උසාවියෙන් නිකුත්කළ සිතාසියක් බාර නොදීමට කාන්තාවකගෙන් රුපියල් දස දහසක් ඉල්ලා 8000ක් ලබා ගත් බව කියන නුගේගොඩ දිසා අධිකරණයේ සිතාසි නිලධරයකු වන රෝහණ කුමාරරත්න ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් උසාවියට යනවා කියන්නේ හොර ගුහාවකට යනවා වගේ. යුක්තිය වෙනුවෙන් පෙනී සිටිමි කියා ප්‍රතිඤා දෙන නීතිවේදීහු කිසිම හිරිකිතයක් නැතුව අමු අමුවේ යුක්තිය පාවා දෙනකොට එතනින් සහනයක් තිබේද ?(නදී)
මේ කාලේ මහේස්ත්‍රාත්ලටයි, පොලිසියේ අයටයි ලොකු ලොකු නිලදාරීන්ටයි ගොඩක් අපල වගේ. මුල් පුටු යහපත් නොවුනාම අනිත් අය ගැන කවර කතාද? (නදී)
සිතාසියක් බාර නොදීම පොඩි දෙයක් හැටියට කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් ඒක ඉතාම බරපතලයි. උදාහරණයක් හැටියට, දික්කසාද නඩුවකදී සිතාසිය බාර නොදුන්නොත් ඒ පාර්ශවය උසාවි එන්නේ නැහැනේ. එතකොට නඩුව ඒක පාක්ෂිකව අහල තීන්දුව දෙනවා. සිතාසිය නොලැබුන පාර්ශ්වය ගෙදරින් එලවනකොටයි දැන ගන්නේ තමන්ට නඩුවක් තිබුන බව. මෙතනත් බරපතල සිවිල් නඩුවක් ඇති. (නදී)
අද කාලයේ පොලිසිය උසාවිය රජයේ උසස් නිලදාරින්ට අල්ලස නැතුවම බැරි වෙලා වගේ . ගමන් බලපත්‍රය ගන්න ගියාම එතනත් පගා. රජයේ කන්තෝරුවකට වෙඩක් කර ගන්න එකටත් පගාව . අල්ලස දුෂණය රජ කරන සමාජයක් අද තියෙන්නේ.(නදී)