(ඩයනා උදයංගනී)
උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කරන ඉරානයේ ‘ෆරාබ්’ සමාගම මීට පෙර එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධ අත්දැකීම් නොමැති ඉදිකිරීම් සමාගමක් බව දැනට කර ඇති සොයා බැලීම් වලදී හෙළි වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති, උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ සොයාබැලීමේ අමාත්‍ය අනු කමිටුවේ සාමාජික මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම ඉදිකිරීම් සමාගම උමා ඔය ව්‍යාපෘතිය සඳහා නිර්දේශ කර ඇත්තේ ඉරාන රජය විසින් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔවුන් විසින් උමග කැණීමේ දී යොදාගෙන ඇති යන්ත‍්‍ර එම කටයුත්තට නොගැලපෙන ඒවා වීම දැනට මතු වී ඇති ගැටලූවලට හේතුවක් වී ඇතැයි කී අමාත්‍යවරයා එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පර්යේෂණ කර ඇති දේශීය හා විදේශීය විශේෂඥයින්ගේ නිර්දේශ පරිදි එම කටයුත්ත සඳහා ගැලපෙන උපකරණ ජුලි 18 වැනි දා වන විට ගෙන්වීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේදී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔක්කොම වුණාට පස්සෙද සමාගමයි, උපකරණයි හොඳ නෑ කියන්නේ? පුදුම පාලකයෝ තමයි මෙහෙ ඉන්නේ.
එදා මේ වගේ දෙයක් කරද්දී තිබුණු රජයේ ඇමතිවරයෙක් හැටියට කියන්නවත් කොන්දක් නැති ඇමතිවරුතමයි මේ. ලොකු දෙයක් දැන්වත් ටිකක් හෝ විරුද්ධත්වයක් දක්වන එක. හරියට අඟේ ඉඳන් කන කනවා වගේ. දැන් දැන් මතුවී ඇති ප්‍රශ්න බොහොමයකට ප්‍රධානම හේතුවක් තමයි ඕක. ජනාධිපතිතුමා ඉක්මනින්ම තීරණයක් අරගෙන, අදාළ අමාත්‍යාංශය වහාම පවරාගත්තේ නැත්නම් ආණ්ඩුවට තව තවත් බොහෝ ප්‍රශ්නවලට මැදිවෙන්න වේවි.!!!
කෝටි ගණන් කොමිස් ඉරානයෙන් ගත්තු අය කලින්ම ඒවායේ පඩිසන් විඳිනවා.
ඔය ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ පසුගිය රජයෙන්. ඔබත් ඒ රජයේ හිටපු සාමාජිකයෙක් නේද? ඒ කාලේ ඕවා ගැන හොයලා බැලුවේ නැතිද?
බෝල ගහන්න වගෙයි ලැහැස්ති වෙන්නේ...
රට ගැන ආදරයක් ඇති අය මේවා කියද්දි මෙච්චර කල් කොහෙද හිටියේ? දැන්ද මේවා කියන්නේ.. මේවගේ තමයි අනෙක් දේවලුත්..
ඔක්කොම වැඩ ඉවරවෙලා අවසාන ගෙවීම් කළාටත් පස්සෙම සමාගම ගැන චෙක් කළා නම් නේද හොඳ?
මෙච්චර කල් ව්‍යාපෘතියේ උපදේශක සමාගම බව කිව්වේ නැද්ද? එහෙම නැත්නම් ඇහුන්කන් දුන්නේ නැද්ද?
ආ.. එතකොට ඔබතුමා හිටියේ මහරජාණන් ළඟ නේද?
කොමිස් ගන්නකොට ඕවා හොයන්නේ නැනේ නේද? විපතක් වුණාම තමයි ඔක්කොම හොයන්නේ..අනේ මන්දා මෙහෙමත් දේශපාලකයෝ...
බණ්ඩාරවෙල මිනිස්සු මැරුණාට පස්සෙම කම්පැනිය ගැන හොයලා බලන්න...
හරි, දැන් මේ වගේ ප්‍රකාශයක් කළාම අපි නිදහස් කියලාද කියන්නේ? වැරැදි සමාගම් ගෙනැවිත් රට විනාශ මුඛයට ඇද දැමූ පාලකයන්, නිලධාරින් ඉන්නේ කොහේද?
මේක ගමට වතුර ගෙනියන්න පටන්ගත්ත වැඩක්නේ, ඒ කාලේ ඉරානය එයාගෙ හොඳම යාලුවෙක්නේ.. ඉතින් තව මොනවද ? හැබැයි හොඳම විහිලුව අප්පච්චි දැන් කියන්නෙ මේක මෙහෙම වුනේ මේ ආණ්ඩුවේ වරදින්ලු...
ආධුනිකද, නැතිද? කියලා කම්පැනියේ වෙබ්සයිට් එකට ගිහින් බලා ගන්නකෝ....
ඔය මගුල් කතා වැඩක් නැහැ. මහා විනාශයක පෙර නිමිති අතලඟයි. රටේ හදවත් විනාශකරලා පාලනය කරන රට මොකක්ද?
මේ වගේ තමාගේ නායකයන් හැටියට පත් කරගත්තු මිනිස්සුන්ට හොඳම වැඩේ තමයි. තව ඉස්සරහට හොඳ හොඳ දේවල් එළිවෙයි.
සංගක්කාරගෙන් අහනවා දේශපාලනයට එනවද කියලා., ඔහු ක්‍රිකට් පිටියෙන් සමුගන්න වෙලාවේ. එතකොට ඔහු කියනවා ක්‍රිකට් ඇරෙන්න ඔහු වෙන දෙයකට කැමති නැති බව, ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කැප වෙන බව ඔහු කියන අතරම කියනවා දේශපාලනයට සුදුසු ය ඉන්නවා ඒ ය එය කරාවි කියලා. බෝලයක් එන්ට කලින් ඔහු දන්නවා බොලේ එන ආකාරය. ඒත් මේ දේශපාලකයෝ දන්නේ විකට් කඩලා ගියාම තමයි ... ඒත් විකට්ටුවේ ඉන්නවා ලජ්ජා නැතිව. ඒ නිසා මට හිතෙන්නේ ඔයාකාරයට නම් ඕනෑම කෙනෙකුට දේශපාලනය කල හැකියි කියලයි.
අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ. එදා මහවැලිය හදද්දී දස දහස් ගණන් ගමබිම් හැර ගියා. ජ.වි.පෙ. එක කෑගැහුවා මහා දරුණු විදියට. ජේ.ආර්., ගාමිණි මහත්වරුන් බයේ පලාගියේ නැහැ. අද කෙතරම් පිරිසක් ජීවත් වෙනවාද කොතරම් විදුලියක් හැදුවාද? රටට කොතරම් යහපතක් වුනාද?
මේ ආණ්ඩුවේ කට්ටියත් එම වරද කලේ නොදැන කියලා හිතන්න අමාරුයි. පේන්නේ නැතැයි සයිටම් එකට කතා කරන හැටි. ඔක්කොම කොමිස් ගහන එකයි කරන්නේ.
මෙම ව්‍යාපෘති තම අභිමතය පරිදි පටන්ගත්තේද ඒ ඔබතුමාත් ඇමතිකමක් කල පසුගිය රජයෙනි. එම කාලයේදී ඔබතුමාලගේ වගකීම් පැහර හැරලා. ජනතාව කුපිතවීම වැළැක්වීමට මෙවැනි ප්‍රකාශයන් කර, එම පාපයෙන් මිදෙන්නට හෝ ඔබලාගේ අත සෝදාගැනීමට නොහැක. එබැවින් පටන්ගත් ව්‍යාපෘතිය නිසි පරිදි අවසාන කර, අවතැන්වූ ජනතාවට නිවාස සහන සලසන්න. ඒ වගේම අසරණ වූ ජනතාවට නල ජලය ලබාදෙන නිසි ක්‍රමවේදයක් සකසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සමහර මැති-ඇමති වරුන්ගේ ගෙවල් නඩත්තු කිරීමට සහ වාහන මිලදී ගැනීමට වෙන්කළ මුදල් බණ්ඩාරවෙල ජනතාවට නල ජලය ලබාදීමට යොදවන්න.
ඇමතිවරු අට දෙනයි... කතාවම විතරයි... ප්‍රශ්නයත් එතනමයි... උමාඔයේ අපි දැන් අනාතයි.
මේ ව්‍යාපෘතිය පරණ ලොක්කාගේ පවුලේ අයටම හදපු ව්‍යාපෘතියක් වගේ... ඉතින් කාට කියන්නද?
අපට හානිවන තරමට සමාගමේ ලාභය ඉහළයි....එච්චරද ? මෙවැනි දැවැන්ත ව්‍යාපාර කිරීමට මේ ඉරාන සමාගමට කිසිම පළපුරුද්දක් මෙන්ම හැකියාවක් තියේද කියා මේ ව්‍යාපාරයේ "අප්පච්චිලා" අවම වශයෙන් රාජ්‍ය මට්ටමේ හෝ තානාපති මට්ටමේ හෝ විමසීමක් කළාද ? මෙවැනි මහා පරිමාණයේ බහු කාර්ය ව්‍යාපෘතියක් "පිළිගත් විදේශිය සමාගමකට" භාර දුන්නා නම් ඔවුන් මෙරටට පැමිණ එය අධ්‍යයනය කර රජයට පුර්ණ වාර්තාවක් ලබා දෙනු ඇත. එහෙම වුණා නම් මෙහි භාරදුර කම මෙන්ම එමගින් සිදුවිය හැකි පශ්චාත් අනතුරු ගැන රජයට දන්වනවා නොවේද? මේ තුට්ටු දෙකේ ඉරාන සමාගම එවැනි දෙයක් කළාද? වෙන්න බැහැ, හේතුව ඔවුන්ට එවැනි අත්දැකීම් නැති නිසාය. අනික් අතට "පිළිගත් විදේශිය සමාගමක්" පශ්චාත් අනතුරු ගැන දන්නා නිසා මෙවැනි දෙයකට අත නොතබනු ඇත. එහෙම වුණා නම් ව්‍යාපෘතියේ කොමිස්වලින් මේ අයගේ මඩිය පිරෙන්නේ කොහොමද ? හැමදේකින්ම අසරණ වෙන්නේ මේ ජනතාවයි..