හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මාතර උසාවියට රැගෙන ආ අවස්ථාවේ මාධ්‍යවේදීනට මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය කිසිම තහනමක් නොපැනවූ බව වාර්තාවේ.
මහේස්ත්‍රාත්වරිය පොලිසියට උපදෙස් දී ඇත්තේ රූපවාහිනී කැමරා උසාවියට රැගෙන නොආයුතු බවයි.
මාතර පොලිස් අධිකාරී සුදත් මාසිංහ උසාවියේ ගේට්ටුද වසා මාධ්‍යවේදීනට තහනමක් පනවා තිබිණි. මේ ගැන මාධ්‍යවේදීහු දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පැමිණිලි කළහ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් මාසිංහගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ අධිකරණ ශාලාවට මාධ්‍යවේදීනට ඇතුළුවීමට නොදෙන ලෙස අධිකරණ නියෝගයක් පනවා ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ නියෝගය වරදවා වටහා ගැනීමක් වෙන්න ඇති. (බ)
හිතලා බලනකොට මේ පොලිස් අධිකාරීවරයා ඇදගෙන නාගත්තේ එයාගේම උවමනාවටනේ. (නි)
අනේ පොලිසියට අධිකරණ නියෝග තේරුම් ගන්න බැරිද? ශ්‍රී ලංකාවේ බලවත් සමහරුන්ට පොලිසියත් බය වගෙයි පෙනෙන්නේ. (නි)
පොලිසිය කරන්නෙම කොහෙත්ම අදාළ නැති දේවල්. අරෙහේ හොයාගන්න ප්‍රශ්න ගොඩගැහිලා, මෙහෙ එනවා මාධ්‍යය නවතන්න! (නි)
පොලිස්කාරයා හිතාගෙන ඉන්නවා ඇත්තේ පරණ කට්ටිය ළඟදීම එයි කියලනේ. එහෙම ආවොත් ඇඳගෙන නෑවට පාඩු නැහැනේ. පොලියත් එක්ක හොයාගන්න පුළුවන්නේ. (බ)
නඩුකාරතුමිය එවැනි ප්‍රකාශයක් කළා නම් මාධ්‍යවේදීන් එම ප්‍රකාශයට ගරුකළ යුතුයි. (නි)
සැකකටයුතු පුද්ගලයෙකු උසාවියට ඉදිරිපත් කිරීමේදී මහජනයාට පුවතේ විස්තර කෙසේවෙතත් සාධාරණය නම් බලාපොරොත්තු වෙනවා (නි)
මේ ගැන පරීක්ෂණයක් පවත්වනවා නම් අපි කැමතියි (නි)
වෘත්තියමය මාධ්‍යවේදීන් හදන්න ආයතන ඇතිකරන්න කටයුතු කරන්න ඕනෑ. මාධ්‍ය නිදහස ඒ ආකාරයෙන් තහවුරු කළයුතුයි (නි)
සමහරු හිතාඉන්නේ තවමත් තියෙන්නේ රාජපක්ෂලගේ ආණ්ඩුව කියලා (නි)
සමහර උදවිය රජය කලකිරවන්න පැය විසිහතරම වැඩකරනව .අන්තිමට කියනව යහපාලන ආණ්ඩුවෙ වැඩ තමා මේව කියල (බ)