ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඩයි‘ චිත්‍රපටය, අදහස් ප්‍රකාශනයේ අයිතියට මතු වී ඇති බාධා සහ අධිකරණ ක්ෂේත්‍රයේ පරිහානිය සම්බන්ධයෙන් ‘උසාවිය නිහඩයි - නිද්‍රාවෙන් ඇහැරෙන්න‘ යන තේමාව යටතේ පැවැත්වෙන විද්වත් සංවාදයක් සහ විවෘත කතිකාවතක් ඔක්තෝබර් 11 වැනි දින කොළඹ, මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වීමට නියමිතය.
එහි දී මහාචාර්ය සරත් විෙජ්සූරිය සහ නීතීඥ එස්.ජී.පුංචිහේවා විශේෂ දේශන පවත්වති.
මීට අමතරව ප්‍රවීණ කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක, සමාජ ක්‍රියාකාරිනී කුමාරි කුමාරගමගේ සහ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන විසින් කලාවේ ස්වාධීනත්වය, මෙවැනි අවස්ථා වල දී මාධ්‍යයේ හැසිරීම සහ මානව හිමිකම් යන තේමා යටතේ අදහස් දක්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්යක්ෂමතාවය බොහොම පහළ, උදේ ගියාම සවස් වනතුරු බලා සිට අවසානයේ වෙනත් දිනයක් පමණක් ලැබෙන තැනක් මේක. මෙහි ඇති අඩුපාඩු කතා කළයුතුමයි. ඒකෙ උවමනාව තේරෙන්නේ වසර ගණන් නඩු කියන අතේ සල්ලි හා කාලය වැයකරමින් හූල්ලන ජනතාවම තමයි. (නි)
බොහෝවිට අපේ රටේ නඩු විසඳන්නේ මිනිසාගේ ආයු කාලය වසර 500 ක්වත් කියලා හිතාගෙන. කිසිම උවමනාවක් නැහැ ඉක්මනට විසඳලා සාධාරන කෙනාට සාධාරණය ඉටුකිරීමට හෝ වැරදි කළ කෙනාට දඬුවම් දීමට. (නි)
උසාවිය නිහඬද නැද්ද කියලා දිසා අධිකරණ වල ගොඩගැසි ඇති දික්කසාද නඩු වලින්ම පෙනේ. මේවා පවුල් නඩු. ඉක්මනින් අවසන් කළහැකි වුවත් කාගේ හෝ වාසියට හෝ උවමනාවට බොරුවට කල් අදිනවා වසර ගණන්. නමුත් අද වෙනතුරු විසඳුමක් නැහැ. (නි)
බොහොම පහසුවෙන් හා ඉක්මනින් තීන්දුවත් දියහැකි පවුල් නඩු, ඉඩම් නඩු වසර ගණන් කල්ඇදෙන්න දීලා බලාසිටියාට මේ වගේ දේවල් වලට නම් ඉක්මනින්ම තින්දු දෙනවා. (නි)
උසාවියේ හෝ විනිසුරුවරුන්ගේ හෝ වැරදි වෙලා තියෙනවා නම් ඒවා කතා කිරීමට හැකිවිය යුතුයි. අල්ලස් ගත් අය, පක්ෂග්‍රාහි වුණ අය ගැන හෙළිවෙලත් තියෙනවනේ. මේවා හංගාගෙන සිටියම අසාධාරණයට ලක්වෙන්නේ අපිමයි. නඩුවක් තියෙන සාධාරණ කෙනාට තමයි එහි වේදනාව දැනේනනේ. ඇයි මේවා සඟවන්නේ? (නි)
නීතිය කාර්යක්ෂම කිරීමට, තව තවත් සාධාරණ කිරීමට නම් එහි ඇති වැරදි අඩුපාඩු කතා කළයුතුමයි. පසු විපරමක් අවශ්‍යමයි. (නි)
මෙතන හුඟක් අය කතා කරලා තියෙන්නේ අධිකරණ වල නඩු ප්‍රමාදය ගැන. එ්ක ඇත්ත. නමුත් අධිකරණ මඟින් වැරදිකරුවන් වුණා කියන අයටත් විනිසුරු පදවි දීලා තියනවා කියන්නේ, මේ චෝදනා වැරදි නම් චෝදනා කරපු අයට දඬුවම් දෙන්න ඕනෑ. එහෙම දෙයක් වෙන පාටක් නැහැ. ඒ වගේ සිදුවීම් වල ඡායාමාත්‍රයක් ඇතුව නිර්මාණයක් කළාම එ්ක පස්සේ එළවනවා (නි)
සමහර නීතිඥයො හැමදාම කල්ගන්නවා. මේක ඇස් පනාපිට පෙනි පෙනීත් සමහර විනිසුරුවන් දින දිදී ඉන්නවා මිසක් ඇයි මේ අනවශ්‍ය විදියට කල්ගන්නේ, මේක හොඳ දෙයක් නෙමෙයි කියලවත් කියන්නේ නැහැ. ඇයි මෙහෙම වුණේ කියලා කතා කිරීම කළයුතුයි. (නි)
ද සිල්වා, ඔබ හරි. සමහර කළුකබා අය කරන්නේ දින ගැනීම පමණි. තමන්ගෙ ඉඩම වෙන කෙනෙක් අයිති කරගෙන ඉන්න කෙනාට/නිවැරදි පාර්ශවයට මේ කල්මැරිල්ල නිසා වන හිත් වේදනාව මානසික පිඩනය මනින්නට මානක නැත. (නි)
ජයාත්, එවැනි විනිසුරුවරුන්ගෙන් දෙන තීන්දු ගැන විශ්වාසයක් තබන්නෙ කෙසේද? තීන්දුව නිවැරදි නොවේ නම් ඇපිල් කිරීමට සිදුවේ. ඒකටත් සල්ලි යන්නේ අසාධාරණයට බඳුන්වුණ කෙනාටමයි. මේවා කාටද කියන්නේ? (නි)
වැටත් නියරත් ගොයම් කානම් කාට කියමුද ඒ අවනඩුව? අප රටේ නීතිපතිත්, අධිකරණ පද්ධතියත් දරුණු කඩා වැටීමකට ලක්වෙලා. පහුගිය කාලය තුළ මේ පද්ධති වල ඉහළ ධූර හෙබවූ පුද්ගලයින්ට අමතරව වංචාකාරී දුෂිත දේශපාලනික ඇඟිලි ගැසීම් සහ මෙහෙයවීම් මේ තත්වය අන්ත අගාධයකට ඇදදමා තිබෙනවා. මෙය වෙනස් කළහැක්කේ සුභාවිත මහජන මතය දැඩිව සමාජගත කිරීමෙන් හා වෙනසක් සඳහා අදාළ ආයතන වලට දැඩිව බලපෑම් කිරීමෙන් පමණයි (නි)
අපි බලමුකෝ අන්තිමේදී මොකද වෙන්නේ කියලා (නි)
ලංකාවේ බොහෝ දේවල් තීරණය කරන්නේ මතුපිටින් පෙනෙන දෙයට මිස යථාර්තයට නොවන නිසා මේවට මොන නීතියක් ආවත් පුදුම වියයුතු නැතැයි මට සිතේ. (ර)
පුරහද කළුවර නිර්මාණය කරලා ලංකාවේ හමුදාවන්ට දැලි ගෑවා. ජාත්‍යන්තරය මේවා දැකල මහා ඉහළින් සම්මාන දීලා ඔවුන්ට කරන්න බැරි දේ, ඌරාගෙ මාළු ඌරාගෙ පිටටම තියලා කැපුවා. (නි)
දැන් මේ කියන නඩුකාර මහත්තයා ඇයි මෙහෙම චිත්‍රපටියට විරුද්ධ වෙන්නේ. එතුමාට විරුද්ධව ඇත්තටම ඔය චෝදනාව තියෙනවද? (නි)
මම පුද්ගලිකවම දන්නවා පාදුක්ක පාරේ ඉන්න හොර නීතිඥයෙක් ගැන (නි)
මෙහි කතා නායිකාව චූදිතයාගේ ප්‍රතිරුපය බිඳදැමීම වෙනුවෙන් මුලුමහත් සමාජයේම ආදරයට හා ගෞරවයට පාත්‍රවිය යුතුයි. (නි)
සමහර නඩු අවුරුදු 20 -30 අසති. ලංකාවේ උසාවි වල දිනකට ලක්ෂ 2-5 අතර ජනතාවක් රස්තියාදු වෙති. සාමාන්‍යයෙන් ලංකාවේ උසාවියක දිනකට නඩුවලින් 60% කට වැඩි ප්‍රමාණයක් කල්තබනු ලැබේ. ඉතින් මේ ගැන කුමන කතාද? (නි)