“උසී ” කිව්වාම බුරා පනින “ඉජුක්” කිව්වාම දණින් වැටෙන විපක්ෂයකින් රටට පලක් නැතැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා කොළඹ දී අද (25) පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවක දී පැවසුවේය.
ශ්‍රිලනිප , එජාපයේ වලිගයක් වුවහොත් ඔවුන් සමඟ ගනුදෙනු කිරිම නවත්වා වෙනම සන්ධානයක් පිහිටුවන බව කී ගම්මන්පිල මහතා සන්ධානයේ ජය වැළැක්වීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණු බවද ප්‍රකාශ කළේය.
විපක්ෂයේ තනතුරු ගැන අද පේන කිමට හැකියාව ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට පමණක් බව ඔහු කීවේය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මන්පිල මහත්තයෝ පුළුවන් නම් තනියෙන් ඇවිත් ඡන්ද 1000 අරන් පෙන්නන්න.ඔබ විමල් සහ දිනේෂ් තමයි මහින්ද මහත්තාව අමාරුවේ දැම්මේ. එයාව නිකන්ම නිකන් පා.ම. කරලා දැම්මා.රජෙක් වගේ ගෙදර යන්න හිටිය කෙනාව බලු කළා.තමුන්ගේ වැඩේ කරගන්න.බොරු පුරා ජෙරු කාරයෝ. (බ)
ඔව් ඉතින් ජනාධිපති තමයි කියන්න ඕනේ (පක්ෂ නායකයා) (බ)
ඔව් ඉතින් ජනාධිපති තමයි කියන්න ඔනේ (පක්ෂ නායකය) (බ)
ෆර්හාන් මහත්තයෝ..ඔය කයිය ගහන කවුරුත් කාගේ හරි වලිගෙ එල්ලිලා තමයි ගොඩ එන්නේ.අර සරත් පොන්සේකා මහත්තය වගේ කෙනෙක් මිසක දේශපාලනේ තනියෙන් ගොඩ එන්න මොලේ තියෙන එකෙක් කවදාවත් හදන්නේ නැහැ...සන්ධානෙන් ගොඩ ආ ඔක්කොම ගොඩ ආවේ මහින්ද මහත්තය නිසා..ගම්මන්පිල මහත්තයට විතරක් ඒකෙ විශේෂත්වයක් නැහැ..වෙනස තියෙන්නේ එතුමලට තමන් ගොඩ ආවේ කොහොමද කියල මතක තියෙනවා..ගොඩක් එවුන්ට දැන් එ්ක මතක නැහැ.ආයේ මතක් වෙනකොට පරක්කු වැඩියි..තමන් කපාගත් දේශපාලන මිනිවලේ තමන්ම වැළලිලා ඉවරයි ඒ වෙන කොට. (බ)
හන්දියේ චොප්පේ අයියා වගේනේ. පළාතම බය කරගෙන සද්දේ දාගෙන උන්නට අන්තිමට පොඩි කොල්ලෙකුගෙන් කනේපාරක් කාලා චොප්පේ අයියා නිශ්ෂබ්ද වුනා.(හේ)
ශ්‍රී ලංකා නිදහස් පක්සේටත් හොඳ පාඩම් මෙවා. (හේ)
කටින් බතල හිටවන කෙනෙක් මෙයා.(නදී)
මම මේ කල්පනා කලේ මේ වගේ කෙනෙකුට කියන්න ඕන මොකක්ද කියලා. (නදී)
බල ගන්න දීපු කොම්පැනියේ ඩොලර් ගිලපු බහිරවයන්ට ආණ්ඩුවක් දුන්නා නම් කොහොමට වේද (නදී)
හාහ් හාහ් හආහ්හ්..තමුන් කරපුවයි කරන්න හිතාගෙන හිටපුවයි ගැනද කියන්නේ. මහින්ද බලයේ ඉන්න කාලේ ඔය කට්ටිය හිටියෙත් එහෙම තමයි (ම)
ඩියුටි ප්‍රී වාහන විකුනන්න වාරයක් එන්නේ නැත්ද ? (නදී)
පිවිතුරු බවේ සංකේතය හරියට රෙදි හෝදන සබන් වගේ . (නදී)
ශ්‍රී ලංකා ඡන්ද නැත්නම් මෙයයි විමලුයිඅද කුණු කූඩ (නදී)
නියම බලු භාෂාව තමයි මෙයාලට ගැලපෙන්නේ (නදී)
සන්ධානේ නැත්නම් ඇපත් නැත. වංචා කළා නම් දඩුවම් විදින්න වෙයි (නදී)
ලංකාව හැමදාම (ජාතිවාදය රජකරන) තුන්වන ලෝකයේ තියාගන්න ඕනෙ නම් මෙන්න අනුගමනය කරන්න පුද්ගලයා. කරුණාකර ඔය කරන පිළිකුල් සහගත ජාතීන් අතර සමගිය නැති කරන දේශපාලනයෙන් ඉල්ලා අස්වෙන්න. රටට කරන ලොකු උදව්වක්. (නදී)
ලක්ෂ 58 ඡන්ද මල්ල කෝ ? (නදී)
විපක්ෂය රටට පක්ෂ විය යුතුය (ම)
ගම්මන්පිල ඇත්ත කියනවා. දැන් කර කියා ගන්න දෙයක් නැතුව නේද ඉන්නේ. දැන් මේ පැත්තට පනින්න ලැජ්ජයි නේද. (ම)
මේගොල්ලෝ තනියම ඉල්ලුවානම් අද ගෙදර .දැන් ඔහේ කටට එන දේ කියවනවා .(ම)
හරියට හරි (ම)
මහින්ද මහත්තයව විකුණගෙන කාපු නිල මැස්සෙක් ගිය උඩ! (ම)
ඔබ හරි.. ඔබට ජය වේවා...(හේ)
රටට ඕනේ ඔබ වගේ දේශපාලකයන් (ම).
කොහේ හෝ තැනක සියල්ල ඔබට අවුල් වී ඇත. (නදී)
කට කලියාවක් දාන්න (නදී)
පිස්සු බල්ලෙක් කතා කරයි...තම්න් ගැනම කියා ගන්න අය දැන් අඩුයි. මෙයා ජෙල් විමාටයි, ලොන්ඩරි කෙහෙලියාටයි මාර ගේමක් දෙන්නෙ. (බ)
සන්ධානේ වෙන් වුනාම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වලින් ඔයගොල්ලන්ට ආය එලිය බලන්ට ලැබෙන්නේ නෑ (බ)
හරියටම හරි .අත අරින්න එපා (හේ)
අලුත් පාර්ලිමේන්තුවේත් විහිලු කාරයෝ ඕන ගානට ඉන්නවා (නදී)
ජාති වාදය ඉදිරියට දාලා රට දිනන්න බෑ.(හේ)
අනේ අපොයි මෙයාට මොකද වුනේ.(හේ)
මේ අයට ඡන්දෙ දෙන උනුත් ඉන්නවනේ? (නදී)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පහනින් එලිය බැලු ඔබ අද පිවිතුරු හෙළ උරුමයේ පසුබිමක් ඉදිරිපිට පුවත් පත් සාකච්ඡා පවත්වනවා. මීට පෙර ඔය පසුබිමක් සහිතව පුවත්පත් සාකච්ඡා පවත්වපු දිනයක් අපිට නම් මතක නෑ. කොහොම වුනත් ඉදිරියේදී ඔය කියන දේවල් කරලා පෙන්වන්න උත්සාහ කරන්න. (නදී)
කට විතරයි වැඩ නැතී ගම්මන්පිල ..(බ)
මගේ 100 දෙනවා (බ)
ගම්මන්පිල මහත්තයෝ දැන් කාගේ වලිගයද හොයන්නේ එල්ලෙන්න ? (බ)