දැවැන්ත සංවර්ධනයක් සමග එකම වැඩ බිමක් බවට පත්ව ඇති රට අවුල් නොකිරීම කාගේත් වගකීම විය යුතු යැයි මහින්ද රාජපක්ෂ ජනපති බියගමදී ප්‍රකාශ කළේය.
‘කිසිවකුත් උපන් රටට ද්‍රෝහි නොවිය යුතුයි. වෛර නොකළ යුතුයි. විපක්ෂයේ යුතුකම වන්නේ ද අනාගත පරපුර වෙනුවෙන් රට නැංවීමට දායක වීමයි.‘
බියගම පට්ටිවිල ජල පවිත්‍රාගාරය දිනකට ලීටර දහඅටකෝටියක් අලුතින් එක් කැරෙයි. එයින් ලක්ෂ දහයකට පමණ පිරිසිදු පානීය ජලය සැපයේ.
වැය කළ මුදල රුපියල් කෝටි 1015කි. කැලණි ගඟ ජල මූලාශ්‍රයයි. බියගම, කඩවත, කැලණිය, වත්තල, රාගම, සීදූව හා ගනේමුල්ල ජනතාවට පිරිසිදු ජලය ඉන් සැපයේ.
බියගම පවිත්‍රාගාරයට අන්තර්ජාතික ප්‍රමිති ආයතනයේ (අයි.එස්.ඕ) සහතිකය ද හිමිවේ.
ජල පවිත්‍රාගාරයකට මෙවැනි සහතිකයක් හිමි වූ මුල්ම අවස්ථාව මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ව්‍යාපෘතිය නම් ජනතාවට සෙතක් වන ව්‍යාපෘතියක් (නි)
සුප්‍රකට ඇමරිකාවේ තිස් පස්වන ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතා වරක් ජනතාව අමතා කියා සිටියේද තම මව්බිමෙන් අපට වුන සේවය ගැන නොඅසා අපෙන් මව්බිමට වියයුතු සේවය ගැන අසන්න යනුවෙනි (නි)
මේ උපන් රටට විරුද්ධව ඉන්න මිනිසුන් ගැන තීරණයක් ගන්න මහත්තයෝ. ඒ පිනම ඇති ඔබතුමාට (නි)
සුනෙත්, බියගම තියෙන්නේ විපක්ෂය කරපුවා මිසක් මේ ගොල්ල කරපුවා නොවෙයි, හරිද? කඩුවෙල පාලම, නව නුවර පාර, බියගම, කටුනායක වෙළඳ කලාප,කෘෂි මධ්‍යස්ථාන ,තෙල් පිරිපහදුව,කිරිබත්ගොඩ-බියගම සමුර්ධි මාවත. සපුගස්කන්ද විශාකා බාලිකාව, වගේ විශාල වැඩ. මේ ගොල්ල බියගමට කරපු ලොකුම වැඩේ තමයි ඔය.(නදී)
ද්‍රෝහියෝ හදන්න බැහැ. එයාලා හැදෙන්නෙත් නැහැ මොනවා කිවුවත් (නි)
අපි නොවෙයි ද්‍රෝහිවෙලා තිබෙන්නේ වැරදි කරන පළාත් සභා මන්ත්‍රීවරුන්ට නැවත නාමයෝජනා දෙන්න එපා. (නදී)
ගොඩක් අය හිතාගන ඉන්නේ මොන වැරදි වැඩේ කලත් ඒ පැත්තට ප්‍රසස්ති ගායනා කලාම ඒක තමයි දේශ මාමකත්වය කියලා. එහෙම නැති අය දේශද්‍රෝහියෝ. මේ වගේ දේවල් තිබුනේ ලිබියාවේ, ඉරාකයේ, ඊජිප්ත්තුවේ.(නදී)
කිසිවකුත් උපන් රටට ද්‍රෝහි වුනේ නැහැ. රටට වෛර කරපු අය, අමු අමුවේ 650 කටත් වැඩි පොලිසියේ නිලධාරින් ඝාතනය කල කරුණා අම්මාන් වගේ අය නේද රටට ද්‍රෝභි කම් කළේ? (නදී)
විපක්ෂය රජය විවේචනය කිරීම ද්‍රෝහී කමක් වෙන්නේ කොහොමද? (නදී)
මේ රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක වියයුතුයි. මිනිසුන්ගේ මානසික සංවර්ධනය වර්ධනය වියයුතුයි. දැන් හැම ගෙදරකම තුවක්කුවක් තියානොගෙන ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් රටේ තියෙන්නේ. අපි ඔබතුමාට ගොඩක් ගරු කරනවා. ඒත් මේ යන විදියට අපිට රට ගැන දුකයි (නි)
ආණ්ඩුවට උදව් කරනවා නම් එයා දේශප්‍රේමියෙක්ද? ආණ්ඩුවට විරුද්ද මත දැක්වීම වැරදි පෙන්නලා විවේචනය කරන්නේනම් ඔහු ද්‍රෝහියාද? රටට ද්‍රෝහිවෙලා දහස් ගණන් මිනිස්සු අමු අමුවේ මරපු ද්‍රෝහියන් ඔය ඕනා තරම් යහතින් ඉනනවා නේද?(නදී)
මේවට තමා කියන්නේ දිට දම්ම වේදනීය කර්ම කියලා. පක්ෂ, විපක්ෂ ඉහළ සිට පහළට මෙය කැපද අකැපද වටිනා කියමනක්. නමුත් අපගේ කරුමය රටේ වෙන දේවල් දැක්කම ඔබ තුමා ඇයි ඒවට ඉඩදෙන්නේ කියලා හිතෙනවා.(නදී)
දන්නේ නැති නිසයි අහන්නේ මුළු ලංකාවේම වටිනා දේපල ටික ගත්තට කමක් නැද්ද? (අ)
කසුන් මම මේ කියන්නේ ලංකාවේ කොළඹ හෝටල් ටික ගත්ත ඒවා, පන්සල් වල නිදන් ගත්ත ඒවා, සුනාමි ආදාර හොරෙන් ගත්ත ඒවා. තව ඕනද?(නදී)
උපන් රටට ද්‍රෝහී වූ අය ඔඩොක්කුවල දාගෙන හුරතල් කොරන්නේ කවුද ආයුබොවන්ඩ..? (අ)
ද්‍රෝහි කම් කරන්නේ වෙන කවුද කියලා මුළු රටම දන්නවා (අ)
මේ අයියලා මල්ලිලා මොන තරම් හොඳද (අ)
මේ කතාව කියන්න තියෙන්නේ යාපනයට ගිහින් (අ)
ළඟ ඉන්න අයට මුලින්ම කියල දුන්නනම් හොදයි නේද (අ)
අපිත් කැමතියි එහෙම වෙනවා නම් (නි)
අවුරුදු 30 ක කුරිරු යුද්ධයක් ඉවර කළ ඔබතුමාට පළමුව ස්තුතිවන්ත විය යුතුයි.ඒත් වැරදි කරන පළාත් සභා මන්ත්‍රීවරුන්ට නැවත නාමයෝජනා දෙන්න එපා. අපි ඒකට කැමති නැහැ (නි)
මේක රට ඇතුලේ ඉන්න අයට ආගේම රටින් පිට ඉන්න යටත් වටිනා ඔවදනක්. (අ)
අපි උපන් රටට ද්‍රෝහී වුනානම් ඔබතුමාල ඔතන ඉන්නේ නෑ.කරුණාකරලා රටේ නීතියට,ජනතා පරමාධිපත්‍යයට,නිදහස් අදහස් වලට ද්‍රෝහී වෙන්න එපා.මොනවා වුනත් අපි තාමත් ඔබට සළකනවා.ඒක තේරුම්ගන්න.(අ)
රූපා, දෑස් හැර බලන්න (නි)
අපිටත් කියන්න තියෙන්න ඕක තමයි. අපිත් ඒකට තමයි කැමති (නි)
මිනිසුනේ, ඔලුවෙන් හිතන්න (නි)
වීර, අපි උපන් රටට ද්‍රෝහි වෙලත් නැහැ වෙන්නෙත් නැහැ. වෛර කළෙත් නැහැ. කරන්නෙත් නැහැ. නිකන් වලිගෙ පාගාගෙන කෑ ගහන්න එපා. ඉතා සුළු පිරිසක් ඇති ජාතිවාදී අන්තවාදී. ඔවුන්ගේ ගණයට බහුතර මුස්ලිම් සමාජය ගාවගන්න එපා. ජාතිවාදී අදහස් වැපිරිමන් වලකින්න. (නි)
මුළු රටේම ජනතාව එකාවන්ව එකම තීරණ ගත්ත වෙලාවල් අතීතයේ ඕනෑතරම් තියෙනවා. 1970, 1977, උදාහරණ .එක දැනගෙන වැඩ කරන එක කාගේ කාගේත් ඇඟට ගුණය.රට පුරාම ඉන්නේ මෝඩයෝ කියලා හිතාගෙන ඉන්න අපේ දේසපාලකයෝ එක තේරුනොත් හොඳය. (අ)
අපේ රටේ විපක්ෂය කියන්නේ ආණ්ඩුවේ විතරක් නෙවෙයි රටෙත් විපක්ෂය වගේ. මෙහෙම කරලා හරියන්නෙ නැහැ තමයි (නි)
උදය, පක්ෂ බදාගෙන ඉන්න එපා. එතකොට අර කිසි දෙයක් මතක නැති එක්කෙනා .එතකොට අර කැලණියේ ඉන්න අය .ඒගොල්ලෝ නෙවෙයි ද ද්‍රෝහියෝ?.(අ)
ලංකාවේ සමහර දේශපාලකයින්ගේ සහ ගෝලයින්ගේ ගසා කෑම්, වද හිංසා, දුෂන, ඥාති සංග්‍රහ නවත්වා වැරදි කරුවන්ට නියමිත දඬුවම් දෙන්ඩ. එතකොට මිනිස්සු ආණ්ඩුව විවේචනය නොකර ඉඳීවි. එහෙම නැතුව මිනිස්සු තමන් උපන් රටට ද්‍රෝහී වී නොමැත.(නදී)
බොරුවට ජනාදිපතිතුමාට අපහාස කරන්න එපා. මේගොල්ලෝ කෑගහන්නේ අවුරුදු 10 කින් කාලා නැහැ වගේනේ. බඩු මිල වැඩි නම් වැඩිපුර මහන්සි වෙලා වැඩ කරන්න. අර පරිස්සමෙන් ජීවත් වුනොත් ජීවත් වෙන්න බැරි කමක් නැහැ. (නි)
මේ සම්බන්ධව විරුද්දව කතා කරන අයත් උපන් රටට ද්‍රෝහියෝ .හොද පැත්ත කවුරුත් දකින්නේ නැහැ. (නි)
මගේ අම්මෝ මෙහෙ කතාවක් අහුවෙමි (අ)
හොද වැඩක් හොද වැඩකට දකින්න අපේ රටේ මිනිස්සු තාම දන්නේ නැහැ. තමන්ට වැදගත් නැත්නම් හැම වැඩේම හොද නැහැ. පළමුව අපේ රටේ මිනිස්සුන්ට ධනාත්මකව හිතන්න පුරුදු කරන්න ඕන. ඊට පස්සෙයි රට සංවර්ධනය කරන්න ඕන. (ස)
අපේ රටේ විපක්ෂය කරනේ කට කතා හදන එක පමණි ..එයාලට තමන්ගේ කලේ කරපුදෙයක් ගැන කියන දෙයක් නෑ .සියලු දේ විවේචනය නොකර විපක්ෂයත් රටේ සිදුවන හොද දේ අගය කරනවා නම් ජනතව මිට වඩා සහයෝගය දක්වනවා කියලයි මම හිතන්නේ (අ)
වික්‍රමසිරි දන්නේ නැති නිසා අහන්නේ නවගත්තේගම ගුරුවරිය දනගැස් වූ අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකකම දුන්නේ කව්ද? (නදී)
එක බලවතෙක් තම මාමට දඩ කොලයක් දුන්න කියල යන්තම්පලාව පොලිසියේ දෙදෙනෙකු ගෙදරට ගෙනල්ල අරියාදු කර තිබෙනවා.මෙන්න ද්‍රෝහිකම්.(අ)
හර්ෂනී,, අහන්නේ සෙවන ගල සිනි කම්හල අල්ලාගත් එක ගැන ද , අම්පාරේ ආණ්ඩුවේ ඉඩම් වල ගමන්ට හදපු ඒවා ගැන ද..මහවැලියෙන් ගස කපුවා ගැනද?? කොයි කලේ ඒවා ගැනද??? (අ)
මිනිස්සු කෑ ගහනවා කන්න නැහැල්ලු. අරක්කු බාර් ගාව ටික වෙලාවක් හිටියම පේනවා කන්න නැතත් බොන තරම.(නදී)
රුදුරු ත්‍රස්තවාදයෙන් රට බේරගත් මෙතුමාට අපහාස කරන්න එපා. ඔබතුමා චිරාත් කාලයක් අපේ ජනපති වී සිටීවා! (නි)
ඇත්තටම රටට ආදරය කරන, තමුන්ගෙ මිනිස්සුන්ගෙ දුක දැනෙන මනුස්සයෙකු මේ රට පාලනය කරන විට මේ රටට ලෝකෙන්ම උතුම් රට කියන්න නැවතත් පුළුවන් බය නැතුව (නි)
"බොරුවට ජනාදිපතිතුමාට අපහාස කරන්න එපා. මේගොල්ලෝ කෑගහන්නේ අවුරුදු 10 කින් කාලා නැහැ වගේනේ." වෙලා තියෙන්නේ අවරුදු 10 කන්න තිබුන සල්ලි එක අවුරුද්දක් කන්න වියදම් උන එකයි. " බඩු මිල වැඩි නම් වැඩිපුර මහන්සි වෙලා වැඩ කරන්න." මහන්සිවෙලා වැඩ කලාම බඩුමිල අඩුවෙනවද? විකාර. " අර පරිස්සමෙන් ජීවත් වුනොත් ජීවත් වෙන්න බැරි කමක් නැහැ." ඇයි අපි ව්තරක්? පිට රටින් ණයවෙලා ගෙනෙන හොඳට කාබී සිටින කොටසක් ඉන්නව ඔවුන්ට එහෙම ඉන්න අපි අර පරිස්සම් වෙන්න ඕනෙද? අපේ ළමයි හොඳට කන්නේ බොන්නේ කවදාද? අපිත් හොඳට කලා රටම නය කරමු වෙන කරන්න දෙයක් නැත. මතට තිත තියන්න ඕනනේ කියන අය බොන්නේ විස්කි. මේවා නරලොව හොල්මන්.(නදී)
අනේ ජනාදිපති තුමනි. යුද්දය අවසන් කිරීමට දායකවූ, එහෙත් දේශපාලන වසයෙන් එරෙහි වූ සරත් ෆොන්සේකා මහතාට ඡන්ද බලය සහ අඩුම වශයෙන් එතුමාගේ ලුතිනන් ජෙනරාල් වැටුප අනුව විශ්‍රාම වැටුප ලබා දෙන්නකෝ. මෙයට වැඩියෙන් වැරදි වැඩ කල රටට පාඩු සිදු කල අය අද හොදින් ඉන්නවා. මේ දඬුවමත් හරියට එදා ජයවර්දන ජනාදිපති තුමා ගරු බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතියි අහිමි කලා වගේ වැඩක් නේද?.(නදී)
මේවා කෙලෙස පැවසුවද පටු දේශපාලන ඇසකින් මේවා දෙස බලන නංගිලාට මල්ලිලාට තේරුම්ගන්න කලක් යාවී.අපි කවුරු රටේ පාලනයට ආවත් හොඳ දේ හොදයැයි පසසන්න ඕනෑ. (නි)
ද්‍රෝහීන් කව්ද කියලා ඔබතුමා දන්නවනේ. අර ගුරුවරියට කිව්වෙ සාදාරනය ඉෂ්ට කරනවා කියලා. නමුත් එයාට නාම යෝජනා දෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. ඇත්තද ඒක?(නදී)
යුද්ධය නිමා කරපු එකත් හොඳයි.රටේ කරන සංවර්ධනයත් හොඳයි. සංචාරක කර්මාන්තයත් හොඳයි. නමුත් පක්ෂයේ ගෝල බාලයින්ගේ වැඩ,අනවශ්‍ය මුදල් නාස්තිය,නිලධාරීන්ගේ දුෂණය ,අධ්‍යාපානයේ අක්‍රමිකතා,ජනතාවගේ ජීවන බර... මේවා ගැන විමර්ශනයෙන් සිටීම වඩාත් වැදගත් වනු ඇත. (නි)
රටේ නායකයා හැටියට එතුමාගේ කියමන උතුම්. (නි)
මිනිසුනේ, නැතිබැරිකම් තිබුනට රටේ නායකයට ගැරහීම වැරදියි (නි)
ඉහල තැන්වල ඉන්න දේශපාලකයන් කුඩු බිස්නස් කරන එක, හොර බිස්නස් කරන එක කොමිස් ගහන එක දේශප්‍රේමයද දේශද්‍රෝහී වීමක්ද ජනාධිපතිතුමනි. ? නොදන්න, නොතේරෙන නිසයි අහන්නේ ? (නදී)
වික්‍රමසිරි,බඩු මිල වැඩි වෙන්නේ ඇයි කියා දන්නවා නේද? (නි)
අවුරුදු 30 ක කුරිරු යුද්ධයක් ඉවර කර ඒකීය රටක් කල මේ රජයට පළමුව ස්තුතිවන්ත විය යුතුය. පටු දේශපාලන අදහස් දරන යුද්ධය නිසා ජීවිතය වෙළඳ ව්‍යාපාරයක් කර ගත් බොහෝ දෙනෙකුට පසු ගිය කාලය අමතක වී ඇත. (නි)
යුද්ධ හමුදාව යුද්ධ කරන කලෙත් එතුමා ඒ යුද්දේ ඔලුවට අරන් යුද්දේ ඉවර කරා. තවමත් එතුමා කරන්නේ යුද්ධයක්. එතුමාට විදෙස් එක්ක යුද්ධ කරන්න වෙලා. ඒ වගේම ලංකාවේ ඇතුලේ ඉන්න ද්‍රෝහියෝ එක්ක යුද්ධ කරන්න වෙලා තියෙනවා. එයාගේ ගෝලයෝ මොන දේ කලත් උපන් බිම පාවා දෙන්න ගිහින් නැහැ. (නි)
ජනාදිපතිතුමා අපේ රට වෙනුවෙන් ගොඩක් දේවල් කලා. ඉදිරියටත් ඒ වගේම කරයි. රටේ සමහරක් දෙනා තමයි තමන්ගේ රටට ගරහන්නේ. උපන්දා සිට ජිවත්වුනු තමන්ගේ රටට දැයට ගරු කල යුතුයි. ජනාදිපතිතුමාගේ කතාව හරියටම හරි.(නදී)
වැය කළ මුදල රුපියල් කෝටි 1015 ක් ? . පොඩි ගණනක් නෙමෙයිනේ? (නදී)
අපේ රණවිරුවො එකා පිට එකා මැරී වැටෙද්දිත් ඉදිරියටම ගියේ අනාගත දරුවන්ටවත් යහපත් රටක් බලාපොරොත්තුවෙන් නේද? දැන් කරමින් තියෙන්නේ ඒ විරුවන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමද?(නදී)
18 වෙනි සංශෝධනයෙන් රටට මොකද වෙන්නේ?(නදී)
පිටිගල.ඔයා අහල තියෙනවද මෝඩයන්ව අන්දන්න පුළුවන්. හරිම ලේසියි. ඒත් කවදා හරි දවසක මොලේ පෑදුනම බොහොම දරුනුයි. අවරුදු 17 ක පාලනය නැති වුනේ කොහොමද?(නදී)
ද්‍රෝහි කම් කරන අය මුළු රටම දන්නවා.(නදී)
මවු බිමට ද්‍රෝහී වන්නන් වන්නේ ජනතාවගේ අනාගතය වනසන්නන්ය. (නදී)
වැටත් නියරත් ගොයම් කය් නම් කාට පවසම්ද ඒ අමාරුව (අ)
ජනාධිපතිතුමනි, අපි හැමෝම ලංකාවට ආදරෙයි. රටට ගිහින් තියෙන කල බලන්න. මීට නොපමාව පියවරක් ගන්න (නි)
වීරලා වගේ මිනිස්සු තමා ද්‍රෝහියෝ ඇති කරන්නේ. (නදී)
ඉස්සෙලම එස්.එෆ් ට සාදාරණය ඉටුකරන්ඩ. හිටපු ත්‍රස්තයින් ඔබතුමාගේ උපදේශක තත්වයෙන් එලවන්ඩ. මිනිස් නිදහස රකින්ඩ. වැරදි කරන ඔබ පාක්ෂිකයින්ට දඬුවම් දෙන්ඩ. එවිට කිසිම විවේචනයක් නැහැ. ඔබ තුමා හොදයි. ඔබ තුමා දිගටම ජනාදිපතිවෙලා ඉඳගෙන පුළුවන් විදිහට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගන්ඩ? ඔබ තුමාට අපේ මනාපය. මීළඟ පාරත්.(නදී)
අනේ ඉතින් සංවර්ධනය කියන්නේ යටිතල පහසුකම් වල දියුණුව පමණක් නොවන වග නොදන්නවා නෙමේනේ. ඇයි මේ සංවර්ධනය කියන වචනේ පහත් කරන්නේ. අපි කොහෙද තාම සංවර්දනය උනේ දන්නේ නැහැ.(නදී)
ලංකාවේ ඉපදිලා ලංකාවට ද්‍රෝභීවෙන අය මේ රටේවත් තියාගන්න හොද නැහැ (නි)
ප්‍රාදේශීය දෙසපලකයන්ගෙන් වැඩි දෙනෙක් දේශ ද්‍රෝහියෝ , (අ)
ජනපතිතුමනි, ජීවන බර වැඩි වුනත් ජනතාව ඒ බර උහුලගෙන ඉන්නේ ඔබතුමා හින්දයි. අපි ඔබතුමාට ආදරෙයි (නි)
මානව හිමිකම් කඩනවා කියා රටට විරුද්ධව ජිනීවා වලට ලිපිගොනු අරගෙන යන අයයි රටට ද්‍රෝභි කම් කරන්නේ.(නදී)
අර්ෂා, රිෂාර්ඩ්, හාරුන් ,නීරෝ, වගේ අය ජනාධිපතිතුමා කියන දේ හොදින් හිතට ගතයුතුයි (නි)