තිබ්බතයේ ලාමාවරු භාවනාවෙන් සිය සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාව ලබා ඇතැයි සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂනකින් තහවුරු වී ඇත. ලාමාවරු විසින් ජී-ටුම්මෝ ලෙස මේ භාවනා ක්‍රමය හඳුන්වයි. ලාමාවරු සළකන්නේ එය අතිශය පූජනීය භාවනා ක්‍රමයක් බවයි. ඉන් අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කැර ගැනීමට හැකි බව ලාමාවරුන්ගේ විශ්වාසයයි.
පර්යේෂකයන් පවසන්නේ තිබ්බතයේ හිමාලය ආසන්න අති දුෂ්කර ප්‍රදේශයක වාසය කරමින් ජී-ටුම්මෝ භාවනා ක්‍රමය ප්‍රගුණ කළ ලාමාවරු කිහිප දෙනකු තම පර්යේෂණයට යොදාගත් බවයි. ඒ පර්යේෂණය සඳහා ඊ.ඊ.ජී. උපකරණ යොදාගෙන ඇත.
පර්යේෂණය සිදුකළ කාලයේ දී ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 25ක් තරම් පහළ බැස තිබුණ ද ධ්‍යානයට සමවැදී භාවනාවේ යෙදී සිටි භික්ෂූන් වහන්සේලාගේ සිරුරේ තෙත රෙදි එතූවිට ඒ රෙදි වියළී යන තරමට ඔවුන් තම සිරුරේ උෂ්ණත්වය වර්ධනය කරගෙන තිබූ බව ද පර්යේෂණ වාර්තාවේ සඳහන් කැර ඇත. ඔවුන් මේ පර්යේෂණය කැර ඇත්තේ අතේ ගෙන යා හැකි ඊ.ඊ.ජී. උපකරණ භාවිතා කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුදහමේ අසිරිය තාමත් නියම ආකාරයෙන් ලොවට හෙළිවී නැත.බුදුන් වහන්සේ මෙවැනි ප්‍රතිහාර්යයන් වඩා අගය කළා. (නි)
නිරාන්, ඔබේ අදහස වැරදියි. බුදුහිමියන් සෘධිබල වර්ණනා කළේ නැහැ. එවැනි බල පෙන්වීම් තහනම් කරමින් විනය නීතිත් පනවලා තියෙනවා. දේශානවමයි අගය කළේ. තිබ්බත හිමිවරු කරන්නෙ ථෙරවාද බුදු දහමෙ උගන්වන දස කසින වලින් තේජෝ කසිනයට (තේජෝ කියන්නෙ උණුසුමට) සිත සමාධිමත් කිරීමයි. බුදු දහම දන්නා අය මේවා දන්නවා. දස කසින වලින් සිත ඉක්මනින් සමාධිමත් වන බවයි පැවසෙන්නෙ. බටහිර පර්යේෂකයන් මේවා අදයි දකින්නෙ. විශේෂයෙන් වේගයෙන් බටහිරකරණය වු ආසියාතික රටක් වන සිංගප්පුරුව දකින්නෙත් මේවා දැන් තමයි. අද ලංකාවෙ කී දෙනෙක් මේවා දන්නවද දන්නෙත් නැහැ. (නි)
ඉතා අගනා ඡායාරූපයක් (නි)
නිර්මල බුදුදහම සත්‍යයයි (නි)
නිර්මල බුදු දහම සත්‍යයි. (ස)
තාක්ෂණයෙන් හෙළි වන්නේ පංචේන්ද්‍රියයන්ට ගෝචර වුණොත් පමණයි. එයින් පිට මොන තරම් දේවල් තිබෙනවාද. ඒ හැම දෙයක් ගැනම බුදු දහමේ සාකච්ඡා වෙනවා. (ස)
තාම විද්‍යාව දියුණු නෑ ඒකයි. (ස)
නිරාන් ඒ අදහස වැරදියි. (ස)
නිර්මල බුදු දහම සත්‍යයයි. (ස)