IMG-LOGO

'උලත් එකයි පිළත් එකයි' චිත්‍රපටයේ ගංගුට පණ පොවන ඩිල්ශානි

2016-09-29-ent-66

මේ දිනවල හර්ෂ උඩකන්දගේ "උලත් එකයි පිළත් එකයි" සිනමා නිර්මාණය හරහා ඔබ අතරට පැමිණෙන ඩිල්ශානි පෙරේරා සමගින් අද %සාරවිට^ තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණේමු. එම චිත්‍රපටයේ "ගංගු" නම් චරිතයට පණ පොවන ඩිල්ශානි මේ දිනවල එම චරිතය හරහා ඉහළ රසික ප්‍රතිචාරද අත්විඳිමින් සිටියි.

 

"ගංගු" චරිතයට ලැබෙන රසික ප්‍රතිචාර ඉහළයි කියන්නේ ඇත්තද?

2016-09-29-ent-62ඇත්තටම ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා මා රඟපාන "ගංගු" කියන චරිතයට. මේ මගේ දෙවැනි ප්‍රධාන සිනමා චරිතයයි. මීට පෙර මා "මගෝඩි ගොඩයි" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපැවා. මගේ චරිතයට ඉහළ රසික ප්‍රතිචාර ලැබුණත් %උලත් එකයි පිළත් එකයි^ චිත්‍රපටයට නම් අඩු රසික ප්‍රතිචාර ප්‍රමාණයක් තමයි ලැබිලා තියෙන්නේ.

 

මේ ඩිල්ශානිගේ කී වෙනි චිත්‍රපටයද?

මේ මගේ පස්වැනි සිනමා නිර්මාණය. මම මුලින්ම සිනමාවට ආවේ "මගෝඩි ගොඩයි" කියන චිත්‍රපටය තුළින්. "උලත් එකයි පිළත් එකයි" චිත්‍රපටයට කළින් කරපු චිත්‍රපටයක් තවම ආවේ නැහැ. බොහෝ විට ඒ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. තවත් චිත්‍රපට කිහිපයකටම මේ දිනවල සම්බන්ධ වෙන්න කියලා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ චිත්‍රපට වල රුපගත කිරීම් පටන් ගත්තාහම ඒ ගැන තොරතුරු කියන්නම්.

 

සිනමාවට ලබාදෙන තැන ඔබ පුංචි තිරයටත් ලබා දෙනවාද?

ඔව්, දැනට මම ටෙලි නාට්‍යය කිහිපයකම වැඩ කරලා තියෙනවා. මුලින්ම රඟපෑවේ "සුබා"කියන ටෙලි නාට්‍යයේ. මා රඟපෑ "රුවිත හතර" කියන ටෙලි නාට්‍යයේ මා කළේ වෙනස්ම ආකාරයේ චරිතයක්. තවත් නොබෝ දිනකින් "හින්දලයා" හා "එතැන ටිකයි මෙතැන ටිකයි" කියලා මා දායක වුණ තවත් ටෙලි නාට්‍යය දෙකක් විකාශය වෙන්න තියෙනවා. ඒ අතරින් %හින්දලයා^ කියන ටෙලි නාට්‍යයේ "කළුමැණිකා"කියන චරිතය මට විශේෂ එකක්. මේ චරිතයේදී මම අංගම්පොර සටන් වල පවා නිරත වෙනවා.

 

ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් ගොඩ කාලයක් වෙනවා නේද?

ඔව්, වෙළෙඳ දැන්විම් හරහා තමයි කලා ක්ෂේත්‍රයට ආවේ. ඊට පස්සේ ස්වර්ණවාහිනි නාලිකාවේ මම නිවේදිකාවක් ලෙස කටයුතු කළා. මොකද කාලයක් මට නිවේදිකාවක් වෙන උණක් තිබුණා. ඒ උණ සනිප කරගන්න තමයි මම නිවේදිකාවක් විදිහට කටයුතු කළේ. ඔය අතරේ තමයි අහම්බෙන් රංගනයට යොමු වුණේ.

 

මේ ගෙවුණු කාලය තුළ කලාව පැත්තෙන් ආපු දුර ගැන තෘප්තිමත්ද?

ඇත්තටම මා ආපු ගැන මම ගොඩක් තෘප්තිමත් වෙනවා. වසර කිහිපයක් තිස්සේ මම විවිධ කලා කටයුතු වල රඟපාලා තියෙනවා. හැබැයි රංගනය පැත්තෙන් නම් ලොකුවට වැඩ භාරගෙන කටයුතු කරලා නැහැ. ඒකට හේතුව තමයි මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමති කෙනෙක් නොවන නිසා. මගේ කැමැත්ත වුණේ හෙමින් ගමනක් යන්න.

 

රංගනයට මේතරම් දක්ෂ ඔබ ඒ පිළිබඳව කළින් යම් හැදෑරීමක් කරලා තියෙනවාද?

නැහැ. මම රංගනය පිළිබඳව හැදෑරිමක් කරලා නැහැ. නමුත්, මම නිතරම චිත්‍රපට බලන කෙනෙක්. මම හැම විටම ඒ චිත්‍රපට වලින් යම් යම් දේ ඉගෙන ගත්තා රඟපෑම් සම්බන්ධව. ඒ වගේම මා රංගනයෙන් දායක වුණ හැම ටෙලි නාට්‍යයක්ම, චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ දක්ෂ අධ්‍යක්ෂවරුන්. ඔවුන් යටතේ මට රංගනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි.

 

බුද්ධික සේනාධීර

 

2016-09-29-ent-65
2016-09-29-ent-64
2016-09-29-ent-63
2016-09-29-ent-61



අදහස් (0)

'උලත් එකයි පිළත් එකයි' චිත්‍රපටයේ ගංගුට පණ පොවන ඩිල්ශානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site