කකුලේ ආබාධයකට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කිරීමෙන් පසු එන්නතක් දී මිනිත්තු දෙකකින් පමණ මිය ගිය බව කියන කතකගේ (73) පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීට නියෝග කළේය.
සඳුදා දහවල් 2.30ට පමණ රෝහලට ඇතුළත් කළ බවත්, රාත්‍රී අටට පමණ එන්නතක් දුන් බවත්, එන්නත දී මිනිත්තු එකහමාරකින් පමණ සෙම යන්නට පටන් ගත් බවත්, තවත් මිනිත්තුවකින් පමණ ඇය මිය ගිය බවත් එම කතගේ පුත්‍රයා පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙන බව පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් පමණක් හඹා යන පෞද්ගලික රෝහල් පද්ධතීන් රෝගීන්ව ගසා කනවාට අමතරව මිනීත් මරණ බවයි පේන්නේ. අවධානය වෙනතකට යොමු කරන්න ඉඳ හිට හොඳම රෝහලට හිමි "ත්‍යාගයත්" ලබා ගන්නවා.(දී)
මේ ලගදි දවසක ඇතිමලෙ ග්‍රාමීය රෝහලේ වගේ සනීපාරක්ෂක කම්කරුවෙක් වත්ද දන්නැ එන්නත ලබා දීල තියෙන්නේ . (දී)