දකුණු පළාත් ධීවර ඇමැතිකමින් ඩී වී උපුල් ඉවත් කර එච් ඩබ්ලිව් ගුණසේන පත් කිරීමට එරෙහිව සන්ධානයේ පළාත් මන්ත්‍රීන් පිරිසක් පළාත් සභා රැස්වීමේදී විරෝධය පළ කිරීමට සිදුවීමත් සමග රැස්වීම අගෝස්තු අට වැනිදා තෙක් කල් තැබීමට සභාපතිවරයාට සිදු විය.
පළාත් ධීවර ඇමැති ලෙස ගුණසේන මහතා පත් කර ඇතැයි පළාත් සභාවේ සභාපති කේ ඒ සෝමවංශ මහතා සභාවට දැනුම් දුන්නේය. ඉන් පසු උපුල් මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අතර පසුව ඔහු සහ තවත් මන්ත්‍රීවරු පිරිසක් පළාත් සභාපති අසලට ගොස් විරෝධය පළ කළහ. සිංහ ගාමිණී මන්ත්‍රීවරයා සිය විරෝධය කවියෙන් ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය යවන කට්ටියට තමා මඩු වලිගෙන් ගහන්න ඕනෑ (නි)
ලංකාවේ සේවා ස්ථානයක කිසියම් පුද්ගලයෙකුට විරුද්දව පවතින නීති රෙගුලාසි අනුව කටයුතු කිරීමේදී ඊට විරුද්ධව හර්තාල් , පෙළපාලි , උද්ඝෝෂණ කිරීම රටේ ප්‍රධාන අංගයක් බවට පත් කරගෙන ... මේවා මේ ලෙස නොකරන්න අණ පනත් සම්මත කල යුතුයි .. කෙනෙකුට අසාධාරණයක් වුණොත් හෝ වුණා කියා සිතුනොත් ඔහුට හෝ ඇයට නීතිමය පියවර ගැනීමට දෙනවා හැර මේවිදියට සෙල්ලම් කිරීමට ඉඩ නොදිය යුතුයි... ශිෂ්ට සම්පන්න රටවල නම් අපි දකිනවා මෙවැනි ප්‍රශ්න විසදෙන ආකාරය ...(අ)
පලාත්සභාව සුදු අලියෙක්. (අ)
මෝඩ මිනිසුන් මෝඩ ඡන්දයෙන් පත්කර යවන මෝඩ මිනිසුන් තව දුරටත් මිනිසුන් මෝඩයින්ට ඇන්දවීමට විකාර රංගන දක්වන විට මොවුන්ව තියා ගන්නා අය මෝඩයින්දැයි මෝඩ අපට සිතේ. (බ)