ඇප කොන්දේසි කඩ කළැයි බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාරට නඩු පවරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනාධිපති කොමිසමට ගිය දිනයක එහි නිලධරයන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප ලබා සිටි කොඩිකාරගේ එක් කොන්දේසියක් වූයේ හැම ඉරිදාවකම කුරුඳුවත්ත පොලිසියේ පෙනී සිටිය යුතු බවයි.
එහෙත් ඉරිදා දින දෙකකදී ඔහු පොලිසියේ පෙනී නොසිටි බව කුරුඳුවත්ත පොලිසිය අද (23) උසාවියට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd