මෙවර උසස් පෙළ ප්‍රතිඵල දැක්කාම විශාල අනතුරක පෙරනිමිති පෙනෙන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (5) කිරුළපන බොදුබල සේනා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
‘උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් පේනවා ජයග්‍රහණය කරපු දරුවන්ට ආශිර්වාද කරනවා. මාධ්‍ය ආයතවලට ගෙනැල්ලා සුබ පතනවා. ඒ වුණත් අධ්‍යාපනය කඩා වැටිලා. හැම ආණ්ඩුවක්ම රටේ අධ්‍යාපනය බරපතල විදියට කඩා වැටීමට කටයුතු කර තිබෙනවා. අධ්‍යාපනය කියන්නේ රටේ සාරධර්මයන්, සංස්කෘතිය ජාතියට උරුම කර දීමයි. නමුත් දැන් තිබෙන්නේ අයාලේ යන සංස්කෘතියක්. ජීව විද්‍යා හා ගණිත අංශයන්ගෙන් 2013 වසරේ සමත්වූ ප්‍රමාණය 34%ක්. 66%ක ප්‍රමාණයක් වාණිජ හා කලා විෂයයන්ගෙන් සමත් වෙලා තිබෙනවා. රටක් දියුණු වීමේ මූලිකම දෙය විද්‍යා හා ගණිත විෂයන් හැකිතරම් දියුණු කිරීමයි. මෙතැනම අර්බුදය පෙනෙනවා‘ යැයිද උන්වහන්සේ සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.පාස් වෙන පැත්ත විතරක් බලන්න එපා.අසමත් වෙන පිරිස ගැනත් සොයා බලන්න.(හේ)
ඔබවහන්සේ හරි (නි)
අපේ හාමුදුරුවනේ, ඔහොම යන්න දෙන්න. ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා! (නි)
පුදුමයි... මෙයාට, රටේ ඇත්ත ප්‍රශ්නයක් බොරැවට හරි අහුවෙලා...(බ)
හාමුදුරු නමක් උනන්දු විය යුත්තේ ගණිතය ගැනද අනිත්‍ය ගැනද? (බ)
අනේ සාදු හොද වැඩකට හිත යොමු කරලා තියනවා (ම)
කවුරු මොනවා කිව්වත් ඇත්තම ඇත්ත නම් තවම ගම නැඟලා නැහැ. ඕනෑ කෙනෙක් අරගෙන බලන්න වාර්ෂික ඇස්තමේන්තුව. ඒකෙන් 20%ක්ම කොළඹ අධ්‍යාපන කොට්ඨාශයට. අඩුගානේ දිස්ත්‍රික්කයටවත් නොවෙයි. හිතලා බලන්න කොහොමද කියලා. හොඳම දේ කරුණාකරලා ගම දියුණු කරන එක. (නි)
දැන්වත් හැදෙන්න. රට අවුල් කරන්න එපා (නි)
ගණිතය අංශයේ සිසුන්ට පොත් පාඩම් කරලා ලකුණු ගන්න බැහැ. මොළය වෙහෙසලා ගණන් ප්‍රශ්න වලට තමන්ම පිළිතුර සමීකරණ යොදා සොයන්න වෙනවා. ජීව විද්‍යාවට බොහෝ පොත් කියවා කටපාඩම් කර උත්තර ලියන්නට වෙනවා. මේ අංශ දෙකටම ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රශ්නත් අයත් වෙනවා. එමනිසා මේ අංශවල ඉහළ ප්‍රතිඵල ලබන සිසුන් සැමවිටම අඩුයි. (නි)
හාමුදුරුවෝ අපිට මොනවා කියනවද මන්දා? (නි)
මාලින්ද, තේරුම්ගන්න උත්සාහ කරන්න. කිසිදිනක විද්‍යා හා ගණිත අංශයන් කලා, වාණිජ අංශ අභිබවා ගියේ නැහැ. සහතික ඇත්ත. නමුත් වියයුත්තේ හා කළයුත්තේ එයයි. අනෙක අද ප්‍රතිශතයක් ලෙස ගත්කල අංශ දෙකේ පරතරය ඉතා ඉහළයි. එය වසරින් වසර ඉහළ යනවා. කළයුත්තේ එය අවම කරගැනීමයි. බොදුබල සේන ගැන මගේ එතරම් පැහැදීමක් නැහැ. නමුත් ඇත්තට ඇත්ත කිවයුතුයි (නි)
මෙහෙම යනකොට මොනවා වෙයිද? (නි)
මේ පාර විතරක් නොවේ, හැමපාරම ඔහොම තමයි. මට නම් අවුල ඕක නෙමෙයි. ඉංජිනේරු අංශයට හැර අනිත් සෑම පීඨයකටම සීයට 70ක් ම යන්නේ කෙල්ලෝ. කලා පීඨයේ 82% ක් කෙල්ලෝ. වාණිජ 70%, වෛද්‍ය 62%, කෘෂිකර්ම 70%යි. දැන් ලංකාවේ කොල්ලෝ ඉගෙනගන්න කැමති නැහැ. (නි)
කතාව ඇත්ත කියලා අපිටත් තේරෙනවා (නි)
ටියුෂන් මාෆියාව ගැන කවුරුත් කතාකරන්නේ නැහැ (නි)
මෙහි තිබෙන සමහර අදහස් දැක්කහම රට ගැන, රටේ ජනතාව ගැන හරිම කණගාටුවක් හිතෙනවා. හාමුදුරුවෝ කියන කතාව සහතික ඇත්ත. අපි රටක් විදිහට ගොඩනැගෙන්න අධ්‍යාපනයේ දුර්වල අංශ දියුණු කරගත යුතුයි. මේවා කුහක සිතින් දේශපාලන කණ්ණාඩි වලින් බලන්න එපා. (නි)
මොකක්ද ඔය කියන අනතුර? (නි)
මේ ප්‍රකාශයට අපහාස කරන්න නෙමෙයි තියෙන්නේ, මේ ගැන අවදානය යොමුකර යම් පිළියමක් කිරීමයි (නි)
ලියනගේ කියන කතාව අැත්ත. (නි)
අපේ රටේ වැඩියෙන්ම තැනක් තියෙන්නෙත්, වැඩියෙන් මුදල් හම්බකරන්නෙත් දේශපාලකයෝ. ඔවුන්ට මේ මොකුත් නැහැ. එමනිසා මේ ගැන නොවෙයි කතා කළයුත්තේ රටකරවන දේශපාලුවන් ගැනයි. ඔවුන්ට මීටපසු ඡන්දයට ඉල්ලන්න අඩුම සුදුසුකම උපස් පෙළ ගණිතය හෝ විද්‍යාව හෝ වාණිජ කරන්න (නි)
අනේ හාමුදුරුවනේ, දැන් පෙරනිමිති පෙනෙනවා නේද? අනේ! අපේ හිටපු නායකයාට වෙන දේ දැක්කේ නැද්ද? (නි)
උසස් පෙළ මතම සියළු දේ තීරණය කරන්න බැහැ (නි)
අද අධ්‍යාපන දෙපාර්තමේන්තුව විභාග දෙපාර්තමේන්තුව වෙලා. විභාග අමාරුකළාට කමක් නැහැ සැළකියයුතු ප්‍රමාණයකින් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නම් (නි)
යමෙක් සත්‍ය ප්‍රකාශ කරනකොට සමහරුන්ට පිස්සු හැදෙනවා. අධ්‍යාපනයට ජාතියේම අවධානය යොමුවිය යුතුයි (නි)
හැමවෙලේම නරකටම බලන්න එපා. මේ කියපු කතාව 100%ක් නිවැරදියි. තීරණය ඔබ අතෙයි (නි)
මේ කියන ඒවා අපි නම් එච්චර ගණන් ගන්නේ නැහැ (නි)
දියේ ගිලෙන්න යන මිනිහ පිදුරු ගහක් වුණත් අල්ලාගන්නවා කියනවනේ. (නි)
මේ ළමයි ඉගෙනගත්තේ රාජපක්ෂ යුගයේ, විභාගය ගත්තේ දැන්. පුදුමයක හැටි මේක ඒ කාලේ නොපෙනුන එක. (නි)
කලා, වාණිජ අංශයන්ට වඩා ගණිත, විද්‍යා විෂයන් තෝරාගන්නා පිරිස අඩුයි. ඒකෙනුත් සුළු පිරිසක් තමයි ඉහළ ප්‍රතිඵල ලබන්නේ. නගරයේ පාසල් කෙසේවෙතත් ගම්බද පාසල්වල මේ ප්‍රවණතාවය මීටත් වඩා අඩුයි. විශේෂයෙන් ඒ පළාත් වල එම විෂයන් සඳහා දක්ෂ ගුරුවරු නැතිකම විශේෂයෙන් මෙයට හේතුවක් බවයි මගෙ නම් හැඟීම. (නි)
සමහරු එල්ලෙන්න වැලක් හොයනවා වගෙයි (නි)
සාරධර්ම ගැන නම් ඔබවහන්සේගේ සමහර ආවේගශීලී කතාවලින් අපිට මොනවට පැහැදියි (නි)
ලියනගේ, පුද්ගලයා කවුරු වුණත් අදහස සමාජයට ගෙන එන්නේ හොඳ දෙයක් නම් එය හොඳයි. ඔබ වගේ උදවිය නිසා අපේ සමාජය තිබෙන තරමින්වත් තිබෙන්නේ නැහැ. ඒකත් වල් වද්දවන්න හදනවා. (නි)
ඔය පේන්නේ 2015 ජනවාරි 8 වෙනකල් රට කරල තියෙන විදිහ තමයි....(බ)
හැම එකටම මොකක්හරි කියනවා ...... (නි)
කතාකරන්න මාතෘකා හිඟයක් පවතින බව පෙනෙනවා. කලා, වාණිජ පහසුයි. විද්‍යා ගණිත අමාරුයි. හැමදාම ප්‍රතිඵල අනුපාතය ඔහොම තමයි. (නි)
හාමුදුරුවෝ කියන දේ හරි. (නි)
ඔබ වහන්සේ හරි (නි)
නින්දෙන් පිබිදිලාද? වෙනදත් කලා අංශයෙන් තමයි වැඩි (නි)
මොනවාහරි කියලා ප්‍රශ්නයක් ඇති කරන්න තමා සමහරු උත්සාහ කරන්නේ (නි)
සිංහලයිනේ, හිතන්න කාලයයි මේ (නි)
ඉතින් හාමුදුරුවන්ට පන්සල් මට්ටමෙන් දරුවන්ගේ ගණිත දැනුම වැඩිකරන්න වැඩපිළිවෙලක් පටන්ගන්න බැරිද? (නි)
විද්‍යාව දියුණුවෙන්නේ කොහොමද, සමහරු වෛරය අවිද්‍යාව හැමතිස්සෙම පතුරුවනකොට? (නි)
අනේ! ඔබවහන්සේ දකිනකොට මට පුදුම තරහක් එනවා. ඇයි කියලා මම දන්නේ නැහැ (නි)
ඒත් කලින් කෙනෙක් නම් කිවුවේ වෙන කතාවක්. ගණිතය නැතත් උසස් පෙළ කරන්න පුළුවන් කිවුවා (නි)
දියුණු රටවල ගණිත විෂය සමත්වීම අනිවාර්ය කරලා තියෙන්නේ. මොකද ගණිත විෂය ගැන නිපුණතාවයක් ඇති කෙනෙකුට නිවැරදි තීරණ ගැනීමේ සහජ හැකියාවක් තියෙනවා. එහෙම සහජ හැකියාවක් ඇති මිනිස්සු ඉන්න රටක් ඉබේම දියුණුවට පත්වෙනවා. මේකේ වැඩි හරියක් අදහස් කරලා ඇති ඒවා බැලුවහම තේරෙන්නේ ඒ හැමෝම මේ යන විදිය හොඳයි කියන එක තමයි (නි)
මම හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා ගණිතය සමත් කීදෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා කියන්න කියලා. (නි)
ජාතිවාදය ගෑවිලාවත් නැති ප්‍රකාශයක්... (නි)
අපේ හාමුදුරුවනේ, දැන් අපි මොකක්ද මේකට කරන්නේ? (නි)
ඉතින් ඕක අපෙන් අහන්න ඕනයෑ? ඒගොල්ලන්ට පුළුවන්නේ අදාළ බලධාරීන්ගෙන් කෙළින්ම අහගන්න. (නි)
දැන්නම් හරි මාර්ගයේ යන බව පෙනෙනවා අපිට (නි)
ඉතින් පහුගිය අවුරුදු 10 ම අධ්‍යාපනයට මුදල් වෙන්කිරීම් කපා හැරියානේ. ඔබතුමාලගේ ආණ්ඩුවෙන් නේද ඒක කළේ. (නි)
උසස් පෙළ වාණිජ හා කලා විෂයන් කරන ප්‍රමාණය විශාල වශයෙන් වැඩියි, විද්‍යා හා ගණිත අංශයන් කරන ප්‍රමාණයට සාපේක්ෂව. (නි)
දැන්වත් පැත්තකට වෙලා ඉන්නවා නම් අපි කැමතියි (නි)
ඒක නම් සහතික ඇත්ත (නි)
හාමුදුරුවන්ගේ ප්‍රකාශය ඇත්ත. ගණිත හා විද්‍යා විෂයන් සමත්වීම අඩුවීම රටේ අනාගත පරපුරේ බුද්ධි මට්ටම ගැන ප්‍රකාශවන දර්ශකයක් !!! (නි)
මට හරිම පුදුමයි ගොඩක් අයගේ අදහස් වලට. අධ්‍යාපනය ගණිත විද්‍යා අංශ වලට යොමුකිරීම ආරම්භ කළයුතු වන්නේ කෙසේද? කුමන පන්තියක සිටද? ඒ සඳහා අපේ දෙපාර්තමේන්තුවට ඇති සම්පත් සහ අනෙකුත් අවශ්‍ය කළමනාකරණය ගැන දීර්ඝව කතාකරන්න හිතා බලන්න අවශ්‍යයි නේද? (නි)
යමුනා, රස්සාවල් තියෙනවා .හැමෝම හොයන්නේ රජයේ රැකියා. කොයිම රටකවත් රජයේ රැකියා ඔක්කොටම ලැබෙන්නේ නැහැ . අඩු වශයෙන් කොසු ,ඉදල් කර්මාන්තය පටන් ගත්තොත් අපනයනය කළහැකි (බ)
පාලි ඉගෙන ගත්තොත් බණ කියන්නට තියෙන අඩුපාඩුව නවතාගත හැක (බ)
මේ කතාව ඇත්ත. මේ ප්‍රශ්නෙ අතීතයෙ ඉදල තිබුන. රට කරවන අයට මේක නොතේරෙන නිසා තමයි අපේ රටේ පරිහානිය. හිතල බලන්න රාජ්‍ය පරිපාලන සේවයේ විද්‍යා විශයන් හදාරපු කීයක් ඉන්නවද?. අදත් අපේ රටේ අමාත්‍යංශ ලේකම්ල දෙන්නයි ඉංජිනේරුවරු. ලේකම්ල කීයක් ඉන්නවද. කලා විශයන් කරල තනතුර වලට ආපු අයට ඉරිසියාවෙන් මේක කියනව වගේ පේනව ඇති. ඒත් ඇත්ත අපි රටක් විදියට දිනන්න නම් මේව වෙනස් වෙන්න වෙයි. (බ)
ඇත්තටම අපි විද්‍යාව සහ ගණිත අංශයෙන් ඉදිරියට ගිහින් තියෙනවා මදි. එය ඉහල මට්ටමකට ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රතිපදාන වෙන් කොට අධ්‍යාපනඥයින් සහ විශේෂඥයින් හොඳ ප්‍රතිපල ගෙන දෙන සැලැස්මක් දැන් ඉඳන්ම ක්‍රියාත්මක කලොත් හොඳයි. මොකද ඉගෙනීමට දක්ෂ සිසුන්ගේ අඩුවක් නැතුව නොවෙයි, ඔවුන්ට උදවු කරන්ට හරි ක්‍රමයක් නැති එකයි ප්‍රශ්නේ. (බ)
බණ කතා එහෙම මතකද දන්නේ නෑ (බ)
2030 වන විට එකදු කොල්ලෙක් වත් ලංකාවේ විශ්ව විද්‍යාලයකට යන්නේ නැහැ !! (බ)
මොනවාහරි කියවලා ප්‍රශ්නයක් ඇති කරන්න තමා මේ සේනාව උත්සාහ කරන්නේ . වෙන වැඩක් නැද්ද? (ම)
ඔය තරම් අඩු ප්‍රමාණයක් සමත් වෙලත් ඒ ටිකටවත් ප්‍රමාණවත් රැකියාවල් රටේ තියනවද කියල (ම)
ඔබ වහන්සේ ඔය දේ ගිය ආණ්ඩුව කාලෙත් කීවානම් අපිට හිතාගන්න පුළුවන් අවන්කවම රට ගැන හිතල තමයි මේ කතාකරන්නේ කියල.(ම)
අපේ ගණිත සහ විද්‍යා විෂයන් ඉතා අමාරුයි ලන්ඩන් උසස් පෙළට වඩා. මේක වෙන්න ඇති තව හේතුවක්? (ම)
කතාව ඇත්ත. සමත් වෙච්ච ප්‍රමාණය නෙමෙයි ඒ ඒ විෂයන්ට අදාල ප්‍රතිශතය ගැන විමසීමක් කරන්න. විද්‍යා හා තාක්ෂණ පැත්ත සම්පුර්ණම අඩු වෙලා. අනාගතයේ නවෝත්පාදන ගැන කතාකරන්න ඉස්සරවෙලා ඒ වටපිටාව හදාගන්න පිළිවෙලකට දැන්ම අධ්‍යාපනය නගාසිටවන්න වෙනවා. (බ)
මොනවා වුනත් හාමුදුරුවෝ කියන කතාව ඇත්ත ....රතු, කොළ, කහ, නිල්, කන්නාඩි වලින් බලන්න එපා මේ දිහා.....(බ)
කැම්පස් නොගියට ඔය දියවන්නාවට යන්නේ අපේ පිරිමි පක්ෂයෙන් සීයට අනු පහක්ම .. ඒ මදිද ? එතනනේ තැන.....(බ)
රටට ජාතියට ආදරය කරන හැමදෙනාම ඔබවහන්සේ සමග ඉන්නවා. අපට ලොකු හයියක්. සැනසුමක් ඔබ වහන්සේ වෙැනි ලංකා පුත්‍රයෙක්වත් දැනට සිටීම ජය ශ්‍රී (බ)
ඒ කතාව හරි.(හේ)
මේ හාමුදුරුවෝ දේශපාලනය දන්නේ නැහැ .හැගීම් අනුව කතාකරනවා .2014 දී කීවා මහින්ද පාලනය තුල ඉතා භයානක තත්වයක් පෙනෙනවා කියා .දැන් කොහොමද හාමුදුරුවනේ ? (කෞ)
මේක පුදුම කතාවක් නේ. කවදාවත් කලා වාණිජ ප්‍රතිපල වලට වඩා විද්‍යා ගණිත ප්‍රතිපල වැඩි වෙලා තියනවා ද? (බ)
මොනවා වුනත් කතාව ඇත්ත. (බ)
මස්කඩ අතහැරලා විභාග අල්ලගෙන වගේ (බ)
ඇයි අපිට බැරි නිසි අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න. නිසි ක්‍රම වේදයකට හැදෑරුවනම් අපේ අය අද හොද මට්ටමක ඉන්නවා අනිට් රට වලට වාඩා අපේ අය දක්ෂයි උනන්දුව නෑ,(කෞ)
රටම වෙළඳපොළක් -විකිනෙන -විකුණන (කෞ)
මීට කලින් හොද නැද්ද හාමුදුරුවනේ පක්ෂයක චන්ද අපේක්ෂක ලයිස්තුවේ ජීව විද්‍යාව හා ගණිත අංශයෙන් සමත් 10% ක් , උසස්පෙළ සමත් 65%ක් ඉන්න ඕන කියල යෝජනාවක් දැම්මනම් (කෞ)