බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් එම පළාත් සභාවේදී කළැයි කියන ප්‍රකාශයක් හේතුවෙන් බස්නාහිර පළාත් සභා රැස්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධතාවයක් එල්ල වූ අතර එම විරෝධතා සහ සභාපති සුනිල් විෙජ්රත්න මහතාගේ නියෝගය පරිදි පසුව සිය ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට උපාලි කොඩිකාර මහතාට සිදුවිය.

මුලදී මන්ත්‍රීවරයා සිය ප්‍රකාශය ඉල්ලා අස්කරගැනීම ප්‍රතික්ෂේප කළ අතර පසුව මන්ත්‍රීවරුන් සභාගැබ මධ්‍යයට පැමිණ ද විරෝධතා කිරීම හේතුවෙන් මන්ත්‍රීවරයා තමන් ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බව ප්‍රකාශ කළේය.