2015 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයයේ දසුන් ජයසිංහ සිසුවා ද, විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගම්පහ රත්නනාවලී බාලිකා විද්‍යාලයයේ තෙපුලි උමේෂා ශිෂ්‍යාව ද, ඉංජිනේරු තාක්ෂණ අංශයේ ප්‍රථම ස්ථානය මාතතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ සසන්ක අනුරුද්ධ ශිෂ්‍යයා ද හිමි කරගෙන ඇත.
කුරුණෑගල මලියදේව විද්‍යාලයයේ අකිල් මොහොමඩ් වාණිජ අංශයේ ප්‍රථමයා ය.
කලා අංශයේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකාවේ ජීවා නයනමාලි ද, පොදු විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයයේ බුද්ධිකා චතුරංගි හිමි කර ගත්හ.
අ.පො.ස උසස් පෙළ විභාගයේ ගැඹුර වටහාගෙන සාමාන්‍ය පෙළ අවසන් වූ දා සිටම එයට සූදානම් වු නිසා දිවයිනෙන්ම ප‍්‍රථමයා ලෙස සමත්වීමට තමන්ට හැකි වූ බව ගණිත අංශයෙන් දිවයිනේ ප‍්‍රථමයා වූ කොළඹ රාජකීය විද්‍යාලයේ දසුන් ඕෂධ ජයසිංහ සිසුවා පැවසීය.
ඕෂධ 2012 වසරේ අ.පො.ස සාමාන්‍යපෙළ විභාගය සමත්වූයේ ද දිවයිනේම ප‍්‍රථමයා ලෙසිනි.
ගම්පහ ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි ඕෂධ මූලික අධ්‍යාපනය ලබාඇත්තේ ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයෙනි.
ඡායාරූප හා වීිඩියෝ - ලහිරු හර්ෂණ
ඡායාරූප පුෂ්පකුමාර ජයරත්න
2014 උසස් පෙළ විභාගය පෙනි සිටි පුත්තලම ජනාධිපති විද්‍යා විද්‍යාලයේ ජේ. එම්. එම්. මුන්සිෆ් දෙමළ මාධයෙන් උසස් පෙළට පෙනි සිට උසස් පෙළ උද්භිද විද්‍යාව දෙවන තැන හිමි කරගත්තේය.
ඡායාරූප හිරාන් ප්‍රියංකර










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණයෙන් ගම්පහ පළවෙනියා රත්නාවලී විද්‍යාලයෙන් (අ) )
සුභ අනාගතයක් ඔබ සැමට! විශ්ව විද්‍යාලයට ගිහින් දේශපාලන කටයුතු වලට සහ පෙළපාලි වලට නොයා දෙමවුපියන්ගේ සහ ගුරුවරුන්ගේ ගෞරවය රැකෙන විදිහට අනාගතය ගොඩනඟාගන්න සියලු ධෛර්යය ලැබේවා! ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. (නි)
දරුවනේ, ඔබගේ අනාගතය දීප්තිමත් වේවා...! සැමට සුබ පැතුම්....! (නි)
ඔබ සැමට සුබ පැතුම් (හේ)
ඔබ සැමට සුබපතමි බෝහෝ හොදියි (අ)
ජයග්‍රාහී ඔබ සියලු දෙනාට මගේ උණුසුම් සුබ පැතුම් දරුවනේ. (ස)
සුබ පැතුම් දරුවනේ ඔබ සැමට. (ස)
පොදු විෂය අංශයේ ප්‍රථම ස්ථානය (ගණිතය සමග තොරතුරු තාක්ෂණය) රත්නපුර සීවලී ශිෂ්‍යයා කෝ? (ස)
සියලු දෙනාටම මගේ උණුසුම් සුබ පැතුම්. අනාගතයේදී ශ්‍රී ලංකාවට වැඩදායක පිරිසක් වේවා !! (බ)
ඔබගේ අනාගතය දීප්තිමත් වේවා...! සැමට සුබ පැතුම් (ම)
ඔබලාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! (බ)
ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ශිෂ්‍යයා කෝ. එයාගෙත් පින්තුර දාල නගරයත් දැම්මොත් ගොඩක් සතුටු වෙයි. හැමෝටම සුබ පතනවා.(බ)
සියලු දෙනාටම උණුසුම් සුබ පැතුම්! (බ)
අනේ ළමයිනේ ලංකාවට බරක් නොවී රටට ආඩම්බරයක් වෙන්ඩ, හොදට විබාගෙය් පාස් උනාවගේම උපාදියත් හරියටම කරලා උද්ඝොසනවලට නොයා ස්ට්‍රිකේ කරන්නේ නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට වැඩක් කරන්ඩ වාසනාව ලැබේව (කෞ)
උසස් පෙළ විභාගයෙන් ජය ලැබූ සියළු දරුවන්ට සුබ පතනවා. ඒත් සමහර දරුවන්ගේ ප්‍රතිඵල විශ්වාස කරන්න බැරිබවක් පෙනෙනවා. පාසලේදීත්, උපකාරක පන්ති වලදීත් ඉතාම හොඳින් වැඩකළ ළමයින්ට හොඳ ප්‍රතිඵල නැහැ. (නි)
උසස් ලෙස සමත් වුන ඔබලාටත් සමත් වුන අනෙක් සියලු දෙනාටත් සුබ පතනවා. (බ)
උසස් පෙළ විභාගයෙන් ජය ලැබූ සියළු දරුවන්ට සුබ පතනවා. ඒත් සමහර දරුවන්ගේ ප්‍රතිඵල විශ්වාස කරන්න බැරි බවක් පෙනෙනවා. කොහේහරි වැරැද්දක් වෙලා වගේ පෙනෙනවා. හැමෝගෙම නෙමෙයි. ඒත් ළමයි සෑහෙන ප්‍රමාණයකට මෙහෙම වෙලා. ප්‍රධාන පාසල්වල හැමදාම වාර විභාග වලින් ඉදිරියෙන් හිටපු හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වුණ දූලා පුතාලා ඉන්නවා පිළිගන්න බැරි ප්‍රතිඵල ආ අය..... (නි)
ඔබලාට යහපත් අනාගතයක් ප්‍රර්ථනා කරනවා. (ර)
දරුවනේ, රටට වැඩදායක පිරිසක් වෙන්න. දුරකතරේ ඉන්න අපෙන් උණුසුම් පැතුම්! (නි)
දුවේ පුතේ, නුඹට මගෙත් සුබ පැතුම්! නොහඳුනනාමුත් මගේ සිතටත් හරිම සතුටුයි නුඹලා ගැන. අනාගතය යහපත් වේවා! (නි)
අපෙනත් සුබ පැතුම්! (නි)
සියලු දෙනාටම සුබ අනාගතයක්! (නි)
සියළු දෙනාටම උණුසුම් සුබ පැතුම්! ජීවිතයේ එක කඩයිමක් පමණක් යැයි සිතා කටයුතු කරන්න. (නි)