
උපුල් ශාන්ත සන්නස්ගල.........
ඊළඟට?
ඔව් ඊළඟට ලිවිය යුත්තේ කුමක්දැයි මම කල්පනා කරමි
‘‘වස්සාන සිහිනය’’
‘‘ආදරණීය වස්සානය’’
‘‘ඔබ හීනයක් වගේ’’
‘‘අපේ සිංහල පන්තිය’’
මගේ මතකයට පිවිසෙන කරුණු කාරණා බොහෝය. එම කරුණු කාරණා ගොන්නේ පළමුවැන්න නව කතාවකි. ජනප‍්‍රියම නව කතාවකි.
දෙවැන්න නෙත් සිත් බැඳගත් ජනප‍්‍රිය චිත‍්‍රපටියකි.
තෙවැන්න ජනප‍්‍රියත්වයේ ඉහළින්ම රැුඳුණු අදටත් අඩු නොවුණු ගීතයකි.
සිව්වැන්න උසස් පෙළ සිංහල පංතියකි.
මේ සියල්ල සමගම උපුල් ශාන්ත සන්නස්ගල නම සම්බන්ධය.
තවත් විදිහකට කියනවා නම් උපුල් නවකතාකරුවෙකි. චිත‍්‍රපට නිෂ්පාදකයෙකි. ගීත රචකයෙකි. ටියුෂන් ගුරුවරයෙකි.
මේ ගොන්නටම එකතු කළ හැකි දේවල් තවත් තිබේ. ඔහු සන්නිවේදකයෙකි. පොත් ප‍්‍රකාශකයෙකි, එසේම කිව යුත්ත කෙලින්ම කියන එහෙත් හිත හොඳ මිනිසෙකි, මිතුරෙකි.
මෙකී සියල්ල අමතක කර, උපුල් ශාන්ත සන්නස්ගල ගැන අද අපට කතා කරන්නට සිදුව ඇත්තේ ඔහු විසින් අලූතින්ම ඉදිරිපත් කරන්නට යන ගීත රසවින්දනාත්මක වැඩසටහනක් හේතුවෙනි. හීන ඇහිඳින යාලූවෝ එම සන්නිවේදන කාර්යයයි.
ඉතින් සියල්ලටම කලින් සන්නස්ගල සමග එක්ව ගීත අහුලා ගනිමු. ඒ සඳහා මම ඔහුට ප‍්‍රශ්න කිහිපයක් යොමු කරමි.
|
|
මොකක්ද මේ හීන අහුලන කතාව?
මම මීට අවුරුදු දෙකකට කලින් එක්තරා එෆ්.එම්. නාලිකාවක ආදරෙත් එක්ක තුන්පැයක් නමින් ගීත රසවින්දන වැඩසටහනක් කළා. මේ වැඩසටහනට ශ‍්‍රාවක ප‍්‍රතිචාර රාශියක්ම ලැබුණා.
මාධ්‍යවලට ගීත නැතුවම බැහැ. ඒත් කිසිම දවසක කිසිම මාධ්‍යයක ගායකයගෙ ගීත රචකයගෙ සංගීතඥයගෙ නම් කියන්නෙ නැහැ. ගීතයක ස්වාමිත්වය දරණ මේ අයගෙ නම් නොකිව්වත් ඒ ගීතය අහන ගෙදර බල්ලගෙ බළලගෙ නම් පවා කියන්න නිවේදක නිවේදිකාවො පෙළඹිලා ඉන්නවා. බල්ලගෙ නම විතරක් නෙමෙයි ඌ කිරි බිව්වද උගෙ ඇෙඟ් කිනිතුල්ලො ඉන්නවද කියලත් නිවේදිකාවො අහනවා.
ගායකයගෙ, ගීත රචකයගෙ, සංගීතඥයගෙ නම් කියන්න තත්පර පහකට වැඩියෙ යන්නෙ නැති වුනත් ඒ නම් තුන නම් මේවයෙ කියන්නෙම නැහැ. හැබැයි ගීතයට කලිනුයි පස්සෙයි වෙළෙඳ දැන්වීම් නම් ගොඩාක් කියනවා.
මම ආදරෙත් එක්ක තුන්පැයක් කරද්දි අර ගීතයේ ස්වාමිත්වයේ නම් තුනයි ගීතය ගැන රසවින්දනාත්මක පූර්විකාවකුයි ඉදිරිපත් කළා. ඒ ආකෘතිය තවත් අලූත්කරලා තමයි හීන ඇහිඳින යාලූවෝ ඉදිරිපත් කරන්නෙ.
මේ විදිහට හීන අහුලන්න, ඔබ ගීත අහුලගන්නෙ කොහොමද?
කිසිම වර්ගීකරණයක් නැහැ. සම්භාව්‍යයද දෙමළද හින්දිද වගේ කිසිම වර්ගීකරණයක් නැහැ.
සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. අපි සමහර සිංදුවල එක වචනයක්වත් දන්නෙ නැතුව කටහඬට වශීවෙලා ඒ ගීතයට ප‍්‍රියකරනවා. සංගීතයට වශීවෙන ගීත තියෙනවා. ඒ නිසා මම තෝරාගන්නෙ හොඳ ගීත වලට වැඩියෙ රසවත් ගීත කිව්වොත් වඩාත් හරි. සමහර ගීතයක් හැත්තෑව දශකයෙ ගීතයක්. තව එකක් නූතන පරපුරේ ගීතයක්. මේ රසවත් ගීත නූතන සංගීත පරම්පරාවට ඔසොවා තැබීමටයි මං උත්සාහ කරන්නෙ.
අද නූතන පරම්පරාව රේඩියෝ අහනවද?
ඇයි ඒගොල්ලො රේඩියෝ අහන්නෙ නැත්තෙ? ඒගොල්ලො රේඩියෝ එකෙන් ඈත්වුණේ ඇයි? මේවයෙ තියන වාචාල කතා අහගෙන ඉඳල වැඩක් නැති නිසා. ඒ ගොල්ලො හිතනව රේඩියෝ ඇසීම කාලෙ නාස්තිකිරීමක් කියලා. එයින් ජීවිතේට අලූත් දෙයක් ලැබෙන්නෙ නෑ කියලා. අන්න ඒ හින්දායි ඒ අය රේඩියෝවෙන් ඈත්වුණේ. ඉතින් ඒ ප‍්‍රශ්න තුනට උත්තර දෙන්න පුළුවන්නම් තරුණයෝ ආයෙත් රේඩියෝ එක වටකර ගනීවි. හෙට අහන්න පුරුදු කරන දැනෙන රහ තවත් වැඩිකරන වැඩසටහන් තියෙනව නම් ආපහු ඒ අය රේඩියෝ එක ළඟට රොක්වේවි.
සන්නස්ගලට මේ වැඬේ කරන්න පුළුවන් කියලා ඔබට විශ්වාසද?
අනිවාර්යයෙන්ම මම ඉස්සර ආදරය සමග තුන් පැයක් වැඩසටහන කරන කාලෙ මං දන්න එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙක් ඔහුගෙ ප‍්‍රයිවෙට් ප‍්‍රැක්ටිස් ඉරිදා රෑට නතර කළා. මගේ වැඩසටහන අහන්න ඕනෙ කියලා.
මම තව සිදුවීමක් කියන්නම්. එක්තරා නීතිඥයෙක් ඒ වැඩසටහන අහන්න හැමදාම හැන්දෑවට කාර් එකට නැග්ගා ගෙදර වෙන වෙන ටීවී චැනල් බලන නිසා නිදහසේ මේ වැඩසටහන රේඩියෝ එකෙන් අහන්න.
අන්න ඒ වගේ සංස්කෘතික ශ‍්‍රාවකයො ගොඩාක්ම මගේ වැඩසටහන සමග බද්ධ වෙලා හිටියා.
ඔබ තෝරාගන්න ගීත සම්බන්ධයෙන් නිදසුනක් දෙකක් දෙන්න පුළුවන්ද?
මම ප‍්‍රියකරන එක්තරා ගීතයක් තියෙනවා සුදෝ මම ආදරෙයි කියලා. සුජාතා අත්තනායක ගයන මේ ගීතය ලියල තියෙන්නෙ ගාමිණී ෆොන්සේකා. මයුරිගෙ කතාව චිත‍්‍රපටියෙයි මේ ගීතය තියෙන්නෙ. මේක හුඟාක් රසවත් ගීතයක්.
එතකොට උමාරා ගායනා කරන වසන්තයට අත වනමින්. ඒක හොඳ තැනට නොවැටෙන්න පුළුවන්. නමුත් බොහොම රසවත් ගීතයක්. සංගීත් විජේසූරියගෙ වායෝ සංගීත කණ්ඩායමේ අපි කවුරුද ගීතයත් ඉතාමත්ම රහ සිංදුවක්..... ඔන්න ඔය වගේ රහ සිංදු තමයි මගේ වැඩසටහනෙන් තවත් රහට ඉදිරිපත් කරන්නෙ.
හොඳයි දැන් මට කියන්න ඔබට මේ වැඩසටහන ඉදිරිපත් කරන්න තියෙන සුදුසුකම මොකක්ද?
මම තරුණ පරපුර එක්ක ගණුදෙනු කරන්නෙ බොහෝ කාලයක ඉඳලා. උසස් පෙළ විභාගෙට සුදුසුකම් ලබන තරුණයො තරුණියෝ එන්නෙ මගේ ළඟට. මම ඔවුන්ට සිංහල උගන්නනවා. එතකොට ඔවුන්ට රසවිඳින හැටි කියල දෙන්න මට සිද්ධවෙනවා. ඒ සුදුසුකමම මට ඇති මේ වගේ වැඩසටහනක් කරන්න.
ඒත් ඉතින් අද තරුණ පරපුර මෙලෝ රහක් නැති කට්ටියක්නෙ?
තරුණ පරපුරට බනින එක අසාධාරණයි. ඒ අය අපේ රටේ දරුවො නෙමෙයි කියලයි සමහරු හිතාගෙන ඉන්නෙ. ඔය චෝදනාවම අපේ තරුණ කාලෙ අපිටත් එල්ලවුණා. එහෙම නම් අපිත් මෙලෝ රහක් නැති එවුන්.. ඒ නිසා කරන්න ඕනෙ තරුණයන්ට බනින එක නෙමේ ඒ අයට කියලා දෙන එක. ඒ අයට හොඳ ගීත හොයලා ඒ වයේ තියෙන රසේ කියල දෙන්න ඕනෙ. එතකොට ඒ අය රහ විඳගන්න පුරුදු වේවි.
අපේ තරුණ දරුවන්ට බනින අයට මම කියනවා අපේ දරුවො හොඳයි, වැඩිහිටියන්ට වැඩියෙන් හොඳයි කියලා. වැරදි කිරීමේ ප‍්‍රතිශතය බැලූවොත් වැඩිහිටියන්ගෙන් සීයට අනූවක් වැරදි කරද්දි දරුවන්ගෙන් වැරැුදි කරන්නෙ සීයට දහයක් විතරයි.
හීන ඇහිඳින යාලූවෝ ප‍්‍රචාරය වන දින වකවානු ගැන කිව්වෙ නැහැ.
දෙරණ එෆ්.එම්. නාලිකාවෙන් ඉරිදා රාත‍්‍රී 7 ට
ප‍්‍රශ්න ඇසීම අවසානය.
මේ පිළිසඳරේදී නොකියැවුණත් උපුල් ශාන්ත සන්නස්ගල ගීත රචකයෙකි. ජනප‍්‍රියතම ගීත රචකයෙකි. එයද ගීත වල රස විඳගැනීම සඳහා ලොකු පිටුවහලකි. ඉතිං ඔහු ගීත රචකයකු වීමේ කතා පුවතද ගීතයක් තරම්ම රසවත්ය. නැතිනම් හීන අහුලාගැනීම පිළිබඳ විචිත‍්‍ර වෘතාන්තයකි. ඉතින් ඒ ගැනද කියන්නැයි ද මම උපුල්ට ඇරියුම් කරමි.
‘‘මම විශ්ව විද්‍යාලෙ යනකාලෙ මගෙ බෝඩිමේ හිටිය අනිත් යාලූවො තමයි ධම්මික බණ්ඩාරයි ලලිත් ඇතාකඩයි. අපි තුන්දෙනාම කවියට කලාවට ළංවෙලා හිටියෙ.. ඔය කාලෙ මම කුමරි පත්තරේට සරසවි දියනියෝ නවකතාව ලිව්වා. ධම්මික කවි ලියනවා. අපි දෙන්නට ඕනෙ වුණා පොත් දෙකක් එළිදක්වන්න. ධම්මික අහෝ මිත‍්‍රවරුනි කියන කවි පොතත් මම සරසවි දියණියෝ නවකතාවත් එකම උත්සවයකදී එළිදැක්වුවා. ඒ උළෙල තිබුණෙ ජෝන් ද සිල්වා රඟහලේ.
කොහොම හරි ඔය කාලෙත් මම කවි ලියනවා. හැබැයි දිනපොතේ. ඒ එක කවියක්වත් මම පත්තරේකට දාලත් නැහැ. පොතක් ගහලත් නැහැ. මොකද මට හිතෙනවා මගෙ කවි හොඳ නැහැ කියලා. අනෙක් කවීන් එක්ක මට තරග කරන්න බැහැ කියලා. ඒ හින්ද මගෙ කවි දිනපොතේ පිටු අතරේ හැංගිලා තිබුණා. ධම්මිකගෙ කවි බොහෝම ලස්සනයි. ඒවා පොත්වලට ගිහින් රසික ප‍්‍රතිචාර ලැබුණා. ඔහොම ඉන්න අතරෙ ප‍්‍රියනාත් රත්නායක මගෙන් සිංදුවක් ඉල්ලනවා. උපාලි කන්නන්ගර, සමන්ත පෙරේරා, නවරත්න ගමගේ මගෙන් සිංදු ඉල්ලනවා...
ඉතින් ඔබ දෙනවා?
තම කවි ගැන පැහැදීමක් නැති ඔහු ගීතයක් ලියාදේවිද යන කුහුල නිසාම මම ඔහුට බාධා කරමි.
”ඔව්. මොකද ගීත රචකයෙක් වෙන්න ලොකු පෙරේතකමක් මගෙ ළඟ තිබුණා. අනිත් එක ගීතයක් කියන්නෙ තනි වැඩක් නෙමෙයි. තුන්දෙනෙකුගෙ වැඩක්. සවුත්තු වුණොත් ඒ සවුත්තුව තුන්දෙනා අතරෙම බෙදිලා යනවා. මගෙ වැරැුද්දක් තිබුණොත් ඒක අනිත් දෙන්න අතින් හැදෙන්න පුළුවන්. අන්න ඒ හින්දා මං ගීත ලියලා දුන්නා.
ධම්මිකයි සන්නස්ගලයි තරගෙට සිංදු ලිව්වද?
මම යළිත් ඔහුට බාධා කරමි.
ධම්මික බණ්ඩාර කියන්නෙ අති දක්ෂ ගීත රචකයෙක්. එයා එක්ක මට හැරෙන්නවත් බැහැ. ඒ හින්දා තරගයක් තිබුණෙ නෑ. ඒත් අපි දෙන්නම සිංදු ලිව්වා.
ඒ මොනවා කිව්වත් උපුල් ශාන්ත සන්නස්ගල අද වන විට අතිදක්ෂ ගීත රචකයෙකි. ඔහු ලියූ ගී ඊට සාක්ෂි දරයි. වැහිකඳුළු වැටී දඟ කරන හැටී, ඔබ හීනයක් වගේ, ආදරණීය වස්සානේ ඊට උදාහරණ කිහිපයකි.
ඔහු ලියූ වස්සාන සිහිනය අදටත් හොඳින් අලෙවි වන ආදරණීයම නවකතාවකි.
මේ හපන්කම් වලට හේතුව ඔහු හීන ඇහිඳීමයි. දෙරනින් හීන අහුලා අහසින් හීන කඩාගැනීමයි.
කෙසේ හෝ වේවා දැන් ඉතින් අපිට සමුගෙන යන්නට හෝරාවයි. උපුල් ශාන්ත කතාවට චතුර සේම ආවේගශීලීව කතා කරන්නෙකි. එහෙත් ඔහුත් මාත් අතර මේ පිළිසඳර නම් පැවැත්වුණේ බෙහෙවින්ම ශාන්තවය. හේතුව ඔහුත් මාත් දෙන්නාම ශාන්තලා වීම විය යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අදහස් දාලා තියෙන කට්ටිය මානසික ලෙඩ්ඩුද මන්දා...ලංකාවේ ටියුෂන් කියන දේ අද තියෙන තත්ත්වයට ඇද දාපු,ලංකාවේ තරුණ පරපුර විකෘති පැතිවලට යොමුකරපු අයට වඳින කට්ටියට කියන්න තියෙන්නේ "සොරි" කියලා තමයි. (නි)
මේ රටේ මිනිස්සු බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වෙන හැටි දැක්කම අපිට දුක හිතෙනවා. (ස)
සර් ඔබට දීර්ඝායු (දී)
මගේ ගුරු පියා කිසිදා වැරදිලාවත් නරකක් කරන කෙනෙක් නොවේ (නි)
අති විශිෂ්ඨයි ගුරුතුමනි. (ස)
මෙතුමාගේ පොතක් මම දවසක් මිලදී ගත්තා. බාගයක් කියවනකොට තේරුම් ගන්න බැරි උන විකාරයක් ඒක. මෙතුමා සිංහල භාෂාවේ බොහොමයක් ලස්සන වචන එහි නියම තේරුමට නොවන අපි නොදන්නා වෙනත් තේරුමක් සදහා යොදා ගෙන තියෙනවා. ඒවා කිසියම් උප සංස්කෘතියකින් එන ඒවත් නෙවෙයි. එයාම හිතල දාල තියෙන්නේ. (නදී)
උපුල් සර් කියන්නේ ඇත්තටම මනුස්සයෙක්ගේ ජීවිතය සහමුලින්ම වෙනස් කරන්න පුළුවන් ඉරක් හඳක්. උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ රටේ තාරුණ්‍යයේ සදාකාලික යෞවනයා. ඒ වගේ කෙනෙක්ට කටක් ඇරලා බනින්න පුලුවන් නම් එහෙම අයට රටේ අනාගතය හොඳ විදියකට දකින්න පුළුවන්කමක් නැති පුස්කාපු ඔළුගෙඩි තමා ඇත්තේ. මනුස්සයෙක්ගේ හොඳක් හරි නරකක් හරි කියන්න කලින් ඒ මනුස්සයව ආශ්‍රය කරන්න ඕනෑ. කොහොමත් ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ. රටේ අනාගතය වෙන ළමයින්ගේ ඇස්පාදන ඒ මනුස්සයා කරන්නේ ඔය දේශපාලුවෝ රටට කරනවාටත් වැඩිය සේවයක්. මම වුණත් අද මෙතන ඉන්නේ ඒ රත්තරන් මනුස්සයට පින් සිද්ධ වෙන්න. උපුල් සර්ට බනින අය දැක්කම කට කන්න හිතෙනවා. (නි)
එදා අද සහ බොහෝවිට හෙටත් ශ්‍රී ලාංකීය මර්කෙට් එක හොදට ඉව කරපු සාර්ථක බිස්නේස් කරුවෙක් .වස්සාන සිහිනය කොට්ට බදාගෙන කියවපු කාලේ අදටත් මතකයි. (දී)
එතුමාගෙන් ගන්න තිබෙන දේවල් බොහොමයි. මම සර්ට හදවතින්ම සුබ පතනවා. (නි)
ඇදුරුතුමනි දුර රටක සිට පිය සෙනෙහසින් ඔබට සුබ පතමි (මුදී)
මම හිතන්නේ අපේ රටේ ඉන්න ලස්සනම ඇඳුරුතුමා උපුල් ශාන්ත සන්නස්ගල කියලා. යමක් දැනෙන්න කියන්න දැනෙන්න කරන්න දැනෙන විදිහට හිතන්න පුරුදු වුනු කෙනෙක් තමයි උපුල් ශාන්ත සන්නස්ගල මහතා. මම එතුමාගෙන් සිංහල ඉගෙන නොගත්තත් සාහිත්‍ය දේශපාලනය හා සමාජය පිලිබන්දව නම් ගොඩක් ඉගෙනගෙන තියෙනවා එතුමාගේ දේශනා අහලම. අැඳුරු තුමනි ඔබට දිගාසිරි පතමි (නදී)
යුගයේ අවශ්‍යතාවය හඳුනාගත් ඇඳුරුතුමනි, ඔබට සුභ පැතුම්! (නි)
උපුල් ශාන්ත සන්නස්ගල කියන්නෙ තමන් ප්‍රකාශ කරන දේ තේරුමවත් දන්නෙ නැතුව මනෝ විකාරෙන් වගේ දොඩවන මනුස්සයෙක්. මෙහි දක්වල තියෙන ප්‍රතිචාර මම ඔක්කොම කියෙව්ව. ඒකෙ වැඩි දෙනෙකුට නම් උපුල් සර් කියන්නෙ හරියට දෙවි කෙනෙක් වගේ. මම නම් දන්නෙ නැහැ ඒ ඇයි කියල. ඒත් මට මේ ටික ලියාගෙන යනකොට වැටහෙන්න ගත්තෙ ඒ ඔක්කොම සමහරවිට ඔය කියන උපුල් සර්ගෙ පංති වලට ගිහිල්ල ඔළුව විකාර වෙච්චි කට්ටිය කියල. කාලෙකට ඉහත මේ මනුස්සට සබරගමු පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂෙන් ඉදිරිපත් වෙන්න කියල ඉල්ලීමක් තිබුණ මට මතකයි. එතකොට මනුස්සය මාධ්‍ය සාකච්ඡාවක් තියල කිව්වෙ මහ විකාර කතාවක්. “එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම මම භාරගන්නේ නැහැ, හැබැයි මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ“ . මොකක්ද බොලේ ඒ සිංහලේ තේරුම අපේ සිංහල සර්ගේ. (අ)
මම හිතන්නේ උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ නිහතමානී නිහඬ විද්වතෙක්. නමුත් ඔහුට පොදු සමාජයේ යහපතට මීට වැඩිය ලොකු බලපෑමක් කරන්න හැකියාව තිබෙනවා කියලා මට හිතෙනවා (නි)
උපුල් සර්ගේ පන්ති වලට දවසක් හරි ගිය කෙනෙක් නම්, නැත්නම් සර්ගේ නිර්මාණ රස විඳි කෙනෙක් නම්, ඔහු ලෝකයේ කොහේ හිටියත් දෙවරක් නොසිතා සර්ට හිස නමා ආචාර කරනවා (නි)
සන්නස්ගලලාට අපේ රටේ සංස්කෘතිය , සභ්‍යත්වය පිළිබඳ පොදු මතයෙන් වෙනස් වූ මතයක් තිබේ යනු මාගේ හැඟීමයි. නමුත් එය ඔහුට ආවේ කෙසේදැයි නිශ්චිතවම කිව නොහැක. ඔහුගේ සීයා වූ පුංචි බණ්ඩාර සන්නස්ගල මේ රටට ආදරය කළ ආදරණීය වියතෙක් බව නම් කිව යුතුමය (නි)
ඔබ වටිනා යමක් කරනවා. අපි එ්කට ප්‍රතිචාර දානවා. අපි ඔබට සුභ පතනවා (නදී)
මොහු අවබෝධයෙන් යමක් කළ හැකි පුද්ගලයෙකි (නි)
දවසින් දවස අලුත් වෙන අලුත් මිනිසෙක් රැල්ලට ගසාගෙන යන මිනිසුන් අතරේ රැල්ලට අබියෝගයක් කල අපේම ආදරණීය ඇදුරුතුමනි ඔබගෙන් අප සමුගත්තත් ඔබ එදා මෙන් අදටත් අප වඩාත්ම ආදරය කරන ගරු කරන අපේම ඇදුරුතුමන් වන්නේමය ඔබට සදා ජය. (අපේ සිංහල පන්තියේ අපි..) (දී)
අපි නම් කෙළින්ම කියනවා අපි ඔහුට අකමැතියි කියලා (නි)
මා විදේශ රටක පදිංචි නිසා මේ වැඩසටහන ගැන දැන ගත්ත මොහොතේ සිටම එය ගැන සොයා බැලුවත් එ් හා සම්බන්ධ වීමට නොහැකි විය.අප රටවල පවතින කාල පරතරය හා අනෙකුත් කටයුතු නිසා දෙරණ සමග සජීවීව සම්බන්ධ නොහැකි බැවින් පටිගත කරන වැඩසටහන ඇසිය හැකි අාකාරය අප වෙත දන්වන ලෙස ඉල්ලමි.(නදී)
අවුරුදු තිස් ගණනක කුරිරු යුද්ධයේදී වෛරය, ද්වේශය වැපුරුන සමාජයේ පීඩාවට පත් ලාංකික තාරුණ්‍යයට ආදරය ළඟා කරදීමට මහා මෙහෙවරක් කළ කෙනෙකි ඔබ. ඔබ ශ්‍රේෂ්ඨ යැයි මම කියන්නේ, සමහරු ඇඳි වත වසුරු තවරාගෙන කඩේ යද්දී ඔබ එදෙස නොසැලී බලා සිටින නිසාය. (නි)
කවදාවත් ඔබ ලංකාවේ දේශපාලනට එන්න නම් හදන්න එපා. ඔබට ජය !!!!! (ස)
කියන්න දෙයක් නෑ. 2003 උසස් පෙළ සමත් වුණාම තමයි සර්ගේ වැඩ දැණුනේ. (ස)
උපුල් සර්, ඔබ නම් මනරම් මිනිසෙකි. ඔබ පන්ති කරද්දීත් ඔය වාගෙමයි. මේ රට වෙනස් කරන්න ඔබට පුළුවන්. ඔබට ජය! (නි)
සන්නස්ගල හරිම සංවේදී මිනිසෙක්.සති අන්ත පුවත්පතක පලවන ඔහුගේ “අම්මා“ නමින් වන මතක පෙළ කියවන්නෙක් වශයෙන් ඔහුගේ සංවේදී බවත් ,නිර්ව්‍යාජබවත්, තමාට තමාම අවංකවීමත් වැනි මහත්මා ගතිගුණ පිරුණ මෙම මිනිසා මට නම් ඉහල වටිනාකමක් තියෙන පුද්ගලයෙක්. ජයවේවා. (දී)
සර්, ඔබ සෙවුවෙ වෙනසක්. අනිවාර්යයෙන් මා වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඔබට ජය! (නි)
මගේ ගුරු පියාණන්ට සුභ පැතුම් (දී)
මම සන්නස්ගලයන් සහභාගී වුණ තරු වැඩසටහනක කොටසක් බැලුවා අන්තර්ජාලය තිබිලා. ඇත්තටම 80 දශකයේ මුල් භාගේ හිටපු විචාරකයන් පද පෙල අරුත හරි හැටි අවබෝධ කර නොගෙන ගායකයාගේ ගායන රිද්මය නිසා පීචන් ගීත කලාව ලෙස හුවා දක්වමින් කරන ලද අසාධාරණ පහර දීම හෙලා දකිමින් නිහාල් නෙල්සන් මහත්මයා ගායනා කරන ලද හේමසිරි හල්පිට මහතා රචනා කරන ලද ගීතයක් වන ගුනේ අයියගේ කාමරේ ගීතය පිලිබඳ විවරණයක් කරා ඇත්තටම හරිම රසවත්. (ස)
සර්ගේ ඔය නිර්මාණශීලී හැකියාව තව තවත් වැඩි දියුණු වේවා කියා දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා...!“(දිල්)
පෞද්ගලික ගුවන් විදුලියක ප්‍රචාරය වුණ ආදරෙත් එක්ක තුන් පැයක් අති විශිෂ්ට වැඩ සටහනක්. (ස)
තොරොම්බල් කරත්තේ ලස්සන වෙන්න වෙන්න තමා බිස්නස් වැඩි. හැබැයි තියෙන්නේ ඉමිටේෂන්. සිගරට් කාරයොත් එක්ක තනි තටුවෙන් පියාඹපු කට්ටියත් ඉන්නවා. (ස)
සැබෑ සිංහලකමට ඔබට ස්තුති කරමි (අ)
සර් වැඩක් කරොත් ගොඩම තමා. සර්ට ජයම වේවා! (නදී)
අපේ සර්ට ජයවේවා (දී)
මම දකින සන්නස්ගල, වටිනා මිනිහෙක්.දෙයක් කළ හැකි මිනිහෙක්. ජීවිතයේ මුල මැද අග හඳුනාගත් මිනිසෙක්.ඔබටත් අන් සැමදෙනාට වගේම දේශපාලනික මතයක් තිබේ.නමුත් ඔබ එය ඔබ තුළ තබාගෙන කළයුතු වටිනා වැදගත් සියල්ල කළයුතුයි. මොකද සමාජය අද බෙදිලා. ඒ ජාති ආගම් වශයෙන් නොව දේශපාලනික වශයෙනි.ඔබ දුක්විඳි තරම් ඔබ දන්නවා.මේ ඔබගේ සියලු වටිනාකම් කරලියට පැමිණිය යුතු කාලයක්.එයට දේශපාලන මතය බාධාවක් වීමට ඉඩ නොතබා කටයුතු කරන්න.පැමිණෙන බාධා සියල්ල ජයගනිමු,නැත්නම් මඟහරිමු. ඔබට ජය! (නි)
ලස්සන සම්ප්‍රප්පලාප ටික (දී)
කිසිම වැඩකට නැති අයට ඡන්දය දී පාර්ලිමේන්තු යවන ගනයේ මිනිස්සුන්ට උපුල් ශාන්ත සන්නස්ගල ලා කියන දේ සම්ප්‍රප්ලාප වාගේ දකීම පුදුමයක් නොවේ, මෙම ලිපියට අනුව මෙහි කිසිම වරදක් නොපෙනේ, ලිපියේ සදහන් දේ විය යුත්තකක් බව බුද්දිමත් කාටත් වටහා ගත හෑක (අ)
මට හැඟෙන සිතෙන විදියට නම් මෙතුමාගේ අදහස් ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් එක පයින්ම සිරස නමා පිළිගන්නවා. එහෙත් ඒ කියන දේවල් ක්‍රියාත්මක කරන්නට නොහැකි වී තිබෙන්නේ කාගේ බලපෑම් නිසාද? ඒවට අපි මොනවද ගන්න ක්‍රියාමාර්ග? කවුද ගන්නේ ක්‍රියාමාර්ග? ඔබතුමාට, පුළුවන් තරමක් අපේ සමාජයේ යහපත වෙනුවෙන් වැඩ කරන්නට ශක්තිය, වාසනාව ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරන්නම්! බුදු සරණේ පිහිට ලැබේවා! (නි) .
මම සැමදා ගරු කළ පුද්ගලයෙක්... (නි)
ඩෑන්ගේ කතාව 100%ක් හරි (නි)
දේශපාලනය අලුයම ලූ කෙළ පිඩක් සේ සැලකූ ඔබ රට, දැය, සමයට හිස නමන උතුම් මිනිසෙකි. රටේ දරුවන්ට ඇස පාදා දුන් පියෙකි. ශ්‍රේෂ්ට හෙළ පඬිවරයෙකි. (ස)
දැන් රටට ඕනේ මේ වගේ නිර්මාණශීලි වැඩ. නැත්නම් තරුණ පරපුර ඉබා ගාතේ යනවා.(නධී)
මගේ ගුරු පියාණන්ට සුභපැතුම්(දිල්)
අදුරු තුමනි ඔබව අගයමි මම. ඔබට ජය. (දී)
සර්, ඔබයි මගේ ශබ්දකෝෂය (නි)
මෙයාගේ කතා එහුවොත් අපිත් පිස්සෝ! (අ)
මම අසීමිත ලෙස ආදරය කරන පුද්ගලයෙක් (දී)
ඇයි මෙහෙම වෙන්නෙ. ඇයි ටියුෂන් එකේ ඉගැන්නුව පලියට ගුරුවරයෙක් දෙවියෙක් වෙන්නෙ? මේක අපේ රටේ ආකල්පමය අවුලක්. මෙතන අදහස් දාපු අය එකම කණ්ඩායමක් හෝ එකම පුද්ගලයා විය යුතුයි, බොහෝ වෙලාවට. ඒ කවර ආකාරයෙන් ගත්තත් ටියුෂන් වලින් හම්බ කරන ගොඩක් මාස්ටර්ලා තමුන්ගේ ජනප්‍රියත්වයෙන්ම තමුන්ම හැදෙනවා මිසක එතනින් එහාට හිතන්නෙ නැහැ. ඒ අතින් බැලුවොත් සන්නස්ගල විවිධ දේට විවිධ වෙලාවට තමුන්ගේ දායකත්වය දෙන ජිවත්වෙන මිනිහෙක්. (ස)
ඔබ අපිට සමාජයේ ජිවත් වෙන්න පාර කියලා දුන්න (දී)
මගේ ගුරු පියාණන්ට සුභපැතුම් (දී)
මගේ මතකයට පිවිසෙන කරුණු කාරණා බොහෝය. එම කරුණු කාරණා ගොන්නේ පළමුවැන්න......වැලන්ටයින් දිනය ජාතික උත්සවයක් කිරීමට තරුණ නොදරුවන් පෙළඹවීමට ගත් උත්සාහය, අනික එහි අංගයක් ලෙස ඉදිරිපත් කළ ජුගුප්සාජනක 'ආදර පිකට්' එකය. (නි)
කිසිදින නොදුටු...දුටු අයටත් වඩා ඔබ දකිනා, මා සිතේ වීරයන් අතර ඔබත් එක් වීරයෙකි, ගුරු පියාණනී..(හේ)
ප්රතිචාර බැලුවම හොඳ ජනප්‍රියත්වයක් තියෙන බව පේනවා. මාත් උසස් සිංහල ඉගන ගත්තා සන්නස්ගලගෙන්. දැන් මන් ගුරුවරයෙක්. ඒ ආභාසයෙන් තමයි උගන්වන්නේ. ඇත්තටම සිංහල කියල දෙයක් රසවින්දනයක් ඇති මනුස්සයෙක්. ජය වේවා ! (නදී)
අපේ සිංහල පන්තියෙදි අප හිතුවෙ සර් පරමාදර්ශී චරිතයක් කියල. ඒත් පස්සෙනේ තේරුනේ මිනිසුන්ගේ සමාජ අවශ්‍යතා ධූරාවලියේ ඉහලට යන්න යන්න මොනවද තියෙන්නෙ කියල.(ස)
ජිවිතේ විදින්ට කියල දුන්න අපේ සර්ට අපි හැමදාම ආදරය කරනවා. ඔබට සුබ පැතුම් සර් (දී)
බෞද්ධ දර්ශනයේ සඳහන් වන්නේ තම බුද්ධිය තුළින් ගුරුවරයාගෙන් ලබා ගත යුතු දැනුම හා ආලෝකය ලබාගනු මිස සීමා , පවුරු ඉක්මවා වන්දනා කළ යුතු බව නොවේ. (නි)
ඔබතුමාගේ දෙමවුපියන් ගැනත් විස්තර කියන්නකෝ (නි)
සිංහල භාෂාවම එපා වෙලා හිටපු මං වගේ අයට සිංහල භාෂාව අාසම විෂය සහ දක්ෂතාවය වැඩියෙන්ම පෙන්වු විෂයක් කරන්නට කියා දුන්නු අපේ සිංහල පන්තියේ අපේ සර් ගේ වැඩක් ලග අපි කවදත් එකට ඉන්නවා. සර්ට සදා ජය. බුදුසරණයි.(දිල්)
අපේ ගුරු අප්පච්චි. ඔබට සදා ජය...(නදී)
අධයාපනික වශයෙන් හොඳ සේවාවක් ඉටුකළ ගුරුතුමෙක්. එ්ත් ඉරිදට පන්ති නවත්වනවා කියල දහම් පාසැල් වස්සවනවා කියපු දවසේ නම් මට ආපු තරහ කියල වැඩක් නෑ. අද දහම් අධයාපනයක් නැතිකම නිසයි ලංකාවට මේ තත්වේ උදාවෙලා තියෙන්නේ. කුඩු කාරයෝ, මංකොල්ල කාරයෝ, වංචාකාරයෝ, මිනීමරුවෝ රටපුරාම ඉන්නේ. එහෙම එකේ ධර්මයත් එක්කම තමන්ගේ සමාජ මෙහෙවර ඉදිරියට ගෙන යනවා නම් තමයි තමන්ගේ මෙහෙවර තවත් අගේ වෙන්නේ. (නදී)
මම මෙයාගේ පොත් කියවල තියනවා. හැම එකකම කරවලයි බඩු මිළයි, පොල් සම්බෝලයි කිරි කොසුයි ගැන තමයි වැඩිපුරම තමයි තියෙන්නේ කිසිම හරයක් නෑ.. මඩොල් දුව, කලියුගය, යුගාන්තය, ගම්පෙරලිය, වාරිස් ඩයරි, ඇතුලු තවත් ගොඩක් පොත් මම කියවල තියනවා ඒ එක පොතක් එක්කවත් මේ මහත්තයාගේ පොතක් හා සසදන්න බෑ.... පාසල් අවදියේ ඉන්න අපේ ළමයි මේ පොත් කියවල බොළඳ ආදර උම්මත්තකයෝ බවට පත්වෙනවා. මහා විකාර පොත් කිසිම හරයක් පලයක් ඇතිව ලියපුවා නෙවේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් සම්ප්‍රප්පලාප තමයි ඒවා. (නදී)
මම ඔබට ඔබගේ අදහස් වලට සැමදා ගරු කරමි. (ස)
මහජනයාගේ කර මතින් ජනප්‍රියත්වයේ ඉහලට ගිය සමහර නළුවන් තම රසිකයන්ටද කොකා පෙන්නා කඩේ යනවා දකින අපට ඔබ කෙතරම් උසස් මිනිසෙක්දැයි කියා සිතෙනවා. (ස)
හෙට අද දුටු එකම ගුරුවරයා ඔබයි ගුරුතුමෙනි. මගේ උණුසුම් සුබපැතුම්! (නදී)
මෙයා තමයි වැලන්ටයින් එහෙම ගොඩදාන්න පටන් ගත්තේ පාක් එකේ. යන්තම් කිරිබත්ගොඩ හාමුදුරුවෝ භාවනා වැඩ සටහන පටන් ගත්තේ දෙයියෝ බලලා. මාර ම සර් කෙනෙක්. ජීවිත කතාව කියෙව්වනම් තේරුම් ගන්න පුළුන් තත්ත්වේ කොහොමද කියලා. (ස)
සර් ඔබව දැකීමත් සතුටක් (දී)
මම නම් පෞද්ගලිකව ඔහුට අකමැතිය (නි)
හොඳට දන්නවා අනුන්ගේ හීන හොරකම් කරන්න.(නදී)
මට තාම මතකයි සන්නස්ගල සර්. අපිට සිංහල සිංහලෙන් ඉගැන්නුවා. කේන්ති ගියාම තමයි හොඳ දේවල් කියාදෙන්නේ,අර කැටේ හොලවනකොට ලොකු කාසි වැටෙනවා වගේ . සින්දුවක් අහන්නත් පොතක් (කියවන්නත් ) කියාදුන්නේ ගලා තමයි. අපි හරි ආදරෙයි. අමුතුවෙන් හිතන්න බොක්කට වදින්න ලියන්න මිනුස්සුන්ගේ හංගා ගෙන ඉන්න සුදු කළු සහ කහ රිදෙන්න එලියට අදින්න ඕන මෙවලම් ටික අපේ හිතට දැනෙන්න පාර කියපු නිසා .මට දැන් අවුරුදු 40 ක් . මම මැදිවියේ හැබැයි සන්නස්ගල තාම කොල්ල, ආඩම්බරයි , (ස)
සර් ඔබට දීර්ඝායු ! (ස)
උතුම් මනුස්සයෙක්...(නදී)
අප රටට අනාගතයේදී කිසියම් වැඩක් කළ හැකි පිදිය යුතු අයෙකි, ඔබ. (ස)
අපේ උපුල් සර්ට මම හදවතින්ම සුබ පතනවා.ජය වේවා !!! (ස)
වර්තමානයේ බිහි උණු ගුරු දෙවයෙක් (දී)
අද මම හන්තාන පාමුල මහවැලි ගඟත් එක්ක ජීවත් වෙන්නේ. අපේ සර් කොතනද අපි එතන. අලුත් පරම්පරාවට අලුත් වැඩක් සුභ පැතුම් සර්! (ස)
මාමා.(නදී)
අනුකරණයට සීමා මායිම් වැටකඩොලු අවශ්‍ය නැත. අන්ධානුකරණයට සීමා මායිම් වැටකඩොලු නොතිබුනොත්. (ස)
සන්නස්ගලගේ "අම්මා "ලිපිය කියවන්න . ඔහු යුගයේ පුරුෂයෙක් (දී)
මොහු දුර්ලභ මනුස්සයෙකි (නි)