නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් විභාග වෙමින් තිබියදී උසාවියේ සිටි පුද්ගලයකු සැකකරුවකුට දුම්කොළ පැකට් තුනක් විසි කිරීමේ වරදට ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා බරපතල වැඩ සහිත හය මාසයක සිර දඩුවමක් නියම කළේය.
බොරලැස්ගමුවේ බෝධිරාජ පුරයේ නිලන්ත සිරිවර්ධන (35)ට මෙම දඬුවම නියම විය.
උසාවියේ මහජනයා අතර සිටි ඔහු එක්වරම දුම් කොළ පැකට් විසි කරනු බන්ධනාගාර නියාමකයකු දුටුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙළයේ උරුමය ඉදිරියට ගෙනයාම,අද හෙටම කළ යුතුය (නි)
දැන් කෙසෙල් කැනට දුම් කොළයට තමා නඩු.අනිත් මහා අපරාධ නිකම්ම එළියට.අනේ කාලේ. (නි)
අරුණ නාවලපිටිය, චන්ඩි, චන්ද්‍රසිරි සහ රනිල් වහාම උසාවියට කැඳවා නිදහසට කරුණු විමසිය යුතුයි! (නි)
"දඬුවම වරදට සරිලන එකක් වියයුතුය" කියලා පිළිගැනීමක් තියෙනවා. නැත්නම් දණ්ඩ නීති සංග්‍රහය පිටු දෙක තුනකට සීමාවුණු පුංචි පොතක් බවට පත් කරන්න තිබුනා. ඇයි, "සියලුම වැරදිවලට දඬුවම මරණයයි" කියලා එක වගන්තියක් දැම්මා නම් ඉවරනේ. නමුත් එහෙම නොකර එක එක වැරදිවලට එක එක දඬුවම නියම කර තිබෙන්නේ දඬුවම වරදට සරි විය යුතු නිසයි. නැත්නම් වෙන්නේ, චන්දි කියල තියෙනවා වගේ අලුතින් දරුණු අපරාධකාරයින් බිහිවෙන එකයි. (නි)
උසාවියට එන්න කලින් පරික්ෂා කරන එක සිරිතක්.එතකොට මේ පුද්ගලයා පරික්ෂා කලේ නැද්ද?පරික්ෂා කරන පොලිස් නිලධාරින්ට දඩුවම් නැද්ද? (ස)
ලැජ්ජයි අපේ රට ගැන. ජීවත් වෙන්න බැරි රටක් මේක දැන්. (නි)
උසාවියට එන්න කලින් පරික්ෂා කරන එක සිරිතක්.එතකොට මේ පුද්ගලයා පරික්ෂා කළේ නැද්ද?පරික්ෂා කරන පොලිස් නිලධාරින්ට දඩුවම් නැද්ද? (නි)
නියම දඬුවම, උසාවිය කියන්නේ මොනවගේ තැනක්ද කියල දැන් හොඳට තේරෙයි..(ස)
මේකත් වරදක් තමා. නමුත් දඬුවම් විඳින්න සුදුසු අය ඕනෑතරම් වැරදි කරනවා. නමුත් නීතිය අන්ධයි නිසා පෙනෙන්නේ නැහැ (නි)
පසුගිය දිනක විත්තිකාර වතු අධිකාරිවරයෙකු උසාවියෙන් පැනයන තෙක් නිලධාරීන් බලා සිටියා.මෙම පුද්ගලයා වහාම අත්අඩංගුවට ගත්තා.උසාවියට ඇතුළු වෙද්දී නිලධාරීන් විසින් මහජනයාව පරීක්ෂා කරන අවස්ථාවේ මෙම දුම්කොළ නිලධාරීන්ට හසුවී නැහැ.මේ අනුව දඬුවම් කර සේවයෙන් පහකළ යුත්තේ මෙම නිලධාරීන් නොවේද? (නි)
මේ වගේ වරදකට සැලකිය යුතු දඩයක් ගහන්නේ නැතුව හිරේ දැම්මම, හිරේ ඉන්න කාලෙට කන්න දෙන්නේ, වතුර, ලයිටි වලට වැයකරන්නේ අහිංසක බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් නේද? (නදී)
මේ මනුස්සයට අවවාදයක් කරන්න තිබුණේ (දිල්)
මේක අර රේගුව හරහා එන අය ගෙනෙන විදියට ගෙනාවා නම් චෙකින් වලට අහුවෙන්නෙ නැහැ (නි)
රටේ වර්තමාන තත්වය අනුව අනාගතය කෙසේවේවිද? (නි)
පොඩි පොඩි වැරදි වලට හිරේ යැව්වම දරුණු අපරාධකාරයොත් එක්ක එකතු වෙලා රටටම පිළිලයක් වෙන ජාතියේ අපරාධකාරයෙක් වෙලා තමා එළියට එන්නේ. හරි ෂෝක්නෙ එතකොට? (නි)
ළමා සහ කාන්තා හිංසන,හොරකම් මැරකම් වලට දැඩි දඬුවම් දෙන්න ඕනේ (අ)
අරුණ නාවලපිටිය, චන්ඩි, චන්ද්‍රසිරි සහ නිර්මාල්ගේ අදහස් වලට මමත් එකඟ වෙමි. (නි)
දඩුවම සැර වැඩි, දඩයක් ප්‍රමාණවත් යැයි සිතේ. (ස)
ෂෙරිෆ් උබට මාර චූන් නේ මිනිහෙක්ට දඩුවමක් දුන්නම....(ස)
දුන්කොල පැකට් එකක් විසිකරමං මාස 6ක් හිරේ,කුඩු ග්‍රෑම් 2ත මරණ දඬුවම,කුඩු කිලෝ 8ක් අහු උන මිනිහ නිදහස්.( ස )
පළමු වතාවට අවවාද කර නිදහස් කරන්න තිබුන (ස)
ජංගම දුරකථන, කුඩු පැකට් හරි හරියට මහා උළු ගෙදරට යන එකේ මේක නිකං කැළණි පාලම යටින් පොල් ලේල්ලක් ගිය වගේ කතාවක්.(ස)
එහෙනම් නඩු අහන්නෙම නැතිව තින්ධු දෙනවා. රටට ගිය කලක්. (ස)