IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


උපන් ගමට, ඉගෙන ගත් විදුබිමට සාමය හා ආදරය ගෙනෙනවා

ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී කලාසූරී ජයසිරි සේමගේ ඉදිරිපත් කරන ”සාමය හා ආදරය” චිත‍්‍ර ප‍්‍රදර්ශනය මෙම මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය තෝමස් ද සිල්වා සමරු ශාලාවේ දී පැවැත්වේ. මෙවර චිත‍්‍ර ප‍්‍රදර්ශනය කොළඹින් පිට පැවැත්වීම ගැන සේමගේ දැක්වූයේ මෙවන් වූ අදහසකි. ”ඇත්තෙන්ම මට පුදුම සතුටක් මෙවර දැනෙන්නේ. මොකද මෙතෙක් කල් මම කොළඹ නගරයේ මෙන්ම රටවල් ගණනාවක චිත‍්‍ර ප‍්‍රදර්ශන ඉදිරිපත් කළා. ඒවාට බොහෝ දෙනාගේ ප‍්‍රතිචාර ලැබුණා. නමුත් මා ඉපදුණු අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ ඉගෙන ගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පවත්වන්න ලැබීම මගේ ජීවිතයේ වැදගත් සංධිස්ථානයක්. එයින් ලැබෙන සතුට කියා නිම කරන්න බැරි තරම්. මොකද මට චිත‍්‍ර කලාවේ ගුරුහරුකම් ලැබුණේ මගේ පාසලෙන්. ඉතිං ඒ පාසලේ මගේම චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පවත්වන්න ලැබීම සතුටක් නොවෙයිද? කොයිතරම් දෙස්  විදෙස් චිත‍්‍ර ප‍්‍රදර්ශන පැවැත්වූවත් මෙවර චිත‍්‍ර දැක්ම මට විශේෂයි.” අම්බලන්ගොඩ ජන්ම ලාභය ජයසිරි සේමගේ චිත‍්‍ර ශිල්පියා ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබා එවකට කලා ගුරුවරුන් වූ ඇම්.ඩබ්ලිව්.ඇල්. ද සිල්වා හා බර්නාඞ් ලොකුගේ ගෙන් චිත‍්‍ර කලාවේ මූලික ආරම්භය ලබා ගත්තේය. පාසල් අධ්‍යාපනය ලබනා අවදියේම එනම් 1957 දී හා පුරා කියා කොළඹ ජාතික කලා භවනේ දී ප‍්‍රථම ඒක පුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශනය පැවැත්වූ සේමගේ එදා කලා විචාරකයන්ගේ පැසසුමට ලක්විණි. බොහෝ දෙනා එදා පැවසූවේ ප‍්‍රවීණ ශිල්පියකුගේ නිර්මාණයන්ට හා සමාන බවයි. ඔහු තොරණ කලාවට විශේෂ ඇල්මක් දැක්වූ අයෙකි. මේ පිළිබඳ කතා කිරීමටත් සේමගේ අමතක කළේ නැත. ”මගේ අම්බලන්ගොඩ නගරය කවදත් වෙසක් උත්සව කාලයට වෙසක් තොරණ සඳහා විශේෂ තැනක් ගන්නවා. එක වෙසක් සමයක නගරයේ තොරණ 10ක් පමණ නිර්මාණය වුණා. මේ හින්දා කුඩා කාලයේ ඉඳලම මගේ හිත වඩාත්  යොමු වුණේ මේ තොරණ කලාව වෙනුවෙන්. ඒත් මට අවශ්‍ය වුණේ මේ නිර්මාණය වන තොරණ චිත‍්‍ර කලාවට වඩා අමුතු දෙයක් නිර්මාණය කර ඉදිරිපත් කරන්නයි. මේ කාලයේ දී මගේ චිත‍්‍ර කලා ගුරුවරයකු වූ බර්නාඞ් ලොකුගේ මහත්මයා ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ ඉගෙනුම ලබා මෙරටට පැමිණ පෙරදිග චිත‍්‍ර ශෛලියට තම ගෝලයින්ගේ සිත් යොමු කරලා ඒ වෙනුවෙන් චිත‍්‍ර ඇඳි කාලයක් වුණා. ඒ කාලයේ මේ චිත‍්‍ර කලාව ගැන මම හොඳින් ඉගෙන ගත්තා. මම මටම ආවේණික ශෛලි යකින් තොරණ සැලැස්ම හා චිත‍්‍ර නිර්මාණය කරන්න පටන් ගත්තා. එය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. එයින් දිරිගත් මා දේශීයත්වයට මුල් තැනක් දෙමින් තව තවත් මගේ චිත‍්‍ර ශෛලිය ඔපවත් කර ගත්තා.” 1957 අවසාන කාලයේ දී පාසලෙන් සමුගත් ජයසිරි  සේමගේ ” ලංකාදීප” පත‍්‍රයේ ස්වාධීන චිත‍්‍ර ශිල්පියකු වශයෙන් බැඳී පසුව ” දවස” පුවත්පත් සමූහය ආරම්භයත් සමග එහි ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියා වශයෙන් සේවය කළේය. රේඛා චිත‍්‍ර මෙන්ම අන් චිත‍්‍රද පාඨකයන් අතර ජනපි‍්‍රයත්වයට පත්වුණි. ”1974 වර්ෂයේ දී මැලේසියාවේ බෞද්ධ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් සඳහා ලංකා කලා සංගමයෙන් මාව තෝරාගෙන ක්වාලාලම්පූර් නගරයේ ප‍්‍රදර්ශනයට පිටත් කළා. එදා ක්වාලාලම්පූර් බෞද්ධ විහාරයේත්, ජිනැංගුවේ බෞද්ධ විහාරයේ හා සිංගප්පූරුවේ මංගල් විහාරයේ බෞද්ධ සිතුවම් අඳින්න මට අවස්ථාව ලැබුණා. එය ශ්‍රී ලාංකික චිත‍්‍ර ශිල්පියකුට ලැබුණු මහඟු අවස්ථාවක්. ප‍්‍රථම වරට තමයි මට ඒ අවස්ථාව උදාවුණේ. ඊට පස්සේ ලෝකයේ රටවල් ගණනාවක ඒක පුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශන පවත්වන්න මට අවස්ථාව ලැබුණා. ලෝකයේ රටවල් කිහිපයකම පැවැති ” එක්ස්පෝ” ප‍්‍රදර්ශනවල ශ්‍රී ලංකා ප‍්‍රදර්ශන කුටිවල සිංහල සිතුවම් කලාවෙන් අලංකාර කරන්න මට හැකි වුණා. සිංගප්පූරුවේ මංගල් බෞද්ධ විහාරය තමයි මා ඇඳි බිතුසිතුවම් ඇතුළත් විශාලම විහාරස්ථානය, ඒ විතරක් නොවෙයි. එම රටේම ”මෑන් ෆැට් ලාම්” නමැති චීන බෞද්ධ විහාරයේ තෙල් සායමින් මා නිම කළ පස්වග මහණුන්ට දහම් දෙසීමේ චිත‍්‍රය සිංගප්පූරු බෞද්ධ පුස්තකාල ගොඩනැගිල්ල සඳහා මා නිර්මාණය කළ ” බෝරෝ බුදුර් ආකෘතියද විශේෂයෙන් මතක් කළ යුතුමයි. මෑතක දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරාධනයෙන් එතුමාගේ සංකල්පයක් මත නේපාලයේ ලූම්බිණියේ ඉදිවෙන බෞද්ධ විහාරයේ බිතු සිතුවම් නිර්මාණය ද මා අතින් සිදු කළා. පහුගිය දිනවල ජපානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ප‍්‍රදර්ශනවල තොරණ 2ක් නිර්මාණය කිරීමට මට අවස්ථාව ලැබුණා. මේ හින්දා මගේ චිත‍්‍ර කාලව විදෙස් රටවල බොහෝ දෙනාගේ කතාබහට ලක් වී තිබෙනවා” සේමගේ තම නිර්මාණ ගැන පැවසූවේ එවැනි අදහසකි. මේ වන විට කලාසූරී හා තවත් දේශීය හා විදේශීය සම්මාන රැසක් හිමිකරගෙන සිටින සේමගේ චිත‍්‍ර ශිල්පියා දිගු කලකට පසුව තම උපන් ගමේ ඉගෙනගත් පාසලේ නිර්මාණ ප‍්‍රදර්ශනයක් පැවැත්වීම විශේෂත්වයකි. ඒ විශේෂත්වය මෙම මස 21 වැනිදා සිට දැක ගත හැකිවනු ඇත.

යහම්පත්
 



අදහස් (0)

උපන් ගමට, ඉගෙන ගත් විදුබිමට සාමය හා ආදරය ගෙනෙනවා

සී. ගමගේ Friday, 16 September 2011 09:07 PM

මෙවැනි නිර්මාණ සදාකාලිකයි. සුබ පතමි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site