(නිමල කොඩිතුවක්කු)

දිවයිනේ ජාතික සහ පළාත් පාසල්වල මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 111 (1) (අ) ශ්‍රේණියට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් මස 15 වැනි දින සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 111 (1) (අ) ශ්‍රේණියට බඳවා ගැනීම පිළිබඳව 2026 මැයි මස 24 වැනි දින පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව 17,000ක පිරිසක් පළමු අදියරේදී බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති බවද ලේකම් වරයා ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා මේ බව පැවසුවේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකචඡාවකට සහභාගී වෙමිනි.