(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භ උළෙලේදී ජාතික ගීය තමන් ගායන කළ ආකාරය පිළිබඳව කිසියම් හෝ කෙනෙකුට සිත්රිදවීමක් ඇතිවූයේ නම් සමාව අයද සිටින බව ගායන ශිල්පිනී උමාරා සිංහවංශ පැවසන්නීය.
එහිදී ජාතික ගීයේ ඇතැම් වචන උච්චාරණය කිරීම පිළිබඳව ගැටලුවක් ඇතිවී තිබෙන බව හැගෙන බවත් ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිඳු ආකාරයෙන් අර්ථකථනය වෙනස් කිරීමට කිසිවටකත් අදහස් නොකළ බවත් ඇය වැඩි දුරටත් පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සමාව ඉල්ලීම පිළිගන්න බැහැ... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වරදක් කළා කියලා තියෙද්දී කාට හෝ කෙනෙකුගේ හිත රිදුණා නම් සමාව ඉල්ලීම ලිස්සා යාමක් කියන්න පුළුවන්... සමාව ඉල්ලනවා නම් සමස්ථ ශ්‍රීලංකා ජනතාවගෙන් සමාව ඉල්ලන්නම ඕනෑ.
ගෙදර සාලේ කැත කරලා පස්සේ සමාව ඉල්ලුවට වැඩක් ඇතෑ....ඊට වැඩිය හොදා ඒ ටික කෑවා නම්....
බලන් ගියහම ලංකාවෙ ඉන්නෙ මාරම ජාතික ආලෙ තියෙන සෙට් එකක් නෙ.. ඔය වගෙම රට දියුනු කරන්න උනන්දි නැත්තෙ ඇයි ඔය කොමෙන්ට් දාන කවුරුත්?
ලංකාවේ තරම් මෙහෙම විකාර, වෙන කිසිම රටක වෙන්නේ නැතිව ඇති.
ඇමෙරිකාවේ ජාතික ගීය එක එක ආකාරයට ගායනා කරනවා. නමුත් තවම එල්ලා මැරීමට නියම කරලා නැහැ. ඔය පට්ටපල් බොරුවලට රැවටෙන්න එපා!
ලංකාවෙ එවුන් තමන්ගෙ තියෙන ගරුත්වය කෙලෙසුවාට ඕස්ට්‍රේලියාවේ සිටින සුදු ජාතික මහතෙක් ඉතාමත් නිවැරදි ආකාරයට ජාතික ගීය ගායනා කලා කොහොම වුනත් මේ ගායිකාව තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය ලෙසට ජාතික ගීය විකෘති කිරීමට උපදෙස් දුන්නු අයටත් උපරිමයෙන් දඩුවම් දියයුතුය
එකෙන් තේරෙන්නෙ ජීවිතේට මෙහෙ ඉස්කොලෙකට දහම් පාසලකට ගිය නැති.. පිටරටක හැදිල ලංකාවට ඇවිල්ල සෙල්ලම් දාන්න ගිහින් හත්පොලේ ගාගෙන දැන් සමාව ඉල්ලනව....
අපේ ඔය ව්‍යවස්ථාව රකින අය ඉන්න ඕනේ... ඕන කෙනෙක් ඕන එකක් කෙරුවාට පස්සේ කමිටු පත්කරන්නයි, ඒවාට වියදම් ගන්නයි නොවේ වැරැද්දක් වීමට කලින් ආරක්ෂා කරන්නයි. තවත් ඕනෑතරම් හූ කියලා සමාව ඉල්ලයි. කමිටු වියදම් ගනී. මුලු ගසටම පණුවෝ ගසලා තියෙද්දි එක කොලයක් ගැන කුමන කතාද? විසඳුමක් සොයමු!