැකියාවල් දීමට රජය බැදී නැත. ඔය ගොල්ලන්ට කරන්න පුළුවන් රැකියාව මොකක්ද? අන්න ඒක පළමුව කියන්න. (නි)
සුදුසුකම් නම් ප්‍රමාණවත් ඇති.ඒත් පොඩි ගැටළුවක් තිබෙනවා (නි)
හොද අදහස් දාලා තියෙනවා.මම ඉගෙනගත්තේ සාමාන්‍ය පෙළ දක්වා විතරයි.හොඳින් සමත් වුණා.පස්සේ කාඨමාලාවක් කළා.පත්තර වල තිබෙන හැම එකටම අයදුම් කළා.රැකියා තුනකට තේරුණා මගේ සුදුසුකම් අනුව.මම දැන් ලක්ෂ දෙකහමාරක් ගන්නවා මාසෙකට. මේ උසස්පෙළ සමතුන් කිවුවට මොනවද තියෙන අමතර සුදුසුකම්? (නි)
"රස්සාවල් ඇති කරන්නේ පුද්ගලික සමාගම්. " ඒගොල්ලෝ අධ්‍යායාපන සහතිකයට වඩා දේවල් බලනවා. සමහර සමාගම් රැකියා දීමේදී සුදුස්සාට ඔහු බලාපොරොත්තු වුවාට වැඩ වැඩි වැටුප් දෙනවා. (නි)
මගේ කුඩා හෝටලයක් සහ සංචාරක ව්‍යාපාරයක් තිබෙනවා. ලංකාවේ ඒවාට සේවකයන් සොයා ගැනීමට යාමේදී නිතරම විශාල ප්‍රශ්නවලට මැදි වීමට සිදුවේ. ලංකාවේ හෝටල් පාසල් තිබුනට ඒවා ගෙන් පිටවන සිසුන්ගේ ප්‍රයෝගික දැනුම ඉතාම අඩු බව පෙනේ. අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි වලට විශිෂ්ට සාමාර්ථ ඇති පුද්ගලයන්ට ඉංග්‍රීසි කතා කල නොහැක. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඉලක්ක කරන්නේ දොස්තරලා, ඉංජිනේරුවෝ, ගණකාධිකාරින් බිහි කිරීමටය. එසේ වීමට නොහැකි වන අයට විකල්පයක් නැත. අවසානයේ සිසුන් මේසන් වැඩක්, වඩු විදුලි කාර්මිකයෙක්, මෝටර් මිකෑනික් වැඩක් වැනි දෑතේ කර්මාන්තයක් ඉගෙනීමට මැලි වෙති. නික්කම කාලය ගත කරති. මේසන්, වඩු වැඩ, කාර්මික වැඩ කරන පුද්ගලයන් ඉස්කෝලේ 5 පන්තියට වත් ගොස් නැත. එම නිසා එම ක්ෂේත්‍ර වල ඉහලට යාමට අධ්‍යාපනය මදකම නිසා ඔවුන්ට නොහැක. , පුහුණු ශ්‍රම බලකායක් ඇත්නම් රටේ දියුණුවක් ඇතිවේ.විදේශ වලද ඉල්ලුමක් තිබෙන්නේ පුහුණු ශ්‍රමිකයන්ටය. මෙවැනි දේවල් ගැන සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාවට යෙදවීම ඇමතිවරු සහ නිලධාරීන් හිටියට මෙවැනි ඉලක්ක ඔවුනට නැත. ඔවුන්ගේ ඔලුවේ තිබෙන්නේ තමන්ගෙ පුද්ගලික ඉලක්ක පමණි. (ස)
සාධාරණ ඉල්ලීමක්.ඒත් විසදුම් ලබාගන්න තිබුනා හොඳ බුද්ධිමතුන් ටිකක් හිටියා නම්. කොහොම වුණත් දැන් රටේ තත්වය මට නම් පෙනෙන්නේ මෙහෙමයි. අඳුරේ අතපත ගෑමක්,වැහිබර අහසක්,අඳුරු අනාගතයක්! (නි)
ප්‍රමුඛ.ඔබ කියන දේ ලංකාවේ අයට වැටහෙයිද කියන එකයි ප්‍රශ්නේ.දැන් ඉතින් හිතන්න මොළයක් ඉතිරි වෙලා නැහැ (නි)
අර කෙනෙක් කිව්වා වගේ උදේ ඉදලා රෑ වෙනකම් අයුක්තිය,යුක්තිය කරලා,අවනීතිය නීතිය කරලා,අසාධාරනය සාදාරණීකරනය කරලා,විනාශය සෞභාග්‍යය කරලා පෙන්වනකොට රටේ මිනිසුන්ගේ මොළ නිකම්ම හේදෙනවා.ඉන්පස්සේ මිනිසුන් සාධාරනය කියලා හිතන්නේ අසාධාරනයට (නි)
ද සිල්වාගේ අදහසට මේ ටිකත් එකතු කරන්න... ලංකාවේ පන්ති බේදේ තරුණයන්ව නිකන් හිටියත් කිසියම් රැකියාවක් නොකරන තැනකට තල්ලු කරනවා.උදාහරණ ලෙස හෝටල් සේවකයෙක්ව කසාද බඳින්නට ගැහැණියක් කැමතිත් නැහැ.ඒ ඇයි... මේ ඔද්දල් මානසිකත්වේ වෙනස් වුනොත් ටිකක් හෝ තරුණයෝ තියන වැඩක් කරන්න බලයි. (ස)
අපේ ළමයින් පුරුදු වෙලා තියෙන්නේ හැම දෙයක්ම ඉතා පහසුවෙන් තමන් කිසිම මහන්සියක් නොවී ලබා ගන්න. දියුණු රටවල ළමයින් පාසල් යමින් පාර්ට් ටයිම් රැකියා කරමින් දුක් විදලා ඉගෙන ගන්නවා. අපේ ළමයි අම්මලා තම්බලා දෙන දෙයක් කාලා යන්තම් උසස් පෙළ සමත් කරලා කෙලින්ම බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවේ ලොකු පුටුවක්.නමුත් අමතර දක්ෂතා දියුණු කරගෙන අද නවීන ලෝකයට ගැළපෙන විදියට පොඩි තැනකින් පටන් අරගෙන ඉහළට යන්න බලපොරොත්තුවක් නැහැ. ඇමති මණ්ඩලයට බැණ බැණ ඉඳලා වැඩක් නැහැ. (නි)
රැකියා දෙන්නට බැහැ.උත්සාහයෙන් කුමන හෝ රැකියාවක් සොයා ගනු ! (ස)
රටකට ගිය කල ! (නි)
වැඩ කරන්න නොවෙයි මේ තරුණයන් යොමුවෙලා තියෙන්නේ. රැකියා ඕනෑ තරම් තියෙනවා වෘත්තිය පුහුණුව ඇති ඕනෑම කෙනෙකුට. නමුත් අපේ රටේ එයට ඔබට ඉඩක් නැහැ. පිටරටකටවත් යන්න බලන්න. පෙළපාලි වලට කාලය කා දමන්න එපා. මේ රටේ ඕනෑ තරම් තරුණයන් වැඩ කරනවා.අපේ ළමයින් පුරුදු වෙලා තියෙන්නේ හැම දෙයක්ම ඉතා පහසුවෙන් තමන් කිසිම මහන්සියක් නොවී ලබා ගන්න. (නි)
දියුණු රට වල පශ්චාත් උපාධිදාරින් පවා කම්කරු රැකියා කරනවා, ඕස්ට්‍රේලියාව වගේ රට වල මිනිස්සුන්ට ආඩම්බරකම් නැහැ. සුදුසුකම් වලට සරිලන රැකියාවක් නැත්නම් වැසිකිළි හෝදලා හරි ජීවත් වෙනවා. මහන්සි වෙලා වැඩ කරනවා. එහෙම නැතුව ආණ්ඩුවට දොස් කිය කියා උද්ගෝෂණ කර කර කාලය නාස්ති කරන්නේ නැහැ. මේ ළමයින්ට එහෙම කරන්න කිව්වොත් කරයිද? ලංකාවට හරි යන්නේ රැකියා පිළිබඳ තියෙන පුහුමානය නැති වු දාටයි (නි)
තිලක්-ඩුබායි, මත්පැන් කාර්යක්ෂමතාව අඩු කරනවා. බොහොමයක් දෙනා මනසික ආතතියෙන් පෙළෙනවා. දැඩි මුදල් අාසාවත් දහමට ආගම ට යොමු නොවීමත් කය පිළිබඳ අධ්‍යයනය නොකරන නිසාත් අසරණ වී ඇති බවක් ඩුබායි ශ්‍රී ලාංකිකයන් තුල ගැබ්වී ඇත. මුදලට ඇති අාශාව නිසාම නොයෙකුත් අධ්‍යාපන මට්ටම් තුළ බෙදීම තුළ තම වර්ගයාට අයත්ව තිබු රැකියා අවස්ථා වෙනත් රටවලට යොමු වන බව පෙනෙනවා. මේ තරුණයන්ට විදේශයකට යන්න හෝ නොහැකි තත්වයට මේ අයගේ වර්ගයාම වගකිවයුතු වෙනවා (නි)
ඉගන ගත්තට දැන් වැඩක් නෑ. අපිට රැකියා නෑ. ඇයි එහෙම වෙන්නේ හිතා ගන්න බෑ. මම හිතන විදියට දැන් රැකියා දෙන්නේ වත් පොහොසත් කම් අනුව. ඒකයි ඇත්ත. (ස)
කෝ මේ අපේ ඇමතිතුමා? (නි)
අනෙක් අයටත් රැකියා දෙනු. (නි)
සියල්ලන්ටම රැකියා දෙන්න රජයකට හැකියාවක් නොමැත.සෑම කෙනෙකුම තමාට ගැළපෙන රැකියාවක් හෝ කර්මාන්තයක් පටන්ගත යුතුය.රජය කළ යුත්තේ ඔවුන්ට අවශ්‍ය ණය පහසුකම් හෝ උපදෙස් ලබාදීමයි (නි)
බටහිර විරෝධියෝ බටහිර කොම්පැනි වලට ඔය තරම් බය නම්.... අකමැති නම්.... ගෙන්වන්නකෝ ජපන් කොරිං කොම්පැනි.... හොන්ඩ, කවසාකි, නිසාන්, ටොයෝට, සැම්සුන්, එල්ජී, සෝනි, නැෂනල්, වගේ කොම්පැනි ඉන්දියාවේ,පාකිස්තානේ ඉන්නවා. මෙහෙ නෑ. ඒ මොකෝ... හේතුව අසමත්කම,පාලකයන්ගේ බැරිකම,පමණක් නොවේ රටේ මිනිසුත් ඡන්දෙකදී නිකන් ලැබෙන්නේ මොනවද කියා සිතීමේ පුරුද්ද. කම්මැලිකම... ගොට්ට ඇල්ලීම... (ස)
දුවේ පුතේ, කරුණාකරලා අමාරුවෙන් හරි නිදහසේ, නොමිලේ කරන්න තියෙන පාඨමාලාවක් කරලා පහත වෙබ් වල තියෙන ජොබ් වලටයි, පත්තරේ ජොබ් වලටයි දාන්න.අනික උසස් පෙළ කරන්න ඉන්න දුවලා පුතාලා අලුතින් හඳුන්වා දුන්නු තාක්ෂණවේදය වගේ විෂයන් කරවන්න.වෙන විකල්ප නෑ. http://www.topjobs.lk/http://www.srilankajobs.net http://www.diligent.lk (ස)
රට ඉන්න අපටත් පිහිට වෙනු . (ස)
උසස් පෙළ සමතුන්ට තියා උපාධිධාරීන්ට වත් රැකියා නැති මේ රටේ, මෙවැනි වැඩ වලින් පලක් වේ දැයි සැක සිතේ. (ස)
මේ මාධ්‍ය සංදර්ශන පාන්නේ හරියට මේ රටේ රැකියා ගබඩාවක් තියාගෙන රස්සාවල් දෙන්නේ නැතුව ඉන්නවා වාගේනේ..උසස්පෙළ සමත්වීම රස්සවාකට සුදුසුකමක් නම් ඉතින් කට්ටිය ඔය විශ්ව විද්‍යාල වහල කාර්මික තාක්ෂණික විද්‍යාල වහල උසස් පෙළ සමත් උණු ගමන් කට්ටියට රස්සාවල් දෙන්න..බංකලොත් දෙසපලුවන්ගේ මැටි ගොන් වැස්සෝ ටිකක් පාරට බැහැල රටට විහිලු සපයනවා.. (ස)
මී දරුවන් "උසස් පෙළ සමතුන්ට රැකියා දෙනු" කියල කියනවා මිසක් "උසස් පෙළ සමතුන්ට ලම්බෝගිනි කාර් එකක් දෙනු " කියල නෙමෙයි නේද කියන්නේ?.(ස)
අද තරුණ අසහනය වැඩිවෙලා. (ස)
තිලක් ඩුබායි, මේක පුදුම වැඩක්නේ. බාලංශයේ ඉඳලා උසස් පෙළ දක්වා නිකන් උගන්වලා එතනින් නැවතුනහම ඒගොල්ලන්ට රස්සාවල් දෙන්න ආණ්ඩුව සුදානම් වෙලා ඉන්න ඕනෑ. සරසවියට ගියහම ඒ අවුරුදු 4-5ත් නිකන් උගන්නලා, නවාතැන් දීලා ඔක්කොම කළාට පස්සේ ඒගොල්ලන්ටත් රස්සාවල් හොයලා දෙන්න ඕනෑ. ඒ විතරක් මදි. ඊට පස්සේ පඩි වැඩි කරනු කියලා අායෙත් උද්ගෝෂණය කරනවා. ඊට පස්සේ ළමයි හදලා ඒගොල්ලන්ට කිරිපිටි අඩුකරනු කියලා අායෙත් උද්ගෝෂණය කරනවා. මේක ඉවරයක් නැහැ. ලෝකේ වෙන කොයි රටකවත් නැතුව ඇති මේ වගේ දේවල්. (නි)
පිස්සු කෙළිනවා. මේ දරුවන් ඉල්ලන්නේ වැඩක් කරන්න රස්සාවක්නේ. (ස)
දැන් හරි. ඉල්ලීම් ටික දෙයි මේන් කියලා. නිකන් බොරු වැඩ මේවා. (ස)
උසස් පෙළ කියන්නේ මහා ලොකු ලෙවල් එකක් නෙවෙයි. මම මේ කියන්නේ උසස් පෙළ සමතුන් බාල්දු කරන්ට නම් නෙවෙයි. උසස් පෙළ සමත් කට්ටිය රැකියා දියවූ කියල ඉල්ලුවට දෙන්නේ මොනවද..? එයාල දෙන ඕන එකක් කරනවද..? මන් හිතන්නේ ඒ ගොල්ලන් ඉල්ලන්නේ බැංකුවල රස්සාවල්. දුම්රිය දෙපර්තමෙන්තුවෙයි, මාර්ග සංවර්ධන අධිකාරියෙයි ඕන තරම් රස්සාවල් තියෙනවා. හැබැයි මහන්සි වෙන්ට නම් ඕන. මෙයාල කරයිද..? (ස)
හැම ප්‍රස්නේටම උණ්ඩයෙන් විසදුම් හොයන්න ගිය පාලකයන්ට මොකද වුනේ කියල කියන්න ඕනේ නැහැනේ.(ස)
මෙයාට ඇයි තදවෙලා (ස)
මේ අය විතරයි අඩුවෙලා තිබ්බේ, දැන් එකත් හරි. තව ඉස්සරහට ඕ ලෙවල් අයත් පාරට බහි. (ස)
ඉන්දික මහත්මයා හරියට හරි. තිලකරත්න බැඳ මහත්තයට බලන්නේ කකුල වටේ පමණයි. ඉන් එහාට බලන්ට දැක්මක් උන්නැහේට නැහැ. හේතුව උසස් පෙළවත් සමත් නැති නිසයි මං හිතන්නෙ. (ස)
අද හැම දෙයකටම උද්ඝෝෂණ, රැකියා කවුරුන් හෝ ළගට ගෙනවිත් දෙන්නේ නැත. තමන්ගේ සුදුසුකම් පෙන්වා සුදුසු රැකියා අන්තර්ජාලය තුලින් හෝ අයදුම් කර ලබාගත යුතුයි. (නි)
බන්දු ඕයා හරි මල්ලි ඕයා හරි , (ස)
මෙතන තියෙන්නේ සංදර්ශනයක්..ඔය ඇවිත් ඉන්න කට්ටියත් දන්නවා උපාධිධාරීන්ටත් තරගඟක් තියෙන රටේ, නිකන් උසස් පෙළ සමත් වෙලා විතරක් හොඳ රැකියා අවස්ථා බලාපොරොත්තුවීම විහිළුවක් කියලා.මේ රටේ රැකියා අවස්ථා ඕන තරම් තියනවා..කට්ටිය කරන්න අකමැති ඒකයි වැඩේ.. එක්තරා බංකලොත් දේසපාලන පක්ෂයක් වෙනුවෙන් මේ වැය කරන කාලය ප්‍රයෝජනවත් ක්‍රියා මාර්ගයකට යෙදෙව්වා නම් කට්ටියට මේ රටේ රැකියාවක් නම් නැති වෙන්නේ නැහැ.අපේ තිලක් ඩුබයි ඔය කියන විශ්ව කර්ම තුමා බලේට ආවාම කට්ටියට පෙළපාලි යන්න ඕන වෙන එකක් නැහැ..උසස්පෙළ නෙමෙයි සාමාන්‍ය පෙළ කට්ටියටත් රැකියා දේවි..පරිප්පුයි බතුයි වෙනුවට චයිනීස් කවාවී..ඇමති මණ්ඩලේ හතට බස්සල දුෂණ වංචා නැති දේසපාලකයෝ ටිකක් බිහි කරාවී..රටේ අපරාධ නැති වෙලා රට කිරියෙන් පැණියෙන් ඉතිරිලා පාලකයෝ පලිතයෝ ඔක්කොම හතර පෝයට සිල් ගනීවි.මේ රටත් ස්විස්ටර්ලන්තයක් වේවි..අනේ ඩුබයි තිලක් ..ඩුබයි වල මොකද කරන්නේ..මී හරක් බලනවද ? (ස)
හොඳ නිර්මාණශීලී දරුවෝ ටිකක්. කොහොම හරි බා ගත්තානම් ඊළඟ ඡන්දෙට පෝස්ටර් ටික අන්දාගන්න තිබුනා.(ස)
රජයෙන්ම රස්සාවල් ඉල්ලන්ට එපා මල්ලියෝ. පුද්ගලික අංශයේත් රස්සාවල් තියෙනවා නේ. මහන්සි වෙන්ට පුළුවන් නම් එන්න මමත් දෙන්නම් මේසන් වැඩ.. (ස)
ආණ්ඩුව බලෙන් හැමෝටම විභාග පාස්කරන්න කියල බල කරලා නැහැ. වෙනත් රටවල ආචර්ය උපාධි කරපු අයත් රැකියා නැතුව ඉන්නවා. ආණ්ඩුව කල යුත්තේ රැකියා අවස්තා ඇති කරන ඒක. ඉල්ලුමට වැඩිය සැපයුම වැඩි උනාම මේක වෙන්නේ. අද ගොඩක් ගම්වල රබර් සහ අනෙකුත් කර්මාන්ත සඳහා රැකියා තියනවා. ගොඩක් අය බලන්නේ ආණ්ඩුවේ කර්ලයකට ගිහිල්ල පිනට පඩි ගන්න. මම දන්නවා ගොඩක් ආණ්ඩුවේ කාර්යාල වල දේසපාලන ලිපි වලින් අපු අය ගෙන් වැඩ ගන්න අමාරුයි. ලොක්ක මොනවා හරි වැරැද්දක් කිවොත් දේසපාලන හයිය ගන්න බලනවා. අද රජයේ සමහර ආයතන වල වැඩ බල වෙලා තියෙන්නේ මේ නිසා (ස)
උසස් පෙල පාස් අයටත් දෙන්න.ඊට කලින් 2012 දී උපාධිධාරී වැඩ සටහනට ඇතුලත්ව බඳවාගත් උසස් ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන්ටත් රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලබා දෙන්න. (ස)
ඇත්ත බන්දුල පෙරේරා ආයිත් ඇවිල්ල වගේ.ඔහුගේ සමහර අදහස් හොඳයි. (ස)
මට නම් රැකියා අවස්ථා කිහිපයක් ලබාදෙන්න පුළුවන් (නි)
තත්වය එතරම් හොඳ නැහැ වගෙයි. (නි)
පෙළපාලිය තුලින් උනත් මේ යෞවනයෝ ටික වින්දනයක් ලබන බව පේනවා.මෙයාල පරිප්පුයි බතුයි පමණක් ආහාර වේලට ගත්ත අය නෙවියි වගේ.අනෙක සම්ප්‍රදායික ආහාර වේලකට අප රටේ පරිප්පුයි බතුයි තියෙනවමනේ. (ස)
ලෝකයේ වැඩිම ඇමති මණ්ඩලයක් සිටින රටක් වුවද ,තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට කිසිදු වැඩපිළිවෙලක් නැත.රටේ නිෂ්පාදන ක්‍රියාවලියට තරුණ ශ්‍රමය දායක කර ගැනීමට මොවුන්ට කිසිදු වුවමනාවක් නැත.ඇමති මණ්ඩලය හත් දෙනෙකුට සීමා කර ඇති ස්විස්ට්ලන්තයේ තරුණයා පාසලෙන් හෝ විශ්ව විද්‍යාලයෙන් එ්‍ළියට එන විට ඔහුගේ සුදුසුකම් මත රැකියාව හිමිවේ.රැකියා අයැදිමින් දේශපාලකයන්ගේ දෙපා මුල වැඳ වැටෙන්නට වුවමනාවක් නැත.දේශපාලනඥයෝ රට වෙනුවෙන් තම වගකීම මැනවින් ඉටු කරති.ජනතා දේපොළ,බදු මුදල්,අල්ප මාත්‍රයක්වත් නිකරුනේ නාස්ති නොකරති.කොමිස් ගහමින් තම මඩිය තර කර නොගනිති.මේ නිසා සෑම පුරවැසියෙකුටම අධ්‍යපනයත්,රැකියා අවස්ථාත් හිමිවේ.සැමටම උසස් ජීවන තත්වයක් උදාකිරීමට අවම වැටුප ලංකා මුදලින් රුපියල් ලක්ෂ 5 කි.රටේ නීතියද සියල්ලන්ට එක සමානය. (නි)
අද මධ්‍යම පාළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ රැකියා නැති උපාධි ධාරින් 5000 කටත් වැඩිය ඉන්නවා අවුරැදු 2 -3 පරණ උසස් පෙළ සමත් අය (දිල්)
අප්පේ පෞද්ගලික ආයතනවල කොච්චර නම් ඇබෑර්තු තියනවාද හැබෑට. අනේ දරුවනේ පිනට පඩි ගන්න හදන්න එපා. කොහේ හරි රස්සාවක් හොයාගන්න. ආණ්ඩුවේ රස්සාවල් දෙනකම් බලන් ඉන්න එපා. (ස)
රටේ තියෙන කර්මාන්ත ශාලා වහන්න කියනවා. ලංකාවේ ඉන්න යමක් කරන්න පුළුවන් සාධාරණව හිතන මිනිස්සු රට හැරලා යන විදියට තව රැකියා අඩුවේවි (නි)
බන්දුල මහතාගේ අදහස නිවැරදිය (නි)
ඕනෑම රැකියාවක් කර එතනින් දියුණු විය යුතුය. ඇතැම් රටවල සුළු රැකියාවක්වත් නැහැ. අප රටේ තවමත් එහෙම නැහැ. (නි)
මේ තරුණයන්ගේ ඉල්ලීම සාධාරණයි.රටේ සෑම පුරවැසියෙකුටම අධ්‍යාපනය,සෞඛ්‍ය,නිවාස,රැකියා අවස්ථා සලසා දීම රජයේ වගකීමක්.මේ හැමෝම ඉල්ලන්නේ රජයේ කාර්යාල වල රැකියා නොවේ.රජය මේ තරුණයන්ට ජීවත් වීමට සුදුසු යාන්ත්‍රණයක් සකස් කළයුතුය.ස්වයං රැකියාවක් කිරීමට සුදුසු වාතාවරණය ගොඩ නැගිය යුතුය.එළවලු,පලතුරු කෘෂි නිෂ්පාදන සදහා වෙළද පලක් සැකසිය යුතුය.රට වටා ඇති මුහුදේ මසුන් ඇල්ලීම වෙනත් රටකට බදු නොදී ධීවර කර්මාන්තය විධිමත්ව කරගෙන යාමට තරුණ පරපුරට පහසුකම් සැළසිය යුතුය.කිරි නිෂ්පාදය සදහා ගවයින් මෙන්ම අවශ්‍ය භුමිය බදු පදනමකින් හෝ ලබා දිය යුතුය.මෙසේ මොවුන් ආර්ථිකයට සක්‍රීයව දායක කර ගත යුතුය. (නි)
ලංකාවේ සමහරු හිතන්නේ උපන් දා ඉඳලා අම්මා තාත්තා අයියලා අක්කලා හැමදේම අතට පයට කරලා දෙන්න ඕනෑ කියලා. ආණ්ඩුව තමන් ඉල්ලපු ගමන් රස්සා දෙන්න ඕනෑ. නමුත් තමන්ගේ පැත්තෙන් කිසිම දෙයක් වෙලා නැහැ. උසස් පෙළ කළා විතරයි. ඔක්කොම කිසිම මහන්සියක් නැතුව අනිත් අය කරලා දෙන්න ඕනෑ.උපාධිදාරියොත් රැකියා නැතුව ඉන්න රටේ මේ අය ඉල්ලන්නේ මොන වගේ රැකියාද කියලා අහලා බලන්න වටිනවා. (නි)
උසස්පෙළ සමතුන්ට රැකියා ලබා දෙනවානම් මාද එයට කැමතිය.එසේ ලබා දුනහොත් මටද රැකියාවක් බලාපොරොත්තු වෙමි.
උසස්පෙල සමතුන්ට රැකියා ලබා දෙනවා නම් මාගෙ සුදුසුකම් අනුව රැකියාවක් ලබා බලාපොරොත්තු වෙමි