විධිමත් ජාතික ප්‍රතිපත්තියක් යටතේ වාර්ෂිකව උපාධිධරයාට රැකියා දි විරැකියා උපාධිධාරයන්ගේ ප්‍රශ්නයට විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය සිය සටන ඇරරඹු බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා කියයි.
2012 මාර්තු මාසයේදී උපාධිධාරි පත්වීම් දිමෙන් පසු දැනට 25000 කට අධික උපාධීධාරින් පිරිසක් රැකියා විරහිතව සිටින බවද හෙතෙම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර තිබුනා තරුණ අරුණ කියලා උපාධිධාරින්ට රැකියා පුහුණුවක් දෙන වැඩසටහනක්. පුද්ගලික අංශය දායකවුණේ. ඒත් ඉතින් සමහර උපාධිධාරීන්ගේ උද්දච්ච ආකල්ප නිසාදෝ මන්දා එක නැවතුනා. (නි)
අපි එයාලගේ පැත්තෙනුත් පොඩ්ඩක් හිතමු නේද? (නි)
උපාධිය දීපන් ළමයකුට (අ)
රජයේ මුදලින් සිසුන්ට උපාධි ලබා දෙන්න හැකි ඉක්මනින් රජයේ රැකියා ලබාදී ඔවුන්ගෙන් රටට සේවයක් ලබා ගන්නයි. දැනට සිදු වන්නේ දේශපාලකයින්ට පෝස්ටර් ඇලවීම ලොකුම සුදුසු කම ලෙස සිතමින් රැකියා ලබා දී මොන අංශයකින් හෝ අධ්‍යාපනයක් ලැබූ සුදුස්සන් ගෙවල් වල හිරකර තැබීමයි. (අ)
කට්ටියට රජයේ රෝහල්,රජයේ පාසල්, රජයේ කාර්යාල කිව්වම කට ඇඹුල් වෙනවා.ඒත් රජයේ රැකියා කිව්වම එන්නේ පැනලා.(අ)
උපාධිය කරන්න පටන් ගන්නකොට තමන්ට ගැලපෙන දෙය පටන් නොගෙන අන්තිමේදී... (ර)
සැප දායක වෙනසක්. (ර)
මේගොල්ලන් මුලින් පොඩි පහේ රැකියාවක් කරන්න කැමතිත් නැහැ. අනෙක් රටවල උපාධිදාරීන් මුලින් සුළු රැකියාවක් සොයාගෙන එදිනෙදා වියදම සොයා ගන්නවා. අපේ කට්ටිය ඔක්කොම අතට පයට ආණ්ඩුවෙන් ලැබෙනකන් බලන් ඉන්නවා. (ර)
උපාධියක් තිබුනකියල රජය රැකියාවක් දෙන්න ඕන කියල කොහෙවත් තියනවද එක සුදුසුකමක් විතරයි....(රේ)
ඉල්ලීම් වෙනුවෙන් සටන් වදින එක හොද දෙයක්. (ර)
මේ අයට මොකද බැරි තමන්ගේ කුසලතා දියුණු කරගෙන පෞද්ගලික අංශයට හරි බැදෙන්න ඔක්කොම නිකන් දෙනකල් බලාගෙන ඉන්නේ නැතුව. (ර)
නිකන් උපාධියක් දීල නිකන් රැකියාත් දෙන්නත් අමාරුයි රටකට. වෙන රට වල උපාධිය ණයක් විදිහට දෙන්නේ. රැකියාව අනුව ගෙවන්න වෙන්නේ. උපාධි ගත්ත කියල රැකියා දෙන්න ඕන කියන එකට මම එකඟ නැහැ. උපාධිය එක සුදුසුකමක් විතරයි රැකියාවකට. තව බොහෝ සුදුසුකම් තියෙනවා රැකියාව අනුව. මෙතන තියන ප්‍රශ්නය තියෙන රැකියා සුදුසුකම් අනුව නොලැබීම හෙවත් නුසුදුස්සන් රැකියාවලට යාමයි. රජයට බල කළ යුත්තේ බඳවාගැනීමේ ක්‍රමවේදයන් නීතිගත කිරීම වැනි දේවල් කරන්න කියා සහ ජරා දේශපාලනය නවත්තන්න කියා මිස රැකියා දෙන්න කියා නොවෙයි. (බ)
බලාපොරොත්තු වෙන්නේ අයිස් ගහලා නිකම් පඩි ගන්න පුළුවන් රස්සාවක්. ඉතින් පුද්ගලික අංශයේ රැකියාවකට යන්නවත් කැමති නැහැ. (ර)
උපාධිදාරීන්ට රැකියා නැතිවෙන්න හේතුව රජයේ පුරප්පාඩුවලට දේශපාලකයින් මගින් සුදුසුකම් නැති අය තොග පිටින් අැතුලත් කරන එක. ඔිනම රාජ්‍ය අායතනයක් ගත්තොත් ඔය තත්වය දකින්න පුළුවන්. (ර)
පුද්ගලික අංශයේ පොඩි රැකියාවක් කළත් ආදායමක් ලැබෙනවා . එත් මේගොල්ලන් හිතන්නේ මේ රජයේ රැකියා උපාධිධාරින්ට සිංනක්කරව මව් කුසේ සිටම එන බුදලයක් කියලා. ඉතින් ඒක ලැබෙන කම්ම සටනේ. (අ)
පුද්ගලික අංශයේ පොඩි රැකියාවක් කළත් ආදායමක් ලැබෙනවානේ. එ්ත් මේ අය හිතන්නේ මේ රජයේ රැකියා උපාධිධාරීන්ට සින්නක්කරව අයිති දෙයක් කියලා. ඉතින් ඒක ලැබෙනතුරු සටනේ... (නි)
රජයේ සේවය ඇතැම්විට ගුණාත්මකබවින් අඩු වෙන්නෙත් ඒ තනතුරු දරන නමුත් අත්‍යාවශ්‍ය රැකියා කුසලතා නැති උපාධිධාරීන් නිසයි. (නි)
උපාධිධාරීන් වසර තුනක් හෝ හතරක් ඉගෙනගෙන එළියට ආවිට සුදුසුකම් වලට ගැළපෙන රැකියා පුද්ගලික අංශයේ නැහැ. එයට හේතුව පළපුරුද්ද නොමැතිකම. එහෙම ලැබෙනවා නම් 15000කින් වගේ තමා පටන්ගන්න වෙන්නේ. ඒ නිසා තමයි රජයේ රැකියා පස්සෙන් දුවන්නේ.රජය මැදිහත් වී හෝ පුද්ගලික අංශයෙන් හරි සාධාරන වැටුපක් සහිත රැකියා දෙන වැඩපිළිවෙළක් හැදුවා නම් මේ ප්‍රශ්නය ඉවරයි (නි)
ඉන්දි කියන්නේ සේවයට බැඳුනා ගමන් මේ අයට සමාගම් අධ්‍යක්ෂක කෙනෙකුගේ වැටුප දෙන්න කියලාද ? එකට තමයි මුල සිට වැඩ පුරුදු වෙලා ආයතනයට ලාභ ලබා දීලා තමන්ගේ දක්ෂතාව පෙන්වන ක්‍රමවේදයක් අවශ්‍ය වෙන්නේ. එහෙම නැතිව උපාධිය තියනවා කියලා නිකම් පුටු රත් කරන්න වැටුප් දෙන්න පුලුවන්ද ? (අ)
හරි රජයේ රැකියාව දුන්න කියමු. ඉංග්‍රීසියෙන් රාජකාරි ඊ මේල් එකක් යවන්න, සාමුහිකව වැඩ කරන්න , විනීතව සේවාව ලබා ගැනීමට එන උදවියට කතා කරන්න ලෑස්තිද? අඩු ගානේ වෙලාවට වැඩට ඇවිත් අඩුවෙන් නිවාඩු අරන් වැඩියෙන් වැඩ කරන්න ලෑස්තිද ? එහෙනම් බැරිය රැකියාවල් මවලා හරි දෙන්න ? (අ)
චන්න ඉගෙන ගෙන ඇත්නම් පුටුරත් කරන්නේ මොකටද ?ඔයා කියන්නේ උගත් කම පසෙකලා පුද්ගලික අංශයට කැඹරිය යුතුයි යන්නද ? රුපියල් 15000 රැකියා කරන්න උපාදියක් ඕනද ? අඩුම තරමින් උපාදිය හදාරන ගමන් පාර්ට් ටයිම් ජොබ් කළ හැකි වැඩ පිළිවෙලක් හෝ සැදිය යුතුයි සැම විශ්ව විද්‍යාලයකටම සධාරණයාක් වන පරිදි (අ)
ඉන්දි පෞගලික අංශයට කම්බුරන්න නෙවෙයි තමන් කොතන වැඩ කරත් මහන්සි වෙලා ඒ රාජකාරිය කරන්න ලැස්ති නැති කෙනෙකුට මම පි එච් ඩි තිබුණත් රුපියල් 15 ක් වත් දෙන්නේ නැහැ. ඔය වගේ ආකල්ප එක්ක රැකියාවට එන උපාධිධාරීන හින්දා තමයි අර කිව්වත් වගේ රාජ්‍ය සේවයේ ගරුත්වය නැතිවෙන්නේ. (අ)
ඉන්දි ඔයා ඔක්කොටම කලින් උපාධියෙයි, අත්‍යාවශ්‍ය රැකියා කුසලතා වලයි වෙනස හරියට දැන ගන්න. ඔය දෙක එකක් නෙවෙයි. (අ)
ඇත්තටම සමහර උපාධිධාරින්ට පරිගණකයක් ක්‍රියා කරවලා ඉංග්‍රීසියෙන් පාරිභෝගික ලියුමක් යවා ගන්න බැහැ. උපාධිය තිබුණට කාර්යාලයේ වැඩක් හරියට කරන්න බැරි නම් හරියට වාහනේ ගෙනියන්න බැරිව ලැබුණු ලයිසන් එක වගේ තමයි, (අ)
උපාධිය සහ රැකියාව... උපාධිය කියන්නේ සුදුසුකමක් නම් මොකේටද ඒක සුදුසු වෙන්නේ කියලා හිතලා බලන්න ඕනේ. ගොඩක් අය හිතන්නේ පොතෙන් පිට දෙයක් බෑ කියලා උපාධිධාරින්ට. අනික පෞද්ගලික අංශයේ රැකියාවල බොහෝදුරට ලාභ ලැබීමක් තමා අපේක්ෂා කරන්නේ... ඒක වැරදි නෑ. අධික ලාභ ලැබීම වගේම සේවකයාගේ පැත්තත් හිතන්න ඕනේ. මොකද එතන තියනවා අවුලක්. අඩු මුදලට වැඩි වැඩ කොටසක් තමා බලාපොරොත්තු වෙන්නේ. මෙතන තියෙන්නේ ඒ පිළිබඳව නිසි ක්‍රමවේදයක් නොමැතිකම වෙන්න පුලුුවන්. නව දැනුම යොදවන්න කැමැති නෑ.. ගොඩක් තැන් වල. උපාධිය එක්ක යාවත්කාලීන වෙනවා දැනුමකුත් තියනවා. ඒවා අද ක්‍රමවේදයට වඩා ඵලදායි වෙන්න පුලුවන්. අනික තරුණ පරපුරේ ජවය මෙතැනදී හඳුනාගෙන නෑ කියලත් හිතෙනවා. දැනුම පදනම් කරගෙන රැකියා බිහිවෙනවා නම් අවුලක් නෑ. ඔන්න එතකොට තමන්ගේ දැනුම යොදවලා වැඩ කරන්න පුළුවන්. අධ්‍යාපන ක්‍රමවේදයේ අවුලක් තියනවා.. එ්ක උපාධිය ගත්තු ගමන් නවතිනවා. මේ කට්ටිය දැනුම තියන වැඩක් කරන්න පුලුවන් අය. ඒ අයගේ හිත්තුළ ඇතිවෙන කලකිරීම තමා මේ පොඩ්ඩ පොඩ්ඩ එළියට බහින්නේ. අසහනය කියන්නත් පුලුවන්. සුදුස්සාට තැන හැදෙන්න ඕනේ. වෙන රටවල් වල මේ විදියේ ආර්ථිකයට යොදාගෙන අධික ලෙස ලාභ ලබන රටවල් බවට පත්වෙලා තියෙන්නේ..