ප්‍රසන්න විතාන අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඬයි“ චිත්‍රපටියට පැනවු අතුරු වාරණය සම්බන්ධයෙන් වන නියෝගය සිකුරාදා(21) ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා විනිසුරු එම්.යූ ගුණවර්ධන මහතා කියයි.
හිටපු විනිසුරු ලෙනින් රත්නායකගේ පෙත්සමක් අනුව මෙම වාරණය පැනවිණි.
ලෙනින් රත්නායක සිය පැමිණිල්ලෙන් කියා සිටියේ තමාගේ වෘත්තිය ජීවිතය ගැන ස්වර්ණවාහිනිය 1999දී මෙම චිත්‍රපටයේම වස්තු බීජය රැගත් විකාශනයක් කළ බවයි.‘හෙළිදරව්ව‘ නම් එම විකාශනයට විරුද්ධව තමා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තිබියදී එම වස්තු බීජය රැගත් තවත් චිත්‍රපටයකින් එම නඩු තීන්දුවට අගතියක් සිදුවනු ඇතැයි ද ඔහු කියා ඇත.
‘උසාවිය නිහඬයි‘ අතුරු තහනම ලබන 21 වැනි දා දීර්ග කළ අධිකරණය නඩු තීන්දුව සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව දිසා විනිසුරු පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
\"බල්ලෝ සඳට බුරති .එසේනම් ඔබ සඳක්ම වේවා\". (ම)
තොප්පිය හරියටම වැටිලා ! අපිත් මේක බලන්න අසාවෙන් ඉන්නවා . දැන් කතාවේ ඇත්ත දන්නා නිසා තවත් බලන්න උනන්දුව වැඩි උනා.(හේ)
ප්‍රසන්න විතානගේ හදපු එකම චිත්‍රපටියක්වත් රස විඳින්නට බැහැ. එක්කෝ අග මුල තේරෙන්නේ නැහැ.යුද සමයේදී කොටි ත්‍රස්තවාදීන් සාධාරණය කරලා චිත්‍රපටියක් හැදුවා. එයා දැන් ඔය හදපු එකත් නීරස එකක් වෙන්නැති..කලින්ම මේ වගේ දෙයක් කරලා ප්‍රසිද්ධියක් ගන්න හදනවා වගේ......(හේ)
උසාවිය නිහඬයි..සාවිය හඬයි.. (ම)
උසාවිය නිහඬ කලත් ජනතාව නිහඬකිරීම අසීරු වෙයි. අන්තර්ජාලයෙන් මෙය නැරඹීමට විදෙස් වල සිටින අපි කවුරුත් බල සිටිනවා.(හේ)
තැනට ගැලපෙන විදිහේ නිර්මානයක්නේ කරන්න ඕනා. මෙගා ටෙලියක් හරි රජ කතාවක් හරි කළා නම් තැනට ගැලපෙනවා. අපිත් ඒ නිර්මාණ බලලා මාර වින්දනයක් ලබනවානේ (හේ)
හොඳ නිර්මාණයක් කළොත් හොඳ තැනක් ලැබෙයි
ප්‍රසන්න කවදත් හොද නිර්මාණ බිහිකරන්නෙක් ඔබගේ විශිෂ්ට නිර්මාණය නරඹන්න ශ්‍රී ලාකික අපි මගබලා සිටිමු ....ප්‍රසන්න ඔබේ නිර්මාණය විදෙස්වල ජීවත්වෙන අපිටත් නරඹන්න අවස්ථාවක් ලබාදෙන්න ...ජයවේවා ...!!! (ම)