හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරෙමින් උසාවියට අපහාස කළැයි කියන රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු 11 දෙනකු මාර්තු 1 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
සද්ධාතිස්ස හිමියන්ට අමතරව හිටපු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමියන් ඇතුළු භික්ෂූන් සිව් නමක් සඳුදා (15) පොලිසියට බාර වූහ.
රිමාන්ඩ් කැරුණු 11 දෙනා අතර කාන්තාවක් ද ගිහි පිරිස 5 දෙනෙක් ද වේ.
(ඡායාරූප ලහිරු හර්ෂණ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල ජාතිය හා මේ රිමාන්ඩ් කිරීම අතර කිසිම සම්බන්ධයක් නැහැ මේක ජාතිවාදයක් නිසා එති වුණ දෙයක් නෙමෙයි.(ම)
කරන කලට පවු මිහිරිය මීසේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ. ආගමකින් රටක් පාලනය කළ නොහැක. සිවිල් සමාජයක් ගොඩනැඟිය හැක්කේ නීතියේ ආධිපත්‍යය පිහිටෙන් පමණි. ලෝකයේ සැබෑ නිදහස් රටවල ඇත්තේ නීතියේ පාලනයයි. මහජන නියෝජිතයන් සාදන නීතියෙන් රට පාලනය කිරීමට ඉඩදී සිටීම සැබෑ ප්‍රජතන්ත්‍රවාදයයි. (නි)
එක පාරක් ළමා අපචාර චෝදනාවක් තිබුන නේද? දැන් තව එකක්. අනේ මන්ද.(කෞ)
හාමුදුරුවෝ නම් හරිම සතුටින් වගේ ඉන්නේ (නි)
දැන්වත් මේ අයට පේනවද අධිකරණයට උඩින් යන්න පුළුවන් ජගතෙක් නැති බව ? එක නේ සමහර අය නිකම්ම බාර වෙන්නෙත් !(ම)
නියමයි. උසාවියට, නීතියට ගරුකරන්න දන්නේ නැති මේ අය මාස 6 කට විතර කූඩුවේ දාන්න (නි)
රහත් වෙන්න කලින්, සෝවාන් වෙන්න ඕනේ කියලා මේ පින්වතුන් දැනගෙන හිටියේ නැහැනේ. දැන් ඉතින් කුඩුවට වෙලා බණක්, භාවනාවක් කරගෙන ඉම්මුකෝ. (කෞ)
ඇයි මේ ස්වාමින් වහන්සේලාට ඔයතරම්ම බය? බෝම්බ, අවි ආයුධ එක්ක ඉන්න අයට, ජාතික වන විනාශ කරන අයට, වෙහෙර විහාර විනාශ කරන අයට නිදහස. වචනයෙන් ආගම රකින්න වෙහෙසෙන මෙතුමන්ලාට දඟගෙය. (නි)
මෙවන් හිමිවරු නිසාවෙන් බුදුසසුන බැබළේවා! (නි)
නිදාගෙන හිටපු ජාතියක් අවදි කරපු පුණ්‍ය කර්මයට ඔබ වහන්සේලාටත් ගිහි මහතුන්ටත් අපේ ජාතියේ ගෞරවනීය ප්‍රණාමය! (බ)
කොටි එළියේ හාමුදුරුවෝ ඇතුලේ (බ)
අපිත් බලමු මේවග අවසානය මොකක්ද කියල (බ)
කුම්බලා කරෝල කෑවානන් දුක් විදින්න වෙනවා.(ම)
රවී, ඒ වගේම කමියුනිස්ට් දර්ශනය අනුවත් රටවල් පාලනය වෙනවා. (නි)
ගොඩැල්ලේ තරම දැනගෙන වළ කපනු... කඩුල්ලේ තරම දැනගෙන වැට බඳිනු... බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු... තමුන්ගේ තරම දැනගෙන කල්ගෙවනු... (නි)
මම දන්නේ නැති නිසයි අහන්නේ. උසාවි වලට ගල්ගහපු අය අවුරුදු කීයක් හිරේට දැම්මද? (නි)
මම කිව්වේ හේරත් කියා මනුස්සයට පිස්සු නැතිනම් පිස්සු බලු බෙහෙත් බීල.(බ)
නීතිය සැමටම ඉහළින්! (නි)
හේරත් මහතාණනි, සිංහල ජාතිය කවදත් කොතනත් අවදියෙන් සිටි ජාතියක් බවත් ඔය කියන අය එය නොදැන සිටීම කණගාටුවට කරණක් බවත්, මෙය අවදි කිරීමක් නොවන බවත් තේරුම් ගන්න (නි)
සහතිකයි මේ ආණ්ඩුව ජන්ද නම් තියන්නේ නැහැ. මේ යන විදිහෙන් පැහැදිලි වෙන්නේ එක. (ම)
මදැයි කරගත් දෙයක්? (නි)