රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකගේ උද්ඝෝෂණයක් නිසා කොළඹ කොටුවේ ලෝටස් වටරවුමෙන් ගෝල්ෆේස් පාර තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය කියයි.
උපාධිධාරී පුරප්පාඩු රැසක් තිබියදී ගුරු පුරප්පාඩු පිරවීමට මුදල් නොමැති යැයි කියන ආණ්ඩුව විශාල ඇමැති මණ්ඩලයක් නඩත්තු කරතියි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය අද විරෝධතාවයක් පැවැත්වීය.
කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් පාගමනක් අරඹා ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ අරලියගහ මැදුරට යද්දී ලෝටස් මාවතේදී පොලිසිය පාර වසා දැමීය.
ජනාධිපතිට හෝ අගමැතිට සංදේශයක් බාරදීම සඳහා දස දෙනකුට අවසර ලැබිණි. පසුව අරලියගහ මන්දිරයට යෑමට අවශ්‍ය බව පැවසූ විට රැකියා විරහිත උපාධිධාරීන් දස දෙනකු අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත කැඳවාගෙන ගියේය.
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ... සමන්. ? (ර)
මොකද මේ තරම් උද්ගෝෂණ හැම තැනම? (ර)
යකෝ පදුරකට පයින් ගැහුවත් දැන් උපාධිකාරයෝ දෙතුන් දෙනෙක් විසි වෙනවනේ..මේ හැමෝටම දෙන්න රස්සාවල් ආණ්ඩුවට දෙන්නනම් ඉතින් ඇලඩින්ගේ පානකින් මිස නම් බැරිවේවි..(රේ)
නොමිලේ ඉගැන්නුවා මදිවට රස්සාවලුත් දෙන්නලු, තව මොනවද, ඒක නිසා බොරුවට කෑගහන්නේ නැතුව පත්තරය බලලා රස්සාවක් හොයාගන්න. (ර)