බරපතල අපරාධ දූෂණ පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමේ දී කලහකාරී ලෙස හැසිරුණු බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගිය සිකුරාදා ජනපති කොමිසමට කැඳවූ අවස්ථාවේ රාජපක්ෂ මහතා සමග එහි ගිය උපාලි කොඩිකාර රාජකාරියට බාධාවන අයුරින් හැසිරුණු බවට චෝදනා ලැබ අධිකරණය ඉදිරිපත් කෙරුණි.
මීට පෙර අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධයකට එක්වීම සම්බන්ධයෙන්ද මහේස්ත්‍රාත් ඔහුට අවවාද කළේය.
(ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ)
(සිකුරාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල දී )
(රිමාන්ඩ් කළ පසු බන්ධනාගාරයට රැගෙන යමින්)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මගේ කතාව ඇත්ත දැන් ඉන්නේ අම්බලමේ පිනාල.(අ)
ගොන් චන්ඩි පාට් දාල,වීරයො වගේනෙ, ෙමයාල හිරේ යද්දී යන්නෙ . (අ)
පොලීසියෙන් හොඳ පුර්වාදර්ශයක් දීලා තියෙනවා. රටේ නීතිය අතට ගන්න හදන හුඟක් දේශපාලකයන්ට අනතුරු ඇඟවීමක් (නි)
ධර්ම ජයවික්‍රමගේ කතාව ඇත්ත. (ර)
විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම කියන්නෙ අධිකරණයක් නෙවෙයි ඵ්කවත් තේරුම් ගන්න බැරි යහපාලන මහත්වරු තමයි ඉහලින් අදහස් පළ කරල තියෙන්නේ...වැරදි කෙරුවොත් දඬුවම් කල යුතුයි..ඕනෑම කෙනෙකුට සහභාගි වීමට හැකියාව තිබෙනවා...පොලිසියට අැතුල් වීමට විරුද්ද වන්න අයිතියක් නැහැ...(අ)
පව් අප්පා (අ)
මෙයාල දන්නවා මොන පිස්සුව නැටුවත් ටික කලක් රිමාන්ඩ් වෙලා නිදහස්වෙන බව. ඒ වගේම ලැබෙන ප්‍රසිද්ධියෙන් ඊටපස්සේ ඡන්දෙදි මනාප ගොඩ වැඩිකරගෙන පාර්ලිමේන්තුවට පනින දක්ෂයොත් ඉන්නවා. කරුණාකර මාස 6ක්වත් බරපතල වැඩ ඇතුව හිරේ යවන්න පුලුවන් නම් හොඳයි (නි)
හිටපු ජනාධිපතිතුමාගේ ලයේ තිබුණු ජවය සමහරුන්ට තාමත් තිබෙන බව කොඩිකාර මහතාගේ හැසිරීමෙන් පෙනේ. (ත)
අධිකරණය ගරු කටයුතු තැනක්. "අම්බලමේ වලන් බින්ද" කාලය අවසන් .(රේ)
මෙයාගේ හැසිරීම ටීවී එකෙන් මුළු ලංකාවම දැක්කා කනගාටු දායක හැසිරීමක්. (ර)