යහපාලන ආණ්ඩුව කාලයේ දුම්රිය දෙපාර්තුමේන්තුවට සේවකයන් 1500 ක් 1700 ක් ප්‍රමාණයක් බඳවාගෙන ඇති බවත් තමාගේ  කාලයේ එක් අයෙකුටවත් රස්සා නොදුන් බවත් එම නිසා මේ සේවකයන්ගෙන් උපරිම දායකත්වය ලබාගන්නා ආකාරයට පරිපාලනය සකස් කර ගත යුතු බව  ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල මහතා අද (08) මහනුවරදි පැවැසිය.

මහනුවර පේරාදෙණිය අතර දුම්රිය බස් සේවාවක් ඇරඹීම හා මහනුවර දුම්රිය ස්ථානයේ වැඩ කටයුතු පරික්ෂා කර බැලිම සදහා අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

මගීන්  මුදල් නොදි දුම්රියේ ගමන් කරන බවත් ඒ සදහා   ක්‍රියාත්මක කිරිමට යන දඩ මුදල රුපියල් 5000 සිට 20000 දක්වා වැඩි කිරිමට පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

L-1 L-6 L-8