රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකගේ උද්ඝෝෂණයක් නිසා කොළඹ කොටුවේ ලෝටස් වටරවුමෙන් ගෝල්ෆේස් පාර තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය කියයි.
උපාධිධාරී පුරප්පාඩු රැසක් තිබියදී ගුරු පුරප්පාඩු පිරවීමට මුදල් නොමැති යැයි කියන ආණ්ඩුව විශාල ඇමැති මණ්ඩලයක් නඩත්තු කරතියි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය අද විරෝධතාවයක් පැවැත්වීය.
කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් පාගමනක් අරඹා ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ අරලියගහ මැදුරට යද්දී ලෝටස් මාවතේදී පොලිසිය පාර වසා දැමීය.
ජනාධිපතිට හෝ අගමැතිට සංදේශයක් බාරදීම සඳහා දස දෙනකුට අවසර ලැබිණි. පසුව අරලියගහ මන්දිරයට යෑමට අවශ්‍ය බව පැවසූ විට රැකියා විරහිත උපාධිධාරීන් දස දෙනකු අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත කැඳවාගෙන ගියේය.
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උපාධිධාරීහු මහපාරේ : 10 ක් අරලිය මැදුරට යති
සුමිත් Wednesday, 18 November 2015 03:18 PM
අයියෝ... සමන්. ? (ර)
කාශ්‍යප Wednesday, 18 November 2015 10:48 AM
මොකද මේ තරම් උද්ගෝෂණ හැම තැනම? (ර)
පිවිතුරු යහපාල Wednesday, 18 November 2015 04:37 PM
යකෝ පදුරකට පයින් ගැහුවත් දැන් උපාධිකාරයෝ දෙතුන් දෙනෙක් විසි වෙනවනේ..මේ හැමෝටම දෙන්න රස්සාවල් ආණ්ඩුවට දෙන්නනම් ඉතින් ඇලඩින්ගේ පානකින් මිස නම් බැරිවේවි..(රේ)
සමන් Wednesday, 18 November 2015 11:46 AM
නොමිලේ ඉගැන්නුවා මදිවට රස්සාවලුත් දෙන්නලු, තව මොනවද, ඒක නිසා බොරුවට කෑගහන්නේ නැතුව පත්තරය බලලා රස්සාවක් හොයාගන්න. (ර)