මහේස්ත්‍රාත්වරයා නඩු විමසන අවස්ථාවේ මහා හඬින් ශබ්ද නඟා අධිකරණ ශාලාවේ ඈනුමක් පිටකර අධිකරණයට අපහාස කළැයි වරද පිළිගත් රත්මලානේ ඉමේෂ් වසන්තට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් මහතා මාස අටක අනිවාර්ය සිරදඬුවම් නියම කළේය.
ඔහු හෙරොයින් නඩුවක සැකකරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසාවියේ ඈනුම් ඇරියාට මාස අටක් හිරේ
මනෝ Wednesday, 18 November 2015 07:51 AM
උසාවියට අපහාස කළා කියලා හිරේ දාන්න ඇත්තේ. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා. පැමිණිල්ලක්, නඩුවක් නැතිව එහෙම හිරේ දාන්න පුලුවන්ද? ඩෙසිබල් කීයක ඈනුමක් ගියොත්ද හිරේ දාන්නේ? (ස)
අවන්ත Wednesday, 18 November 2015 12:52 PM
මදැයි වෙච්ච දේ! (නි)
ධම්මික Wednesday, 18 November 2015 04:27 AM
ඈනුමක් ඇරීම ශරීරයෙන් ඉබේ සිදුවන ක්‍රියාවක්ද? නැද්ද? කරුණාකර මේ ගැන දන්නා කෙනෙක් මාව දැනුවත් කරන්න (නි)
හේමන්ත Wednesday, 18 November 2015 04:41 AM
මටත් දවසක් වෙන කෙනෙක්ගේ නඩුවකට උසාවි යන්න සිද්ද වුණා සාක්ෂි දෙන්න. ඒ වෙලාවේ ගරු විනිසුරුතුමාටත් ලොකු ඈනුමක් ගියා. (ම)
සමන් Wednesday, 18 November 2015 05:19 AM
ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ ඈණුමකට මාස 8ක් දාන්න තරම් මේවා ස්වභාවික දේවල් නේ (ම)
නිමල් Wednesday, 18 November 2015 05:29 AM
හොඳ වෙලාවට හච්චිමක් ගියේ නැත්තේ. නැත්තන් ඉතින් එල්ලුම් ගස් වුනත් යන්න තිබුන. නැති ප්‍රශ්න හදන්නේ නැතුව සැබෑ ජනතා ප්‍රශ්නය, දැවෙන බඩු මිලට විසදුම් දෙන්න. (බ)
නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 18 November 2015 06:06 AM
හදිසියේ උසාවියේ නඩුකාරයට, නිතිඥයෙකුට, සහ වෙන කාටහරි කිඹුහුමක් ගියානම් මොකක්ද තත්වේ. ? ස්වාභාවිකව ශරීරයේ ක්‍රියාකාරීත්වය අනුව සිදුවන යම් යම් ක්‍රියාවන්ට දඬුවම් කරනවානම් ලංකා අධිකරණ පද්ධතිය සහ නිතිය, ශිෂ්ට සමාජයේ සැහෙන ගැටළු සහ ප්‍රශ්න කාරී තත්වයක් මතුකරන මාතෘකාවක් බවට පත් වේවි. (බ)
සේන Wednesday, 18 November 2015 06:16 AM
සැබැවින්ම මේ ගැන නිවැරදි අදහසක් ඉදිරිපත් කළ හැක්කේ සම්පුර්ණ නඩු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව බව හැඟේ.(ම)
මංගලි Wednesday, 18 November 2015 06:25 AM
අපට ඇනුමක් හෝ කිවිසුමක් නිෂ්ශබ්ද්ධව යවන්න පුළුවන් මහා හඩකින් යවන්නත් පුළුවන්.ඒ වගේ තැනක හැසිරෙන්න දාගන්න ඕනි .(ම)
ඉසුරන්දි Wednesday, 18 November 2015 12:17 PM
ඈනුමක් වැනි දෙයක් සාමාන්‍ය විදිහටත් හාස්‍ය දනවන විදිහටත් නිකුත් කරන්න පුලුවන්. කිවිසුමක් වගේ නෙමෙයි. සමහරවිට මෙය හිතාමතා කරන්න ඇති. (නි)