”මේ කොල්ලා පුදුම සිරියාවන්තයි නේද? ”ඔව්, ඔව් ඒ විතරක් නම් මදෑ හරිම වාසනාවන්තයි. ”ඔයාගෙ හිනාව රටක් වටිනවා නේද? ක‍්‍රිකට් ක‍්‍රීඩාවට හදවතින්ම ආදරය කරන බොහෝ ක‍්‍රීඩාලලෝලීන් තිසර පෙරේරා නමැති මේ ක‍්‍රීඩකයා ගැන කතා වෙන්නේ ඒ විදියටයි. සහතිකෙන්ම අද ශ්‍රී ලංකා පිලට නැතිවම බැරි තරමේ දක්ෂයකු වූ තිසර ක‍්‍රිකට් පිටියේදී අපට හමුවන තවත් නිරහංකාර චරිතයකි. ඕනෑම වෙලාවකදී තරගයේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදිය හැකි තරමේ වාසනා ගුණයක් සහිත ක‍්‍රීඩකයකු ලෙස ඔහු නම් කළාට වරදක් නැත. නිමාවූ ශ්‍රී ලංකා - පාකිස්තානු එක්දින තරගාවලියේදී තිසර දැක්වූ දක්ෂතා නිසාම තරගාවලියේ වීරයා වූවේද ඔහුය. වැඩිම කඩුලූ ලාභියා ලෙසද සම්මාන දිනූ ඔහු දක්ෂතම පන්දු රකින්නාද විය. මේ සියල්ලට අමතරව මෙම තරගාවලියේදී කඩුලූ ත‍්‍රිත්වයක් හෙවත් පිට පිට කඩුලූ තුනක් දවාගත් පන්දු යවන්නකු ලෙස වාර්තා අතරටද එක්විය. තිසර හෙවත් වත්මන් ජගත් ක‍්‍රිකට් පිටියේ ඒ හැඩකාර කළු හංසයා සතුටු සිනා මැද අපි සඳැල්ලට කැඳවාගෙන ආවෙමු. නාරංගොඩ ආරච්චිගේ තිසර චිරන්ත පෙරේරා? ඒ ඔබගෙ සම්පූර්ණ නම නේද? හරියට හරි. කණ්ඩායමේ අය ගෙදර අය වගේම බිරිඳ ආදරේට අමතන්නෙ මොන නම කියලද? තිසර කියලයි. ජගත් ක‍්‍රිකට් පිටියේ හැඩකාර කළු හංසයා කියලා ඔබ හඳුන්වනවාට කැමතිද? ප‍්‍රශ්නයක් නැහැ. ගොඩක් අය කියන්නෙ ඔබගෙ සිනහව රටක් වටිනවා කියලයි. මොකද හිතන්නේ? එහෙම කියනවා නම් ඒක මට ලොකු සතුටක්. පසුගිය තරගාවලියේදී හොඳම පන්දු යවන්නා වගේම පන්දු රකින්නාට අමතරව තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන ලැබුණා. මේ දක්ෂතාවලට විශේෂ හේතුව මොකක්ද? ජාතික කණ්ඩායමට එක්වෙලා අවුරුදු තුනක් විතර වෙනවා. මේ ගෙවී ගිය කාලයේදී ලබපු අත්දැකීම් එක්ක කණ්ඩායමට මගෙන් යමක් වෙන්න ඕනෑ. මේ පාර ඒ වාසනාව සහ දක්ෂතාව ලැබීම ගැන සතුටුයි. බොහෝ දෙනා කියන්නෙ ඔබ හරි නිරහංකාර ක‍්‍රීඩකයෙක් කියලයි. මේ මනුස්සකම ඔබට ලැබුණෙ කොහොමද? දෙමාපියන් ගුරුවරුන් වගේම හැමෝම නිසා වෙන්න ඇති. මට අහංකාර වීමට තරම් හේතුවක් කොහෙත්ම නැහැ. රටක් නියෝජනය කරන්න ලැබීම වාසනාවක්. එය පවතින්නෙ ජනතාවගේ ප‍්‍රතිචාර නිසයි. මම ඕනෑම කෙනෙක් එක්ක කතා කරනවා. හිනාවෙනවා. මනුස්සයින් කියන්නෙ ඒකටනෙ. අපට ආශිර්වාදය රටේ ජනතාවයි. අපි කඩුලූ ත‍්‍රිත්වය ගැන කතා කරමු. පිටපිට කඩුලූ දෙකක් දවා ගනිද්දී ඊළඟ කඩුල්ලත් දවා ගන්නවාමයි කියලා හිතුවද? පළමු වයුනුස්ඛාන්, දෙවනුව අෆ්රිඩි දවා ගත්තාට පස්සේ මේ පාර කොහොම හරි ඊළඟ කඩුල්ල දවා ගන්නවා කියලා හිතුණා. මීට පෙර අවස්ථා දෙකකදී විතර මේ වගේ අවස්ථා මගහැරිලා තිබුණේ. වාසනාවට මෙවර ඒ අවස්ථාව මට ලැබුණා. මේ කඩුලූ ත‍්‍රිත්වය ලබා ගන්න කණ්ඩායමෙන් ලැබුණු සහයෝගද මොනවගේද? ඒ වෙනුවෙන් සැලසුමක් තිබුණාද? කොහොමද ඒක කළේ? කට්ටියම වගේ උපදෙස් දුන්නා. සාමාන්‍යයෙන් ඕවර 40ක් විතර යවලා ඉවර වුණාට පස්සේ ස්ලිප් ක‍්‍රීඩකයෙක් රඳවන්නේ නැහැ. ඒත් මහේල අයියා ස්ලිප් ක‍්‍රීඩක ලෙස ඇවිත් අනෙක් අයවත් යාර තිහේ වළල්ල ඇතුළට ගමු කීවා. ඔයා ඔයාගේ උපරිමය සහ සැලැස්ම අනුව කළ හැකි දේ කරන්න කියලා මහේල අයියා කීවා. මෙහි පුදුමය වන්නෙ විශාලම වෙනස හැටියට කළ ස්ලිප් ක‍්‍රීඩකයා අතටම උඩ පන්දුව ලැබීමයි. මහේල විශේෂයෙන් යමක් ඇහුවද? පන්දු රකින්නන් හැකිතාක් ළඟට ගනිමු කිීවා. ස්ලිප් ක‍්‍රීඩකයා ඕනෑ ද කිව්වා. කොහොමටත් මහේල අයියා මම ඉල්ලන සැලැස්ම කවදත් ලබාදුන්න. කවදාවත් බැහැ කිව්වේ නැහැ. කඩුලූ ති‍්‍රත්වය ගත්තාම කට්ටිය මොනවද කිව්වේ? මටත් දරා ගන්න බැරි සතුටක්. මේ වගේ අවස්ථාවක් ඇත්තටම පිත්තෙන් ලකුණු 100 ක් ගන්නවාට වඩා හරි අගනා අවස්ථාවක්. කට්ටියම මාව වට කරගෙන සතුට ප‍්‍රකාශ කළා. ඒක වඩාත් සහෝදරාත්මකයි. පාකිස්ථානු ක‍්‍රීඩකයින් මොනවද කිව්වේ? තරගාවලිය නිමා වුණාට පස්සේ ඔක්කොමල සුබ පැතුවා. අෆ්රිඩි මොනවද කිව්වේ? විශේෂයක් නැහැ. හැමෝම සුබ පැතුවා. මේ තරගාවලියේදී ඔබට වඩාත් හිනායන තරමේ අවස්ථාව වුණේ මොකක්ද? ඕවර 20 තරගයේදී ලබාගත් උඩපන්දුව මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. මම මෙතෙක් ජීවිතයේ ලබාගත් හොඳම උඩ පන්දුව එයයි. මේ මමමද? කියලා හිතා ගන්න බැරි තරමට මට හිනා ගියා. ඒවගේම පුදුමත් හිතුණා. තිසරගෙ ලොකු වෙනසක් වෙලා කියලා හැමෝම කියනවා. මෙහි රහස මොකක්ද? විශේෂත්වයක් නැහැ. මම ක‍්‍රීඩා කරන්නෙ පන්දු යවන අංශයේ තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙසයි. ඒ වෙනුවෙන් උපරිමයෙන් කැප වෙනවා. බිරිඳ ඔබ තනියම කොහෙවත් යනවට කැමති නැතිලූ. ඇත්තද? ඒ ඒක බොරුවක්. ෂෙරමි ඇත්තද මේ කියන්නේ? තිසරගෙ ආදරණීය බිරිඳගෙන් අපි ඒ ප‍්‍රශ්නය අහමු? අනේ මගේ කිසිම තහංචියක් නැහැ. පේ‍්‍රක්ෂකයින් තමයි ක‍්‍රීඩකයකුට තියෙන ශක්තිය. ඒ ශක්තිය නිසා ඉහළ දක්ෂතා පෙන්වන්න පුළුවනි. ෂෙරමි තිසර කොහොම කෙනෙක්ද? බොහොම හොඳ කෙනෙක්. ඇත්තටම මම මේ වගේ හොඳ සැමියෙක් ලබන්න පිං කරලා තියෙන්න ඇති. ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු නොවුවා නම්? ඔබ මෙතරම් ඔහුට ආදරය කරාවිද? එහෙම නම් මීටත් වඩා මම එයාට ආදරය කරාවි. තිසරගෙ විදේශීය ක‍්‍රිකට් මිතුරන් කවුද? මම හිතන්නෙ ඉන්දියාවේ දෝනි, ජඬේජා වගේම රයිනා එයාගෙ හොඳ මිතුරන්. තිසර සහ බිරිඳ මේ සතුට දරාගෙන දැන් සූදානම් වන්නේ ගාල්ල බලා පිටත් වීමටයි. එළැඹෙන ටෙස්ට් තරගාවලියට ඔහු සූදානම් විය යුතුය. එනිසා ඔහුට සුබ පතමින් අපි පිළිසදර හමාර කළෙමු.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කලු හංසයෝ", ඔබට සුභ අනාගතයක්!
තිසර, සුභ පැතුම්!
නියමයි තිසර.. අපි ඔක්කොම ඔයාට ආදරෙයි.. පුළුව්න් තරම් උපරිමය රට වෙනුවෙන් කරන්න. එතතොට ලංකාවෙ අය තවත් ආදරය කරාවි ඔයාට.. අපි ආසයි පළමු විකට්ටුව සදහා එනවානම්.. (ජයසූරියගෙ තැනට) සුභ පැතුම්..!!
ඔබට දලදා සමිදු පිහිටයි..
ඔබට ජය!
කඩවසම්, දක්ෂයි, ජනප්‍රියයි..... වෙළෙද දැන්වීම් වලට විකිණිලා පල් වෙන්න නම් එපා..... දැන් තියෙන නිහතමානිත්වය ට මුළු රට ම ගොඩක් ආදරේ කරනවා, ගරු කරනවා.... ඒක ගොඩාක් වටීවි අනාගතයට.....
අපිට නැතිව ගිය ජයසූරියගේ පුනරාගමනය.. තිසිර ඉනිම විවෘත කරනවා බලන්න ආසයි. අවස්තාව හම්බ උනොත් ඔක්කොම යාර 30න් එහා ඔක්කොම ගහන්න ඕනි. සින්ගල්ස් ගන්න. 2S 3S වැඩිය එපා. ඒ ශක්තියත් එකත් දාලා 6ඒවා ගහන්න. සුභපැතුම්.
ඔබ අපිට සම්පතක් බුදුසරණයි..!!
තිසර කියන්නේ අපිට ඉන්න හොදම ක්‍රිඩකයෙක්
ලංකාවේ හොදම ක්‍රිකට් ක්රීඩකයා
නිහතමානීකම රටක් වටිනවා තිසර.. අපි කොයි තරම් දක්ෂයෝ උනත් අපි වෙනුවෙන් අත්පුඩි ගහන මිනිසුන් තමයි අපේ ශක්තිය ඒක තේරැම් ගත්ත එකම ඇති ඔයාට ජය ලැබෙන්න.. වාසනාවන්...
ඇත්තටම මෙවන් තරුණ කොල්ලන් අපිට අවශ්‍යයි.ජය වේවා!
මම මේකට දාපු කමෙන්ට් එකෙට මොකද උනේ
මල්ලි රට ඉල්ලන්නෙත් ඔයා වගේ අය තමයි...
නියම කොල්ලෙක්.සැරදේවා! සුභ අනාගතයක්!
තිසර, ඔබ සැබෑ දක්ෂයෙක්
ඔබ කොලබ ඉපදෙන්න තිබුණු කොල්ලෙක්
තිසර, ඔබ සහ අනෙක් සියල්ලන්ටම මම සුභ පතනවා!
අද ඊයක නෙමෙයි ඔයා ක්‍රිකට් වලට ආව දවසේ ඉඳලම මගේ ආසම ක්‍රීඩකයා.මන් හිතන්නේ හැම තරගයකදීම ඔයා ඔයවගේ මොකක් හරි දෙයක් කරනවා.මහේල,ලසිත් ඇරුණුකොට මන් කැමතිම ඔයාට.ඔයගේ ඒ දක්ෂතාවයට මගෙන් උණුසුම් සුබ පැතුම්
ඔයා නියමයි අයියා...
ගුඩ් ලක් !!!!!!!!!!
මට හොදටම විශ්වාසයි තිසරගේ වැඩි මුදලක අයි පී ඇල් සභාගීත්වය පිලිබදව .ඔහු අපේ අනාගතයට ගොඩක් වටිනවා. සුභ පතනවා ඔබට
තිසර, ඔබ ජාතියේ පිනට පහළ වූවෙකි
හොඳ අනාගතයක් තියෙනවා....
හොද කොල්ලෙක්.ඔබතුමාට සුභ අනාගතයක්.
ඇන්තොනියේ කොල්ලෙක්නේ .............
හිත ඇත්නම් පත කුඩාද කිවුවලු
රැවටෙන්න එපා කොල්ලනේ..ඔයාලව පුම්බල තියන අයම තමයි බිමට ඇදල දාන්නේත් .....මතකනේ අජන්ත මෙන්ඩිස්ට වුණු දේ. දැන් හොයාගන්නත් නෑ..
හොදට සෙල්ලම් කලාට වැඩක් නැහැ මිනිස්සු එක්ක කතාවත් කරන්න දන්නේ නැත්නම්..!(නු)
හොද අනාගතයක් තියෙනවා.ජය සහතිකයි
හොඳ අනාගතයක් තියෙනවා......ජාතික සම්පතක්
අයියත් සිරියාවන්තයි ..අක්කත් සිරියාවන්තයි ...දෙන්නටම සුබ පතමි ..!!
මට කියන්නෙ තියෙන්නෙ එක දෙයයි, තිසර, මේ උඩ දාගෙන හොඳ කියන අයම ඔයාට දවසක බනීවි, ගරහාවි. ඒ ගැන අවබෝධයෙන් ඉන්න, මොකද ලංකාවෙ බොහෝදෙනෙක් හිතන් ඉන්නෙ ඒ අය හිතන පතන විදියට තිසර වගේ ජනප්‍රිය මිනිස්සු හැසිරෙන්න ඕනෙ කියල. කාලෙකට කලින් වීරයො වෙලා හිටපු මාලිංග, මැතිව්ස් වගේ දක්ෂයොන්ට අද කොච්චර බනිනවද, ගරහනවද. බනින්නෙ නැත්තෙ කාටද. ඒක ඔබටත් දවසක මේ ශ්‍රී ලාංකිකයො කරයි. ඒත් සැලෙන්න එපා. ඔබට පුලුවන් උපරිමයෙන් සෙල්ලම් කරන්න. ඔබ සැබෑම දක්ෂයෙක්, ඔබේ දක්ෂතා තව තවත් දියුණු කරගන්න මගේ සුභ පැතුම්.
තිසර, ඔබේ හැකියාව තවත් වැඩි දියුණු කරගෙන ඉදිරියටම යන්න.අපෙන් සුභ පැතුම්!
තිසර ඔයාට මතකද දවසක් අපිට ඔයාව ජා ඇල kfc දි මුණ ගැහුණා......
ඔබට උපදෙස් දෙන්න තරම් මම ක්‍රිකට් ගැන දන්නේ නැහැ.නමුත් ඔබේ දක්ෂ කම් ඉතා ඉහලින්ම අගය කරනවා.ඔබේ නිරහන්කාරකම රැකගෙන හිතට එකඟව මව්බිමට ප්‍රමුකත්වය දෙමින් ක්‍රීඩා කලොත් අපේ පුංචි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් නම ලියා ගන්න ඔබට විශාල අවස්ථාවක් තියෙනවා!ඔබට මුළු හදවතින්ම සුබ පතමි!!!
ලංකාවේ කොල්ලෙක්
ජයෙන් ජය......
උපන් රට නියෝජනය කරන්නෙ නැතිව.. ඇමරිකාව නියෝජනය කරන්නැයි...
ලංකාවේ හොඳ තරුවක් තිසර...
අයියා,ඔබට සුභ අනාගතයක්!
කොල්ලා කෙසේ වෙතත් කෙල්ලනම් සිරියාවන්තයි.......
" ඔබට හොද අනාගතයක් තියනවා ".