IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උෂ්ණත්ව පාලනය භාවනාවෙන්

තිබ්බතයේ ලාමාවරු භාවනාවෙන් සිය සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාව ලබා ඇතැයි සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂනකින් තහවුරු වී ඇත. ලාමාවරු විසින් ජී-ටුම්මෝ ලෙස මේ භාවනා ක්‍රමය හඳුන්වයි. ලාමාවරු සළකන්නේ එය අතිශය පූජනීය භාවනා ක්‍රමයක් බවයි. ඉන් අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කැර ගැනීමට හැකි බව ලාමාවරුන්ගේ විශ්වාසයයි.

පර්යේෂකයන් පවසන්නේ තිබ්බතයේ හිමාලය ආසන්න අති දුෂ්කර ප්‍රදේශයක වාසය කරමින් ජී-ටුම්මෝ භාවනා ක්‍රමය ප්‍රගුණ කළ ලාමාවරු කිහිප දෙනකු තම පර්යේෂණයට යොදාගත් බවයි. ඒ පර්යේෂණය සඳහා ඊ.ඊ.ජී. උපකරණ යොදාගෙන ඇත.

පර්යේෂණය සිදුකළ කාලයේ දී ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 25ක් තරම් පහළ බැස තිබුණ ද ධ්‍යානයට සමවැදී භාවනාවේ යෙදී සිටි භික්ෂූන් වහන්සේලාගේ සිරුරේ තෙත රෙදි එතූවිට ඒ රෙදි වියළී යන තරමට ඔවුන් තම සිරුරේ උෂ්ණත්වය වර්ධනය කරගෙන තිබූ බව ද පර්යේෂණ වාර්තාවේ සඳහන් කැර ඇත. ඔවුන් මේ පර්යේෂණය කැර ඇත්තේ අතේ ගෙන යා හැකි ඊ.ඊ.ජී. උපකරණ භාවිතා කරමිනි.



අදහස් (0)

උෂ්ණත්ව පාලනය භාවනාවෙන්

නිරාන් Thursday, 01 May 2014 09:39 AM

බුදුදහමේ අසිරිය තාමත් නියම ආකාරයෙන් ලොවට හෙළිවී නැත.බුදුන් වහන්සේ මෙවැනි ප්‍රතිහාර්යයන් වඩා අගය කළා. (නි)

:       0       0

බණ්ඩාර Friday, 02 May 2014 06:10 AM

නිරාන්, ඔබේ අදහස වැරදියි. බුදුහිමියන් සෘධිබල වර්ණනා කළේ නැහැ. එවැනි බල පෙන්වීම් තහනම් කරමින් විනය නීතිත් පනවලා තියෙනවා. දේශානවමයි අගය කළේ. තිබ්බත හිමිවරු කරන්නෙ ථෙරවාද බුදු දහමෙ උගන්වන දස කසින වලින් තේජෝ කසිනයට (තේජෝ කියන්නෙ උණුසුමට) සිත සමාධිමත් කිරීමයි. බුදු දහම දන්නා අය මේවා දන්නවා. දස කසින වලින් සිත ඉක්මනින් සමාධිමත් වන බවයි පැවසෙන්නෙ. බටහිර පර්යේෂකයන් මේවා අදයි දකින්නෙ. විශේෂයෙන් වේගයෙන් බටහිරකරණය වු ආසියාතික රටක් වන සිංගප්පුරුව දකින්නෙත් මේවා දැන් තමයි. අද ලංකාවෙ කී දෙනෙක් මේවා දන්නවද දන්නෙත් නැහැ. (නි)

:       0       0

ටී. Thursday, 01 May 2014 09:17 AM

ඉතා අගනා ඡායාරූපයක් (නි)

:       0       0

දිනේෂ් Thursday, 01 May 2014 09:22 AM

නිර්මල බුදුදහම සත්‍යයයි (නි)

:       0       0

දිනේ‍‍ෂ් Thursday, 01 May 2014 09:22 AM

නිර්මල බුදු දහම සත්‍යයි. (ස)

:       0       0

ධම්ම Thursday, 01 May 2014 10:43 AM

තාක්ෂණයෙන් හෙළි වන්නේ පංචේන්ද්‍රියයන්ට ගෝචර වුණොත් පමණයි. එයින් පිට මොන තරම් දේවල් තිබෙනවාද. ඒ හැම දෙයක් ගැනම බුදු දහමේ සාකච්ඡා වෙනවා. (ස)

:       0       0

නිමල් Thursday, 01 May 2014 11:37 AM

තාම විද්‍යාව දියුණු නෑ ඒකයි. (ස)

:       0       0

ඩීසී Thursday, 01 May 2014 12:51 PM

නිරාන් ඒ අදහස වැරදියි. (ස)

:       0       0

කමල් Thursday, 01 May 2014 03:33 PM

නිර්මල බුදු දහම සත්‍යයයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site