ලන්ඩන් බෞද්ධ විහාරයේ තවලම බන්දුල හිමියන්ගේ උපන් දිනය වෙනුවෙන් පසුගියදා පින්කමක් පැවැත්විණි.
දීර්ඝ කාලයක් තිස්සේ ලන්ඩන් බෞද්ධ විහාරයේ නේවාසිකව වැඩවසමින් ධර්මදුත වැඩකටයුතුවල නිරතවන උන්වහන්සේ, කාගේත් ගෞරවාදරයට පත්වූ හිමිනමකි.
ලන්ඩන් විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන් අනුශාසනාව පැවැත්වූ අතර එහිදී එදින පිංකම සංවිධානය කිරීමේ අරමුණද පැහැදිලිකර දුන්නේය.
ලේච්වර්ත් ධම්මනිකේථනාධිපති අකුරල සමිත හිමියන් ආශීර්වාද පුජාව මෙහෙයැවීය.
ඊස්ට්හැම් ලුම්බිණී විහාරාධිපති මාකුරේ මංගල හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කළහ. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ දේදුනුපිටියේ උපනන්ද හිමියෝ ධර්මදේශනාව පැවැත්වුහ.
ශ්‍රී ලංකා නියෝජය මහකොමසාරිස් නෙවිල් ද සිල්වා සහ එම මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.
බන්දුල හිමියන්ගේ ඉල්ලීම පරිදි පැමිණ සිටි සියලුම දෙනා සංවර්ධනය වෙමින් පවතින රටවල දුගී දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අත් උදව් සපයන රාහුල අරමුදලට ආධාර ලබා කීය.
තමන්ගේ උපන්දිනය වෙනුවෙන් සෙත්පැතීම සඳහා පිංකමක් සංවිධානය කිරීම ගැන සියලුම දෙනාට ස්තුතිකල බන්දුල හිමියන් පිංකමේ අතුරු ඵලයක් ලෙස ලබාදුන් සියලුම ආධාර මුදල් රාහුල අරමුදල මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන ආධාර වැඩසටහන් සඳහා යොදවාගන්න බව කීය.
1998 දී ආරම්භ කළ රාහුල අරමුදල ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක දුගී එහෙත් කුසලතා ඇති දරුවන් ගේ අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා උදව් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වෝ...හැබැයි රට පාවා දීලා, හමුදාව පාවා දීලා, සිංහලය පාවා දීලා 'එසයිලම්' ගහපු 'සිංහලයෝ' නම් ඉතාලියේ නැහැ. එක කොටියෙක් මෙහෙ කොඩියක් උස්සල නැහැ, අපේ එක පන්සලකට ගහන්න දුන්නේ නැහැ. පන්සල් වලට ගහද්දි, හයි කොමිසමට කොටි නැගල හෙළ ජාතික කොඩිය ඉරද්දී සිල්වා ඔබ හිටියේ කවුන්සිල් එකේ 'පොඩි එවුන්ගේ පිහිටෙන් ලබාගන්න බෙනිෆිට්' පෝලිමේද?(නදී)
ඉතාලියට බෝට්ටුවෙන් ඇවිල්ලා, රාත්‍රී කෝච්චියෙන් ප්‍රංසෙට ගිහිල්ලා, ප්‍රංසේදී ලොරියක 'කන්ටේනර්' එකක් ඇතුලේ රිංගලා එංගලන්තෙට ගිහිලලා. 'අනේ අපේ ලංකාවේ සිංහලයා අපිවම මරනවා' කියල සිල්වා වගේ පෘතුගීසි නම් තියෙන සිංහලයෝ රෙෆියුජි ගහනවා. හැබැයි කට්ටිය අහුවෙන්නේ 'ඩුවල් සිටිසන්' ගන්න ඉන්ටවිව් එකේදී තමයි.(නදී)
ලන්ඩන් බෞද්ධ විහාරය කවදත් දැන උගත් ස්වාමින් වහන්සේගෙන් ධර්මය උගත හැකි තැනක්. බ්‍රිතාන්‍ය ආණ්ඩුව හා රජ පවුල එරට බුදු දහමේ කේන්ද්‍රස්ථානය ලෙස පිළිගන්නේ එතනයි. (නදී)
සාලිය, 'මනෝ පුබ්බංගමා ධම්මා...මනෝ සෙට්ටා මනොමයා' බුදු දහමේ කේන්ද්‍රස්ථානය තම මනස මිසක් 'කොන්ක්‍රීට් ගොඩනැගිලි' නොවේ. (නි)
අපේ අය මොනවා නැතත් කොහේ ගියත් කන එකට නම් ඉතියෝපියාවත් පරාද කරනවා.(ස)
මෙතන මොන අදහස් දැක්වුවත් 'නිහඬ සේවයක්' එංගලන්තේ බෞද්ධයා වෙනුවෙන් සහ ලංකාවේ දුප්පත් ළමුන් වෙනුවෙන් කරන බව මිලානෝ ඉන්න අප පවා අසා ඇති බන්දුල ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී පරමායුෂ ප්‍රාර්ථනා කරමි.(නදී)
පිටිගල ඔබ හරි. ඒකත් ඉතින් මුලික අවශ්‍යතාවයක්නේ. (නි)
පිටිගල මිලානෝ, ඔබ කියන ගාතාවේ අදහස ධර්මය කේන්ද්‍රස්ථානය ගැන නොවේ. සියලු දේ මනස මුලික කරගෙන සිදුවෙන බවයි.(නදී)
සාලිය මහත්මා කියූ දේ හරි. පින්වත් පිටිගල මිලානෝ මහත්මා මනෝ පුබ්බංගමා ධම්මා.. යන ධම්මපදයේ එන ගාථා පදයෙන් අදහස් කරන්නේ සිත සියලු දේට මුල්වන බවයි. සාලිය මහත්මාටද පිටිගල මහත්මාටද බුදුසරණයි. (නි)
පිටිගල, ඔය කියන කාගෙ කාගේත් කිල්ලෝට වල හුණු පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා නේ. දන් දෙන මේ වෙසක් කාලේ මොන තරම් හොද පිංකමක්ද. අපි උන් වහන්සේට දීර්ඝායුෂ පතමු.(ස)
මා එදින මේ පින්කමට සහභාගී වුනා. ඉතාම අධ්‍යාත්මික අවස්ථාවක්. බන්දුල ස්වාමින්වහන්සේ හරිම කාරුණිකයි. දේදුනුපිටියේ උපනන්ද නම් ස්වාමින්වහන්සේ ඉතා ලස්සනට ඉංග්‍රීසි බසින් සරලව ධර්ම දේශනා කළා. අනගාරික ධර්මපාල තුමා ආරම්භ කළා ලන්ඩන් බෞද්ධ විහාරය බටහිර ලෝකයේ පළමු ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයයි.(නදී)
කුනුබක්කි කාල පේමන්ට්වල නිදාගන්න පිරිසක් ඉතාලියේ ඉන්නවා. ඔය අය ලංකාවෙන් ගියේ බෝට්ටුවල හැබැයි දැන් මුල අමතක වෙලා. ඒ වගේම ධර්මයේ වටිනාකමත් දන්නේ නැහැ.(නදී)
සාලිය සහ සාලිය (මහනුවර ධම්මගවෙසි ලෙස අදහස් දක්වූ), සියලු දේට සිත කේන්ද්‍ර වනවා කියා ඔබ පිලිගන්නවා , නමුත් මේ සියලු දේ කුමක්ද? එය ඔබත් බාහිර ලෝකයත් අතර පවතින සියලු දෙයයි එනම්, සියලු ලෝක ධර්මතායි. මේ සියලු ධර්මතා නිසා දහ අට ආකාරයකට (ආයතන හය වරක් දුක්ඛ,අදුක්ඛ, අදුක්ඛමය සුඛ තුන් ආකාර චෙථනා) සිතේ හට ගන්න දුක්කයන් හඳුනාගෙන ආර්ය හෙවත් යහපත් මාගයේ ගොස් නිවාරණය කරගැනීම බුදුදහමයි. එනම් සියලු ලෝක ධර්මතා හෙවත් ධර්මය මනස කේන්ද්‍රකරගෙන ඇත්තේය. (නදී)
සාලිය මහත්මාගේ අදහසට විනාඩි හයකට පසුවයි මහනුවර ධම්ම ගවේසී හිමි කියන කෙනා අදහස පළකර තිබෙන්නේ. එතරම් කෙටි කලකින් මෙම පුවත් යාවත්කාලීන (අප්ඩේට්) වෙනවද? මේ අනුව සාලියගේ අදහස පළවීමටත් පෙරයි මහනුවර ධම්මගවෙසි හිමි ලියා තිබෙන්නේ. (නදී)